රජතුමා ඉදිරියට යන්නට අවස්ථාවක් හිමිකරගත් වැඩකාර දේශප්‍රේමියෙක් සාක්කුවෙන් කොලයක් එලියට ඇදලා පෙන්නමින් මෙහෙම කිව්වා.
"නිරන්තරයෙන් වැටෙන ජල බිංදුවෙන් ගලෙහි සිදුරක් සැදෙන්නේ බලය නිසා නොව නොනවත්වා පැවතීම නිසාය." - ඕවිඩ්
රජතුමා ඉදිරියට යන්නට අවස්ථාවක් හිමිකරගත් වැඩකාර දේශප්‍රේමියෙක් සාක්කුවෙන් කොලයක් එලියට ඇදලා පෙන්නමින් මෙහෙම කිව්වා.
නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අරාබි ලේඛකයා වන ඊජිප්තු ලේඛක Naguib Mahfouz ගේ Half a Day කතාවේ පරිවර්තනයකි.
![]() |
| (cartoon movement වෙතින්) |
තාත්තාගේ අතේ එල්ලීගෙන ඔහු තබන දිගු පියවර හා පෑහෙන්නට දුවමින් තාත්තාත් සමග ඉදිරියට ගමන් කළෙමි. කලු සපත්තු, කොළ පැහැති පාසැල් නිල ඇඳුම හා රතුපාට කුර්දි තොප්පිය ආදී මාගේ සියළුම ඇඳුම් අළුත්ම ඒවා විය. කෙසේ වුවද අළුත් ඇඳුම් පිළිබඳ දැනුන සතුට සපුරා විඳගන්නට නොහැකි වු කරුණ වූයේ එය උත්සව දිනයක් නොවී මා පළමුවෙන්ම පාසැල් යන දිනය වීම ය.
කැනේඩියානු ලේඛක යාන් මාර්ටල් ප්‍රකට වූයේ ඔහු විසින් රචිත Life of Pi කෘතිය නිසා ය. මේ සඳහා 2002දී ඔහුට බුකර් සම්මානය හිමි වු අතර එය ඇසුරින් සිනමා නිර්මාණයක් මෙන්ම වේදිකා නිර්මාණයක් ද බිහි විය. (හිරාන් අබේසේකරට හොඳම නළුවා සඳහා වූ ලෝරන්ස් ඔලිවියර් සම්මානය හිමිකර දුන්නේ ද එම වේදිකා නාට්‍යයයි.) We ate the children last නමින් ඔහු ලියූ කෙටිකතාවේ පරිවර්තනයයි මේ. විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපයෙන් ලියවී ඇති මෙය වත්මන් සමාජයේ හැසිරීම හා එය පාලනය කරන බල අධිකාරිය තියුණු විවේචනයකට ලක්කරයි. අප රටේ මෑත භාගයේ ඇති වූ දේශපාලන චලනය ද මේ උපහාසාත්මක රචනය හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙහි වරදක් නැතැයි සිතමි.
1. මායා මාවත
ජූනියේ දිගු සන්ධ්‍ය ආලෝකය රාත්‍රියෙහි ගිලී ගියේය. නගරයේ වීදි මතත් ලිෆී ගංගාවේ අඳුරු ජලකඳ මතත් වලාකුළු කැටි තුලින් පෙරී ආ මලානික සඳඑළිය විසින් හිමිදිරිය උදාවන්නට ආසන්නයේ නැගෙන දීප්තිය බඳුව තවරා තිබූ සුදුමැලි ආලෝකය හැරෙන්නට ඩබ්ලින් නගරයම අඳුරින් වැසී තිබුනි. වට කරනු ලැබූ උසාවි සංකීර්ණය අවට බර අවි ගිගුම් දුන්නේය. නගරය පුරාම හුදෙකලා ගොවිපළවල බල්ලන් බුරන්නාක් මෙන් අතරින් පතර හඬ නැගූ මැෂින් තුවක්කු හා රයිෆල් රාත්‍රියේ නිශ්චලබව බිඳ දැමීය. සමූහාණ්ඩුවාදීහු හා නිදහස් රාජ්‍යවාදීහු සිවිල් යුද්ධයක නිරතව සිටියහ.
ලෝකය පුරාම පෙර රජවරුන් රජ කළ සමයේ ද අද මෙන්ම රජුගේ රාජ සභාවේ කවටයකු සිටි බව ප්‍රකට ය. මේ කාලයේ මෙන්ම ඒ කාලයේ ද කවටයාගේ රාජකාරිය වූයේ රජතුමා සතුටින් තැබීම ය. මෙම කාර්යය සඳහා කෙරුනු අකට විකට වලදී සියුම් උපහාසය තුලින් රජතුමා පවා විවේචනයට ලක් කරන්නට ඔහු පසුබට නොවුන බව ද එවන් අවස්ථාවලදී රජු කෝපයට පත් නොවුන බව ද එම යුගවලට අයත් ජන ප්‍රවාද පිරික්සීමෙන් පෙනී යයි. එසේම අදට වඩා හොඳින් එවකට සිටි කවටයින් එම කාර්යය කළ බව ද ඒ කතා වලට සවන් දීමේදී පෙනී යයි.
සිසිරා
බොහෝ කල් ගෙයක මෙහෙය කෙළේ ය, බර මෙහෙ කෙළේ ය, වෙහෙස නො බලා මෙහෙ කෙළේ ය, කෑම ඇඳීම
පමණක් ම ලැබ මෙහෙ කෙළේ ය. හවුරුදු සයකට පසු ගෙ හිමියෝ සිසිරාට රන් දහසක් දී ඔහු
නිදහස් කළ හ.
හා!
සිසිරා ගේ ප්‍රීතිය! හේ නැටී ය. ගී කී ය, මහා සිනාසිණ, කුරුල්ලකු මෙන් පියා හඹන්නට
ද තැත් කළ. නිදහස් බව සිසිරාට ද එ පමණ ප්‍රිය විය. මෙ සේ යන ඔහුට ඔබල වූ මිටි
සිරුරු ඇති අසරණයෙක් සමු වූයේ ය.
'මට
හිඟමනක් දෙන්න. මම ඔබට කැමැති වර තුනක් දෙමි.'
‘හඃ
හඃ හා! මගෙන් හිඟමන් ඉල්ලන ඔබ යි මට වර දෙන්නේ! ඒ කවටකමින් කමෙක් නෑ, මෙන්න ඔබට
මුදල්. මා ඉපැද මෙ තෙකට ලැබුනේ මෙ පමණ යි. ගන්න, ගන්න. හොඳට කන්න, හොඳට බොන්න.
මටත් වඩා ප්‍රීත වෙන්න.’
මෙ
සේ කියා සිසිරා යන්නට හැරුනේ ය.
අසරණයා
ඔහුට යන්නට නුදුන්නේ ය.
‘නෑ,
නෑ. එ සේ යන්නට නොදෙමි. මා දිළිඳු මුදලිනු යි, වරයෙන් නො වේ. එක් වරයක් ඉල්ලා
බලන්න.’
‘මට
නො වරදින තුවක්කුවක් දෙන්න.’
ආශ්චර්‍යයෙකි!
සැණෙකින් සිසිරා ගේ අතෙහි තුවක්කුවෙක් පහළ විය. සතුටට පත් සිසිරා නටවන වීණාවක්
ඉල්ලී ය. එය ද සැණෙකින් පහළ විය. එය වයන කල නො නටා සිටිය හැක්කෙක් නැති. ඉක්බිති
සිසිරා තමා ගේ ඉල්ලීමක් නො සිස් වන්නට ද වර ලබා-ගෙන, අද්භූත වූ අසරණයාට හිස නමා නැඟී
ගියේ ය.
මඳක්
දුර යන විට සිසිරා හඳුනන්නෙක් සමු විය. හේ තද මසුරෙකි. මුදල් ණයට දී අයුතු පොළී
ගන්නෙකි. හේ ගසෙක උන් රන්වන් කුරුල්ලකු දෙස මහත් ආශාවෙන් බලා උන්නේ ය. සිසිරා ඔහුට
කවටකමක් කරන්නට සිතා, ‘කුමක් ද මේ බලා ඉන්නේ’
යි ඇසී ය.
‘අර
රන්වන් කුරුල්ලා. මේ අතේ කිමෙක් ද?’
‘නො
වරදින තුවක්කුවක්.’
‘හා!
එසේ නම් අර කුරුල්ලා හෙළන්න.’
සිසිරා
තුවක්කුව එල්ල කළා පමණෙකි, කුරුල්ලා අසල කටු පඳුරට වැටුණේ ය. මසුරා වහා එයට බඩ
ගෑයේ ය.
‘දැන්
තමා අයුතු පොළී ගත්තාට දඬුවම් කරන්නට කාලය.’
මෙ සේ කියා සිසිරා වීණාව ගෙන වයන්නට වන්නේ ය. කුරුල්ලා ගැනුම තබා මසුරා කරන්නට
වන්නේ අනෙකකි. කෙ බඳු නැටුමෙක් ද? බලවු! බලවු! මසුරා ගේ අත යන සැටි! පය යන සැටි!
හිස නැමෙන සැටි! කඳ ඇඹරෙන සැටි! මසුරා කිසි නැටුමක් නො දන්නෙකි; එහෙත් සිසිරා එ
බඳු හොඳ නැටුමක් කිසි කලෙක නුදුටුයේ ය. අභාග්‍යය නම් ඒ කටු පඳුරක් වීම යි. නටත් නටත්,
මසුරා ගේ පිළි ඉරී-ගියේ ය. රවුළ සිඳී ගියේ ය, කෙස් අවුල් වී ගියේ ය, සම සීරී ගියේ
ය, සර්‍වාංගයෙන් ලේ ගලන්නට වන. 'අහෝ, නැවැත් වුව මැනව, නැවැත්වුව මැනැව' යි මහ-හඬ නැගූව ද සිසිරාට ඒ නො ඇසෙයි. හේ වය යි.
මසුරා නට යි.
බැරි
තැන මසුරා, ‘මුදල් පසුම්බිය දෙමැ’යි
කියා වීණාව නවතන ලෙස ඇයැදියේ ය. සිසිරාට මුදලින් කම් නැති. එහෙත් අයුතු පොළී කොට
ලත් මුදල් ගැනීම වරදෙකැයි නොසිතුනේ ය. එ හෙයින් හේ කැමැති ව වීණාව නැවැත්වී ය.
මසුරා පඳුරින් මෑත් ව මුදල් පසුම්බිය දී, ‘මම
කටයුතු දනිමි’ යි කියමින් නික්මුණේ ය. සිසිරා ද සිනා සෙමින්
මුදල් පසුම්බිය ගෙන, කැමැති අතෙක ගියේ ය.
මසුරා
ගියේ අධිකරණයට ය. හේ එහි මහ හඬින් හඬා තමා
ගේ නඩුව කී ය.
‘පින්වත්
සාමි දරුවෙනි, ම ගේ පිළි බැලුව මැනැවි, ගතින් ගලන ලේ බැලුව මැනැවි. එක් සොරෙක් මට
මේ ගැහැට කොට, ම ගේ මුදල් පසුම්බිය ද ගත. හේ දැන් මහ වත යෙමින් සිටියේ ය. වහා
නියුක්තයන් යවා ඔහු ගත මැනැවි.’
අධිකරණ
නායකයෝ සිසිරා ගෙන් වූ හ. තතු විමැසූ හ. ‘මට
දුන් පසුම්බිය ය මා ගත්තේ’ ය යි කී සිසිරා ගේ බස් නො හදහා, ඔහු ජීව ශූලයෙහි හිඳුවන්නට නියම කළ
හ. ‘ඔබ හැම මා හුල හිඳුවන තැනට අව මැනැවැ’ යි සිසිරා යැදියේ ය. අධිකරණ නායකයෝ ‘මැනැවැ’ යි
ගිවිසිය හ.
වධකයෝ
සිසිරා ගෙන, වධ බිමට ගියෝ ය. අධිකරණ නායකයෝ ද සපිරිවර ව ගිය හ. මසුරා ද ‘සතුරා නසින හැටි බලමි’
යි ගියේ ම ය. ‘ම ගේ වීණාව වයා මැරෙන්නට අවසර දුන මැනැවැ’ යි සිසිරා යැදියේ ය. මසුරා ‘එපා, එපා’
ය යි මහ හඬ නඟතුදු, අධිකරණ නායකයෝ ‘මැනැව’ යි කී හ. ‘මා
බඳුව, බඳුව’ යි මසුරා බැගෑ පත් ව යැදියේ ය. සියල්ලෝ ඔහු
පිස්සකු කොට-ගත් හ.
සිසිරා
වීණාව වයන්නට වන්නේ ය.
අධිකරණ
නායකයෝ ද වධකයෝ ද මසුරා ඇතුළු සෙසූ සියල්ලෝ ද, පළමු කොට හිසින් තාලය බලන්නට වන් හ.
දෙ වැනි ව, අත් නගන්නට හෙලන්නට වන් හ. ඉක්බිති පාද ඔසවන්නට වන් හ. කදිම
නැටුමෙකි.කල් යත් යත් නැටුම වේගවත් ය. පැයක් පමණ නැටූ පසු සියල්ලන් ගේ ගතින් ඩා
වැගිරෙන්නට විය. කටින් සුසුම් හඬ නික්මෙන්නට විය. නවත්වන්නට කියන බස සිසිරාට
නොඇසේ. හෝරාවක් පමණ නටා, ඉතා වෙහෙස වූ අධිකරණ නායකයෝ, සිසිරාට කිසි දඬුවමක් නො කරන
බව කියා වීණාව නැවැත් වූ හ. සිසිරා සත්‍ය ප්‍රවෘත්තිය කීයේ ය. අධිකරණ නායකයෝ මසුරා
හුල හිඳුවා සිසිරා මිදූ හ.
මෙය උපුටා ගත්තේ මුණිදාස කුමාරතුංග මහතා විසින් රචිත ශික්ෂා මාර්‍ගය නම් වූ සිංහල පෙළපොත් මාලාවේ දෙ වන පොතෙනි.
මේ
බ්ලොග් අඩවියේ මුල් යුගයේදීම කට්ටයයි වෙට්ටපිත්තලයයි නමින් පැරණි සිංහල පෙළපොතකින් උපුටා ගත් උපහාස කතාවක් ඉදිරිපත්
කළෙමි. (එය මෙතැනින්) මෙය ද එවැනිම කතාවකි. එය පළ කිරීමට හේතු වූ කරුණු
එහි හැඳින්වීමෙහි දැක්වෙයි. එම කරුණු මීට ද අදාළ ය.
ඊට අමතරව මෙහි සඳහන් කළ යුතු කරුණු දෙකක් වෙයි. අප පාසැල් ගිය කුඩා අවධියේ අපට වඩා ඉහල පන්තිවල සිටි අපගේ වැඩිමහලු සොයුරු සොයුරියන්ගේ සිංහල හා ඉංග්‍රීසි පෙළපොත් බැරි බැරි ගාතේ වුවද කියවීමට රුචිකත්වයක් දැක්වූයෙමු. ඒ ඒවායේ ඇතුළත් වූ විචිත්‍ර වූ කථාන්තර නිසා ය.
ගෙදර හැදෙන සුරතල් සතෙකුගේ වියෝව කෙතරම් දැයි දැනෙන්නේ සතුන් කෙරෙහි දයාව හා අනුකම්පාව සිත්හී පහල වන කෙනෙකුට පමණි. සිත්පිත් නොමැති (නො)මිනිසෙකු විසින් අතුරුදන් කරන ලද අපගේ සුරතල් සුනඛයා පිළිබඳ මතකයෙන් ගොඩ එනු නොහැකි වූ හෙයින් යමක් ලිවීමට සිත එකඟ කරගත නොහැකි විය. (ඒ විස්තරය මෙතැනින්) එනිසා කලකට පෙර පරිවර්තනය කරන ලද කතාවක් මෙහි බහාලමි. එයද සුරතල් බල්ලෙකු ගැනය. උපුටා ගත්තේ Reader's Digest වෙබ් අඩවියෙනි.
ලේඛකයා
පිළිබඳව:
ජෝර්ජ් ඕවල් (1903 – 1950) නම් ලේඛකයා ලොව ප්‍රකට වූයේ Animal Farm හා Nineteen Eighty-Four යන කෘති දෙක නිසා ය. එම කෘති දෙකින්ම නිදහස පිළිබඳ මිනිසාගේ ආශාව හා එය යටපත් කිරීම සඳහා මිනිසා විසින්ම ගන්නා පියවර පිළිබඳව තියුණු විවේචනයක් එල්ල කරයි. මේ කෘති දෙකම සිංහලෙන් පළ වී පාඨකයින්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ නිර්මාණ වෙති. 1931 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද පහත දැක්වෙන නිබන්ධය (essay) ඔහුගේ මුල් කාලයේ නිර්මාණවලට අයත් ය. මෙය නිබන්ධයක් ලෙස හෝ කෙටිකථාවක් ලෙස හෝ වර්ග කිරීම ද විවාදයට තුඩු දී ඇත. වරෙක ලේඛකයා විසින්ම කතාවක් සේ හඳුන්වා ඇති මෙම නිර්මාණය තවත් තැනක ඔහු හඳුන්වා ඇත්තේ නිබන්ධයක් ලෙස ය. කෙසේ වුව ද බ්‍රිතාන්‍යයන් විසින් බුරුමය පාලනය කළ යුගය පසුබිම් කරගෙන ලියවී ඇති මෙය ලේඛකයා බුරුමයේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කළ කාලයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචනා කරන ලද්දක් සේ සැලකේ.
මරණීය දණ්ඩනය ඡන්ද පොරොන්දුවක් වී ඇති මෙකළ කියවීමට වටිනා ලියවිල්ලක් ලෙස දකිමි.
එල්ලා මැරීම
ඒ බුරුමයේ වැස්සෙන් තෙතබරිත වූ උදෑසනක් විය. කහ පැහැති ඇළුමිනියම් කොල මෙන් මලානික වූ ආලෝකයක් උස් තාප්ප වලට ඉහලින් සිරගෙදර මිදුලට පතිත වෙමින් තිබිණ. අපි මරණයට නියම වූ සිරකරුවන්ට වෙන්කර ඇති සිරකුටි අසල බලා සිටියෙමු.
එක්තරා රටක හිටපු තරුණයෙකුට ඕනැ උනා හොඳ බිස්නස් එකක් කරලා තමන්ගෙ පවුල නඩත්තු කරන්න. ඔහු දහඅතේ කල්පනා කළා මොකද්ද පටන්ගන්නේ කියලා. මෙහෙම කල්පනා කරමින් ඉන්නකොට එයාට මුණගැහුනා ලෝකය පුරාම ඇවිදල හුඟක් දේවල් දැනකියාගත් කෙනෙක්. තමන් ලෝකෙ පුරාම යද්දි දැකපු දේවල් විස්තර කරන අතරෙ එක රටක් ගැන කිව්වා. ඒ රටේ ලූනු නෑ. ඉතින් ඒ රටේ මිනිස්සු කවදාවත් ලූනු දැකල තිබුනෙ නෑ.
පහත දැක්වෙන කතාංගයට පසුබිම් වන්නේ අමෙරිකාවේ කුඩා ජනපදයක (county) ෂෙරීෆ්වරයෙකු තෝරාගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්දයකට සිය අපේක්ෂකයා තෝරාගැනීම සඳහා එම පලාතේ ප්‍රභූ පුරවැසියන් කිහිපදෙනෙකු අතර පැවැත්වෙන සාකච්ඡාවකි. ෂෙරීෆ් යනු ජනපදයක නීතිය ආරක්ෂා කරමින් සාමය පවත්වාගෙන යාම සඳහා එම පලාතේ පුරවැසියන්ගේ ඡන්දයෙන් පත්කර ගත් නිලධාරියා හැඳින්වෙන නමයි. මෙම නවකතාව මුද්‍රණය වී ඇත්තේ 1922 වර්ෂයේදීය. එයට පසුබිම් වන්නේ 19වන ශතවර්ෂයේ අගභාගයයි. එකල මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගත් ආකාරය හා අද අප ජීවත්වන 21වන ශතවර්ෂයේ මැතිවරණ වලට අපේක්ෂකයින් තෝරාගන්නා ආකාරය අතර වැඩි වෙනසක් නොමැති බව කතාව කියවන විට පෙනීයයි.
“ඌරෙක්ගෙ
හැඩයට?” නගර-පාලක හඬ නැගීය.
“ඌරෙක්ගෙ හැඩයට.” කියූ පණිවිඩකරුවා නික්ම ගියේය.
“අසුබ අවුරුද්දක අසුබ දවසක්.” නගර-පාලක පසුතැවිලි විය.
“තමා කවුද?” අවසානයේ ඔහුගේ මුවින් එළියට පැන්නේය. ගල්ගැසී සිටි මා ඉන් මිදී වහා නැගිට සිටියේ එවිටය. මම ලෙෆ්ටිනන්ට් කර්නල් වරයෙකු බවත් ඔහුගේ කායාරක්ෂකයෙකු බවත් කියා සිටියෙමි.
“වාඩි වෙනවා.” ඔහුගේ කටහඬෙහි නොපහන්බවක් බවක් පෙනෙන්නට තිබිණ.
දිමිත්‍රි සාටොන්ස්කි
මෙය කියවීමට පෙර පළමු කොටස මෙතැනින් කියවන්න
අපගේ රාජකාරිය වූයේම කිසිවකුගේ අවධානයට ලක් නොවන සේ සිටීමයි. හුරුපුරුදු දේවල් පිටුපස සැඟවීම, පසුබිමෙහි රැඳී සිටීම, ජනයා අතරම නොපෙනී යාම ඒ සඳහා යොදාගත් උපක්‍රමයි. පෙනෙන ලෙස සිටියදී පවා කිසිවකු අප දුටුවේ නැත. රාජ්‍ය නායකයා අප පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකළේය. ඔහුගේ පය පැකිළුනොත්, වැටෙන්නට ගියහොත් හෝ සමබරතාව ගිලිහී ගියහොත්