මෙය කීර්තිමත් ඊශ්රායල් ජාතික කවියෙකු වන Yehuda Amichai විසින් රචිත Diameter of a Bomb නම් කවියේ පරිවර්තනයකි.


                   බෝම්බයේ විෂ්කම්භය

                 



තිහයි සෙන්ටිමීටර බෝම්බයේ විෂ්කම්හය
මීටර හතක් විතරයි බලපාන වපසරිය
මැරුනෙ හතරයි, තුවාල එකොලහකටයි.
මේ වටා, වේදනාවේත් කාලයේත් ලොකු කවයක,
ඉස්පිරිතාල දෙකක්, එක සොහොන් පිටියක්. ඒත්,
 තරුණ යුවතිය, කිලෝමීටර් සියණනක් දුර ඉඳන් ඇවිත්
 වැළලුන මේ නගරයේ ම,
 කවය තවත් ගොඩක් ලොකු කරනව.
මුහුදින් එහා ඈත රටක, තවත් කොනක, හුදෙකලාවම,
ඇගෙ මරණය ගැන වැළපෙන ඒ මිනිසා
ගේනවා මේ කවය තුළට මුලු ලෝකෙම.
අකමැතියි මම සඳහනකුදු කරන්නට,
දෙවිඳුන්ගේ සිහසුන වෙත, එයිනුත් තව තව එහාට,
ඇසෙන අනාථයින්ගේ හැඬුම් හඬ මවන
නිමාවකුත් නැති, දෙවිකෙනෙකුත් නැති කවය ගැන ,

No comments:

Post a Comment