ලියමින් සිටි බ්ලොග් ලිපිය ද නවතා මෙය ලියන්නට ගත්තේ කාරණයේ බරපතලකම නිසාම ය. ප්‍රමාද කිරීමෙන් නැතිවීමට ඉඩ ඇති එක් ජීවිතයක් හෝ බේරා ගැනීමේ අවස්ථාව ගිලිහී යාමට ඉඩ ඇති ය.
මෙය උපුටා ගත්තේ මුණිදාස කුමාරතුංග මහතා විසින් රචිත ශික්ෂා මාර්‍ගය නම් වූ සිංහල පෙළපොත් මාලාවේ දෙ වන පොතෙනි.
මේ
බ්ලොග් අඩවියේ මුල් යුගයේදීම කට්ටයයි වෙට්ටපිත්තලයයි නමින් පැරණි සිංහල පෙළපොතකින් උපුටා ගත් උපහාස කතාවක් ඉදිරිපත්
කළෙමි. (එය මෙතැනින්) මෙය ද එවැනිම කතාවකි. එය පළ කිරීමට හේතු වූ කරුණු
එහි හැඳින්වීමෙහි දැක්වෙයි. එම කරුණු මීට ද අදාළ ය.
ඊට අමතරව මෙහි සඳහන් කළ යුතු කරුණු දෙකක් වෙයි. අප පාසැල් ගිය කුඩා අවධියේ අපට වඩා ඉහල පන්තිවල සිටි අපගේ වැඩිමහලු සොයුරු සොයුරියන්ගේ සිංහල හා ඉංග්‍රීසි පෙළපොත් බැරි බැරි ගාතේ වුවද කියවීමට රුචිකත්වයක් දැක්වූයෙමු. ඒ ඒවායේ ඇතුළත් වූ විචිත්‍ර වූ කථාන්තර නිසා ය.
ප්‍රවීණ පුවත්පත් කලාවේදී හා ලේඛක සිරිලාල් කොඩිකාර මහතා සිය දිවි ගමන නිමා කළ පුවත දින කිහිපයකට පෙර අසන්නට ලැබිණ. ඒ සමගම මගේ මතකයට නැගුනේ එතුමන් ලියූ පොතක් සොයා ගොස් මා මුහුණ දුන් අපූරු අත්දැකීමකට ය.
ගෙදර හැදෙන සුරතල් සතෙකුගේ වියෝව කෙතරම් දැයි දැනෙන්නේ සතුන් කෙරෙහි දයාව හා අනුකම්පාව සිත්හී පහල වන කෙනෙකුට පමණි. සිත්පිත් නොමැති (නො)මිනිසෙකු විසින් අතුරුදන් කරන ලද අපගේ සුරතල් සුනඛයා පිළිබඳ මතකයෙන් ගොඩ එනු නොහැකි වූ හෙයින් යමක් ලිවීමට සිත එකඟ කරගත නොහැකි විය. (ඒ විස්තරය මෙතැනින්) එනිසා කලකට පෙර පරිවර්තනය කරන ලද කතාවක් මෙහි බහාලමි. එයද සුරතල් බල්ලෙකු ගැනය. උපුටා ගත්තේ Reader's Digest වෙබ් අඩවියෙනි.