Showing posts with label කම්පන තරංග. Show all posts
Showing posts with label කම්පන තරංග. Show all posts

අද රෑ ඇය කවුරු වෙයි ද?


"අපේ වැඩේ ඉවර උනහම සල්ලි ඩ්‍රෙසිං ටේබල් එක උඩ තියන්න." 

ඇය එසේ කීමෙන් පසුව ඇයට හුස්ම ගැනීමට පවා අපහසු වන තරමට ඔහු ඇගේ සිරුර මතට බර දුන්නේය. ඔහු සිටියේ බීමත්ව ය. එකම ලෙසට ඇරඹී, එකම ලෙසට පැවතී, එකම ලෙසට අවසන් වූ අයුරු බැලීමේදී සෑම රාත්‍රියකම සිටියේ එකම මිනිසා ය. සෑම මිනිසෙකුටම වෙනස් වූ නමක් තිබුන ද බරත් මුදලත් එකම විය. 

ඇය ද සෑම රාත්‍රියකම එකම ගැහැණිය නොවූවාය. පසුගිය රාත්‍රියේ ඒ මිනිසා තම පිළිකුල්සහගත බරින් ඇය තෙරපාගෙන සිටියදී ඇය වේදිකාවක් මත රෝස මල්, ඔල්වරසන් හා සුළඟේ පා කර එවූ හාදු පිළිගනිමින් සිටි ඔපෙරා ගායිකාවක වූවාය. ඊට පෙරදින රාත්‍රියේ ඇය සමරු සටහනක්, ඡායාරූපයක් නැතිනම්  "කොහොමද ඉතින්?" යනුවෙන් සුහද වදනක් ඇයගෙන් ලබාගන්නට නැතිනම් අඩු තරමින් ඇගේ ඇස් බැල්මකට හෝ යොමුවන්නට පොරකන ආදරයෙන් උමතු වූ රසිකයන් පිරිසක් මැද සිටි ආකර්ෂණීය නැගී එන නිළියකි. 

අද රාත්‍රියෙහි ඇය රැජිණකි; ඇයගේ සියළු ආශාවන් ඉටුකරදීමට කැපවූ යටත් වැසියන්, සුදු අශ්වයින් හයදෙනෙකු බැඳ අශ්ව කරත්තයක් හා පාද තැබීමට එලූ රතු පළසක් ඇති, ඇගේ පිළිකුලට ලක්වූ ගැමියන්ගෙන් ලැබුන ආචාර සමාචාර හිමි වූ රැජිණකි. ඇය සිටින්නේ ඔවුන්ගෙන් බොහෝ දුරක ය. ඔවුන්ට කළහැක්කේ ඇය සිටින මාලිගය සිතින් මවාගැනීම පමණකි. ඇයට කළහැක්කේ ඔවුන් පෙනෙන තරම් අපිරිසිදු හා පිළිකුල් සහගත නැතැයි සිතින් මවාගැනීම පමණකි. සුඛ විහරණයෙන් මෘදු වූ ඇගේ දෑත්වලින් ඔවුන් ස්පර්ශ කළේ නැත. ඇය ස්පර්ශ කිරීමට ඔවුන්ට අවසර නොතිබිණ. සුදු පැහැති අත්වැසුම් පැළඳි අත වනමින්, සායම් තැවරූ චිත්‍රයක් මෙන් සිනාවක් මුහුණෙහි රඳවාගනිමින් ඇය ගම් හරහා සංචාරය කළාය. කෙතරම් අසිරිමත් රැජිණක් ද ඇය, දැකබලා ගන්නට තරම් වටින. 

ඇය තෙරපාගෙන සිටි  බර සිරුර ද කාමරය ද අතහැර ඉවතට ගියේය. ඇඳෙන් බිමට රෝල් වූ ඇය මුදල් සඟවා තබා ඊලඟ දිනයේ රාත්‍රිය එනතෙක් බලාසිටියාය. 

 Tammy Ruggles නම් ලේඛිකාවගේ Who Will She Be Tonight? නම් කෙටිකතාවේ පරිවර්තනයකි. 

අහස නිල් පාටයි

 

    "මා සිටින්නේ බිර්සීට් සිට රමල්ලා වෙත යන අතරමග සුර්දා ඊශ්රායල් හමුදා මුරපොලෙහි ය. බස්රථය කොතරම් වේලාවක් මෙතැන රඳවාගෙන සිටීදැයි කවුරුත් දන්නේ නැත. හමුදා ජීප්රථයක් පාර හරස් වන ලෙස නවතා ඇත. තවත් ජීප්රථයක සිටින හමුදා භටයින් පිරිසක් තුවක්කු අතැතිව බලා සිටිති. ඔවුන් සිටින්නේ වෙඩි තැබීමට සුදානමිනි. වාහන නැවැත්වීමට අණකරන සංඥා පුවරුව අසල ටයර් සිදුරු කළ හැකි බාධකයක් දමා තිබේ. බස් රථයේ ඉදිරි අසුනේ වාඩිවීමට මා ගත් තීරණය දැන් මට දැනෙන්නේ මෝඩකමක් ලෙස ය. 

යුද පෙරමුණට ගිය කවියා

 සිග්ෆ්‍රීඩ් සසූන් (Siegfried Sassoon) පළමු ලෝක යුද්ධයේ දී යුුද පෙරමුණෙහි සටන් කළ බ්‍රිතාන්‍ය ජාතික සොල්දාදුවෙකි. සටන් පෙරමුණෙහි ඔහු දැක්වූ එඩිතරබව හා දක්ෂතාව නිසා ඔහුට කපිතාන් තනතුර දක්වා උසස් වීමට හැකි විය. අද ඔහුු ලොව ප්‍රකට වී ඇත්තේ ශ්‍රේෂ්ඨ කවියෙකු වශයෙනි. ඔහුගේ බොහෝ කවි යුද පෙරමුණෙහි සෙබලුන් අත්විඳි කෘෘරත්වය විස්තර කරන අතර යුද්ධයට වගකිවයුත්තන්ගේ ව්‍යාජ දේශප්‍රේමිත්වය උපහාසයට ලක් කරයි.

සින්ඩරෙල්ලා සොයා!



ගොම්මනේ සිට හිමිදිරිය තෙක්
එක් නගරයක සිට තවත් නගරයකට

අංශක එකසිය අසූව


Federico Moramarco කවියාගේ One Hundred and Eighty Degrees නම් කවියේ පරිවර්තනයකි.



සිතාබලා ඇතිද ඔබ හරි යයි සිතන හැමදේම
වැරදි බව පෙනෙන්නට ඇති හැකියාව ගැන,
ටිකක් හෙම නෙවෙයි, සපුරාම වරදින්නට,
කිසිවක් ඒ පෙනෙන විදියටම නොතිබෙන්නට?

කෙනෙකුට රස කෙනෙකුට වස!

                           

අමෙරිකානු කවියෙකු වූ ආතර් ගිටර්මන්ගේ What One Approves, Another Scorns හා On the Vanity of Earthly Greatness  කවිවල පරිවර්තන.

අවජාතක

    කලු අමෙරිකානු කවියෙකු වූ ලැංග්ස්ටන් හියුස් ගේ Cross නම් වූ කවියේ පරිවර්තනයකි. මීට පෙර ද මා ලැංග්ස්ටන් හියුස්ගේ කෙටි කතාවක් ගැලවීම නමින් පරිවර්තනය කළෙමි.  කලු අමෙරිකානු කවියෙකු ලෙස ඔහු වර්ණභේදවාදී සමාජයක කලු ජාතිකයන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් සිය නිර්මාණ වලට පාදක කරගත්තේය.
එමෙන්ම මෙම කවියට ඔහු යොදාගන්නා Cross නම් වූ මාතෘකාව පිළිබඳව ද යමක් කිවයුතු වෙයි. cross නම් වූ ඉංග්‍රීසි වදන අරුත් ගණනාවක් මතු කරයි. ඉන් දෙමුහුන් නැත්නම් කළවම් වීම, කෝපය හා කුරුසිය යන ඇඟවීම් මෙම කවියට අදාළ කරගත හැකි වේ යයි සිතමි. ජේසුතුමන් කර තබාගෙන ගිය එමෙන්ම ඇණගැසුම් කෑ කුරුසිය සිහිපත් තරගත් විට පාපය, අන් අයගේ පාප ක්‍රියා වෙනුවෙන් දුක් ඉසිලීම හා පරිත්‍යාගය යන අරුත් මතුකර ගතහැකිය. මා මෙහි මාතෘකාව ලෙස යොදාගත් "අවජාතක" නම් වදනෙහි මේ අරුත් සියල්ල ගැබ් නොවන බව පැහැදිළි වුවත් ඒ අරුත් සියල්ල ගැබ්වන සිංහල වදනක් සිතාගත නොහැකි විය.

මරාසාද්



 රොස් වෙලා ඔවුන්ගේ හොද්ද ;

හොඳ හොදි ඉල්ලා මොර දෙනවා ඔවුන්

ගැහැනියකට රුස්සන්නෙ නෑ ඇගේ අඟුටුමිටි සැමියා ;

ඈ සොයනවා නවරියන් සැමියකු

මිනිසෙකුට අප්පිරියයි සිය කැහැටු බිරිඳ ;

ඔහු පතනවා පුෂ්ටිමත් බිරියක් 

නැවත වරක් මතක් කරමි


(cartoon movement වෙතින්)


 නොබෙල් සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං විසින් රචිත Prisons we choose to live inside නම් කෘතියේ When in future they look back on us නමින් යුත් පළමු පරිච්ඡේදයෙන් උපුටා ගත් ඡේදයකි මේ.

බ්‍රසල්ස්හි දී බ්‍රිතාන්‍ය හා ඉතාලි පාපන්දු ක්‍රීඩාලෝලීන් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාවේ බලා සිටියවුන් හා විස්තර විචාරකයින් දිගින් දිගටම අවධාරණය කළ පරිදි ඔවුන් ක්‍රියා කළේ සතුන් ලෙස ය. බ්‍රිතාන්‍ය කලහකාරීහු තමන් විසින් මරා දමන ලද මිනිසුන්ගේ මලසිරුරු මතට මූත්‍ර කරනු පෙනිණ. මට සිතෙන ආකාරයට ‘සත්ත්ව’ යන වචනය මෙතැනට ගැළපෙන්නේ නැත. මෙය සත්ත්ව චර්යාවක් දැයි මා හරියටම නොදන්නා නමුදු සැබැවින්ම එය මානව චර්යාවකි. අපගේ ඉතිහාසය කිනම් අවස්ථාවක දී සත්ත්වයින්ගේ ඉතිහාසය ලෙස නොව මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ලෙස ලියැවෙන්නට පටන් ගත්තේද යන්න තීරණය වන දිනය අනුව, සමහරවිට අවුරුදු දහස් ගණනක් නැතිනම් බොහෝවිට වන්නට ඉඩ ඇති පරිදි අවුරුදු දසලක්ෂ ගණනක් පැවතී ඇති ම්ලේච්ඡත්වයට ආපසු ගමන් කළ පසු දක්නට ලැබෙන මානව චර්යාවකි."

මරණයට අත වනන මුත්‍ර කිරීම





මිනිසා සමාජයෙහි ජීවත් වීම සඳහා යම් යම් චර්යා රටා ගොඩනගා ගෙන සිටී. මෙය පසු කලෙක රටක නීති පද්ධතියක්, ව්‍යවස්ථාවක් දක්වා ගමන් කරන්නට ඇත. මෙසේ නිල හා නොනිල වශයෙන් පනවා ගත් නීති හා සමාජ සම්මත  සමාජයට කොතෙක් දුරට හිතකර ද යන්න විවාදාපන්න වූ මාතෘකාවකි. මිනිසා වෙනුවෙන් පනවා ගත් සම්මතයක් සතෙකුට ආරෝපනය කිරීම හා ඒ අනුව ඌට මරණීය දණ්ඩනය පැනවීම පිළිබඳව නම් විවාදයක් තිබිය නොහැකිය. 

ලියා දන්වන වග නම්...

 

(cartoonmovement.com)


මහ පොලව, මහ පොලව,

නුඹ මෙරිගෝ රවුමේ නැගගෙන

විනාශයේ පතුළටම යයි,

මහ මුහුද උකුම උකු හොදි හැලියක් කර

පැසවා සැරව උතුරන ගුහා පිරි.

අහම්බෙන් මොහොතක

             

                           (ඡායාරූපය bsnscb.com වෙතින්)


කෙලි කවට සිනා කැටි පෙණ නගන සතුටු සාමීචි දිය දහර

මතක කොදෙව්වේ රැඳුනු එක් තැනක නැවතුන මොහොතක,

හිරිවැටී ගොළු වීය සිත, සැනින් මතුවූ මතකයෙන්.

කොපමණ කලකට පෙරද අප ගියේ ඒ ඉසව්වට!

ඔබ නැති දවස

                                                                



පොත්ගුලේ අසුන් සැම

එකින් එක පිරී යත

ඈත මීදුමින් වැසි

කඳු මුදුන වගෙයි සිත

පියවර

 

   


 නයිජීරියානු ලේඛක Samson O. O. Amali විසින් රචිත Strides නම් කවි පංතියෙහි පරිවර්තනයකි.
                                                         


පියවර

බලන්න අර දරුවා දෙස,

ලඟින්, ලඟින් පා තබමින් මවගෙ පිටුපසින් දිව යන.

ඝානා ජාතික කවියෙකු වූ Jawa Apronti විසින් රචිත Question නම් කවියේ පරිවර්තනයකි.

                                                                    ප්‍රශ්නාර්ථය



  කළු මිනිසාණනි,

යන්නෙ නැද්ද ඔබ හඳට?

කියන්නට එපා මට ඔබේ

ජුජූ තාක්ෂණය

නොසෑහෙතැයි කියා එයට.

 මෙය කීර්තිමත් ඊශ්රායල් ජාතික කවියෙකු වන Yehuda Amichai විසින් රචිත Diameter of a Bomb නම් කවියේ පරිවර්තනයකි.


                   බෝම්බයේ විෂ්කම්භය

                 



තිහයි සෙන්ටිමීටර බෝම්බයේ විෂ්කම්හය
මීටර හතක් විතරයි බලපාන වපසරිය