විනිශ්චය xxiii

 මේ සියල්ල ඇරඹුන හැටි මෙතැනින් බලන්න.

                                                 පරිච්ඡේදය 16

                                                   පළමු කොටස



  මැක්ග්‍රාත් සිරගෙදරින් ඉවතට රැගෙන යාම සඳහා තවමත් වේලාසන වැඩිය. හන්ටර් විනිශ්චයකාරයා මැක්ග්‍රාත් කැනන් සිටි වෙත මාරු කර එහිදී මරණීය දණ්ඩනය පැමිණවීම සඳහා වන නියෝගය රැගෙන එන බව කියා තිබුන ද ඒ සඳහා තව ටික වේලාවක් ගතවෙනු ඇත. දැන් බක්ට අගුලු දැමිය හැකි දොරක් ලැබී තිබෙන බැවින් මද වේලාවක් සිරගෙයින් බැහැර යාමට ඔහු තීරණය කළේය. ඇවිදීම වේදනා ගෙනදෙන කාර්යයක් වුවත් එසේ නොකළහොත් පාදය දරදඬු වී කෙසේවත් ඇවිදීමට නොහැකි වෙතැයි ඔහුට බිය සිතිණ. 

විනිශ්චය xxii

 මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයා ය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත්. නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි.  ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. ඒ අතර ෂෙරිෆ් තනතුර බලෙන් අත්කර ගැනීමට උත්සාහ කළ තම සහය නිලධාරියා ඉවත් කරන බක් අළුතින් සහායකයින් දෙදෙනෙකු පත්කර ගනී. බක් හා විවාහ ගිවිසගැනීමට සිටින එලන් ඩ්රූ ද ඔහු වෙනුවෙන් ගැටුමට මැදිවෙයි. පලාතේ සාමය රැකගැනීමට මැක්ග්‍රාත් වෙනත් සිරගෙයකට මාරුකිරීමට නඩුකාරයා කැමති කරගන්නා අතරතුර සහය නිලධරයා ප්‍රාන්ත කොමසාරිස්වරුන් ද සමග පැමිණ තනතුරෙන් ඉවත්වන ලෙස බක්ට බලකරයි. ඔහු එය ප්‍රතික්ෂේප කරයි.
 
අද එතැන් සිට:

                                                 පරිච්ඡේදය 15 

                                                  දෙවන කොටස



 

ස්මිත්ගේ හැසිරීමෙහි දක්නට ලැබුන සියුම් වෙනස්කම බක්ට තේරුම්ගත නොහැකි කරුණක් විය. ස්මිත් තවදුරටත් කතාකරනු ඇතැයි බක් බලාපොරොත්තු වුවද ඔහු නිහඬවම සිටියේය. අවසානයේ බක් කතාකළේය.  "හරි, ඔබේ හිතේ මොකක් හරි කරදරයක් තියනවනේ. මොකක්ද ඒක?"

විනිශ්චය xxi

කතාව ඇරඹුන හැටි බලන්න මෙතැනට මෙතැනට යන්න


                                                                  
                                                 පරිච්ඡේදය 15 
                                                  පළමු කොටස
 

විනිසුරු හන්ටර් පිටව ගොස් විනාඩි පහක්වත් යන්නට පෙර ඩියැක් ෆොස්ටර් දොර ඇරගෙන ඇතුළු විය. බක් ක්ෂණිකව තම රිවෝල්වරය අතට ගත්තේය.  ඩියැක් සමගම ඒ පිටුපසින් ලූක් වෝහීස් සිටින බව දකින විට ඔහු රිවෝල්වරය ඉලක්කයට අල්ලා අවසාන ය. තම අවිය යළිත් කොපුවෙහි රුවාගත් ඔහු, "එළියට ගිහිල්ලා තුවක්කුව එළියෙන් තියලා එනවා." යි ඩියැක්ට පැවසීය. ඩියැක්ගේ මුහුණ කෝපයෙන් රතු වුවද ඔහු පිටතට ගියේය. ආපසු ඇතුළට එනවිට  පිස්තෝලය හෝ එය රඳවන කොපුව සහිත පටිය ඔහු ළඟ නොවීය. 

විනිශ්චය xx

 මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයා ය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. ඒ අතර ෂෙරිෆ් තනතුර බලෙන් අත්කර ගැනීමට උත්සාහ කළ තම සහය නිලධාරියා ඉවත් කරන බක් අළුතින් සහායකයින් දෙදෙනෙකු පත්කර ගනී. බක් හා විවාහ ගිවිසගැනීමට සිටින එලන් ඩ්රූ ද ඔහු වෙනුවෙන් ගැටුමට මැදිවෙයි.

විනිශ්චය xix

 

  මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. ඒ අතර ෂෙරිෆ් තනතුර බලෙන් අත්කර ගැනීමට උත්සාහ කළ තම සහය නිලධාරියා ඉවත් කරන බක් අළුතින් සහායකයින් දෙදෙනෙකු පත්කර ගනී. 

විනිශ්චය xviii

 මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. 


                                                       පරිච්ඡේදය 12

බක්ගේ කකුල ගින්නෙන් දැවෙන්නාක් මෙන් වේදනා දෙන්නට පටන් ගත්තේය. අත ද දරාගෙන සිටිය නොහැකි තරමට කකියන්නට විය. කොරගසමින් මේසය අසලට ඇවිද ගිය ඔහු ඉඳගත්තේය. තුවාල වී තිබූ කකුල ප්‍රවේශමෙන් ඔසවා මේසය මත තැබූ ඔහු ඊලඟට අනෙත් කකුල ද ඔසවා තැබී ය. අත මෙතරම් වේදනා දෙන්නේ රුධිරය ගලා ඒම නිසා යයි සිතූ ඔහු වැලමිට පුටුවේ ඇන්ද මත තබා අත ඉහලට ඔසවා ගත්තේය. එහෙත් එයින් පලක් ලැබුනේ නැත.

විනිශ්චය xvii

 

                                                  පරිච්ඡේදය 11

                                                  දෙවන කොටස



ඔහු පිටතට පැමිණ බන්දේසිය පසෙක තබා දොර වසා දැමීය. ඔහු හිස් බන්දේසිය ආපසු බාර දුන්නේ රෝස් කෑම ආවරණය කර තිබූ රෙදි වැස්මවත් ඉවත්කර බැලීමට උනන්දුවක් නොගත් බව සිහි කරමිනුයි. ඔහු කළේ මස් කැබැල්ල දෙස බැලීම පමණකි. ඩියැක් ගැන ඇතිව තිබූ කෝපය කොතෙක් ද යත් සැඟවූ ආයුධයක් ඇත්දැයි දැනගන්නට  කෑම බඳුන කූරු ගා බලන්නටවත් ඔහුට කල්පනා උනේ නැත.

විනිශ්චය - xvi

                                        පරිච්ඡේදය 10 - දෙවන කොටස


ඩියැක් ෆොස්ටර් ඔහුගේ කැරකෙන පුටුවේ වාඩිවි බූට් සපත්තු  පැළඳි දෙපා මේසය මත තබාගෙන සිටියේය. "මේච්චර කලින් ආවේ?" බක් විමසීය. "මට අහන්න ලැබුනා ඔබ මැක්ග්‍රාත් එක්ක ගැටුමක් වෙලා වෙඩි වැදිලා පිහි ඇනුමකටත් ලක්වෙලා කියලා. මට හිතුනා ඇවිත් රාජකාරි බාරගත්තොත් හොඳයි කියලා." 

ඩියැක්ගේ අහංකාර පරවශ බව බක්ට නොදැනෙන්නට හේතුවක් නොවී ය. පළමුව, පුටුවෙහි වාඩිවී මේසය මත දෙපා තබාගෙන සිටිනවා දකින්නට බක් කැමති නැති බව සහය ෂෙරිෆ්වරයා දැන සිටියේය. දෙවනුව, ඔහු කාර්යාලයට ඇතුල්වන විට ඩියැක් නැගී සිටිනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. ඩියැක් ඔහු විසින් බඳවාගත්තෙකු වූ අතර ඔහු අස්කිරීමේ බලය ද බක් සතුව තිබිණ. 

විනිශ්චය - xv

මේ දක්වා:                  

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. ඒ මැක්ග්‍රාත්ගේ හිතවතුන්ට ඔහු මරණීය දණ්ඩනයෙන් ගලවාගැනීමටත් මරණයට පත්වූ අයගේ හිතවතුන්ට මැක්ග්‍රාත් එල්ලා මරණවා දකින්නටත් අවශ්‍ය නිසා ය.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවෙයි. 

විනිශ්චය

 ලිට්සීකර් විසින් පරිවර්තනය කරනු ලබන විනිශ්චය නවකතාව කියවන සුලුතරයක් වූ සහෘද පිරීස වෙතයි. මේ දිනවල ලිට්සීකර් ගිලන්ව සිටින බැවින් එය ඉදිරිපත් කිරීම අතපසු වී ඇති බව ද සුව වූ පසු ඉතිරිය පළකරන බව දන්වමි.

විනිශ්චය xiv

                                                        පරිච්ඡේදය 9 

(රූපය Copilot AI වෙතින්)

    සිරගෙදරට ආ බක් කළ පළමු කාර්යය වූයේ සිරකරුවන් රඳවන කුටි වෙතට නොන්ඩි ගසමින් ගොස් රිවෝල්වරය හා පිහිය අහුලා ගැනීමයි. ඔහුගේ කකුලත් අතත් දෙකම වේදනා ගෙනදුන් අතර ඔහු සිටියේ කෝපසහගත සිතකිනි. "ජේසු තුමන්ගේ නාමෙට මගේ අතට මොකද වෙන්නේ? මොකක්වත් ප්‍රතිකාරයක් කරන්නැද්ද?" යනුවෙන් මැක්ග්‍රාත් කෙඳිරිලි හඬින් පවසද්දී කෝපය පිටවන දෙනෙතින් ඔහු දෙස ඔරවා බැලූ බක්ගේ පිළිතුර එළියට පැන්නේ ගෙරවිලි හඬකිනි. "මට ඕනැ විදියට කරන්න දෙනවනං උඹව එල්ලන්නෙ ඔය ඉන්න විදියටමයි. මගේ කකුල? මගේ අත? ඒවට කොහොමද දැනෙන්නෙ කියලා තමුසෙට හිතෙන්නෙ නැද්ද?"

විනිශ්චය - XIII

        මේ දක්වා:

     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවෙයි. 

විනිශ්චය - XII

 



 පරිච්ඡේදය 7 - දෙවන කොටස

ග්‍ර්‍රියර් හා ඔහුගේ පුත්‍රයා රාත්තල් සියයක පමණ බරට පස් පිරවූ ගෝනියක් පඩිපෙළ දිගේ ඉහලට ගෙනගොස් අගුල්දොර මත තබා නැවත පහළට පැමිණියහ.  "ඔන්න බලාගන්න." ආඩම්බරයෙන් පැවසූ ග්‍රියර් ලීයෙන් සැදූ ලීවරයක් අල්ලා තමා දෙසට ඇද්දේය. අගුලුදොර පහතට වැටී ඒත් සමගම ගෝනිය එතුළින් බිම පතිත විය. ඉන් නැගුන ශබ්දයෙන් කුතුහළය ඇවිස්සුන නගරවැසියන් කිහිපදෙනෙක් පෝරකය වටා එක්රැස් වූහ. ජේසන් ආයෙත් කරන්න බලන්න. එක් අයෙක් පැවසීය. ජේසන් හා ඔහුගේ පුත්‍රයා කැමැත්තෙන්ම ගෝනිය ඔසවාගෙන පඩිපෙල දිගේ උඩට ගොස් එය නැවතත් අගලුදොර මත තබා ආපසු පහළට පැමිණියහ. ජේසන් ග්‍රියර් යළිත් ලීවරය ඇද්දේ ගෝනිය අගුලුදොර තුලින් බිම පතිත වීමට ඉඩ සලසමිනි. 

විනිශ්චය - XI

 

මේ දක්වා ....

                                     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට  නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි. මේ අතර කෝපයට පත් අනවසර පදිංචිකරුවෝ ඔහුට පහර දෙති.  මැක්ග්‍රාත් හා සබඳකම් පැවැත්වූ කාන්තාවන්ට ද ඔහු බැලීමට අවශ්‍ය වෙයි. 





                              පරිච්ඡේදය 7 - පළමු කොටස

ඩියැක් ෆොස්ටර් පිටව ගොස් විනාඩි දහයක් යන්නටත් පෙර ඉදිරිපස දොර සෙමින් විවෘත කළ ජෙනී කාල්සන් බියපත් ලෙස පෙනී සිටියාය. තම මේසය අසල කෝපයෙන් එල්ලාගත් මුහුණින් සිටි බක් හිස ඔසවා බැලීය. ඔහුගේ මුහුණෙහි වූ කෝපාවිෂ්ට පෙනුමින් බියට පත් ඇය ඇතුලට නොපැමිණ දොරකඩම නතර වූවාය. 

විනිශ්චය - X

 

                         
         

                                                  පරිච්ඡේදය - VI

                                                  දෙවැනි කොටස

සිදුවීම් සිදුවන විදිය ගැන ඩියැක් එක්තරා ආකාරයකට තෘප්තියට පත්ව සිටියේය.  අවුරුදු දෙකකට පෙර ෂෙරිෆ්ගේ සහකාර තනතුරට පත්වූ දා සිට ඔහුට ෂෙරීෆ් තනතුරට පත්වීමට අවශ්‍යව තිබිණ. ගවයින් මේච්චල් කරනවාට වඩා ෂෙරීෆ් තනතුරේ රාජකාරි තිරීම බෙහෙවින් පහසු කරුණකි. ඩියැක්ට තවදුරටත් හීලෑ නැති, ප්‍රචණ්ඩ අශ්වයින් පිට යෑම අවශ්‍ය නොවී ය.

විනිශ්චය - IX

 


 මේ දක්වා ....

                                     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට  නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි. මේ අතර කෝපයට පත් අනවසර පදිංචිකරුවෝ ඔහුට පහර දෙති. 




                                                      පරිච්ඡේදය - V

                                                  දෙවැනි කොටස

එලන් ඔහු වෙත ලඟාවී ලේන්සුව ඇය අතට ගෙන මුහුණෙහි වූ ලේ පිසදැමීමේ කාර්යයෙහි යෙදුනාය. "කණගාටුයි. මම හිතනවා...."

"තමුසේ හිතනවා මේ වැඩේ හින්දා මම මැක්ග්‍රාත්ගේ වැඩේ ගැන කිසි වෙනසක් කරන එකක් නෑ කියලා. ඒකනෙ තමුසේ කියන්න හැදුවේ?" තවමත් බක්ගේ කටහඬෙහි තිබුනේ කෝපාවිෂ්ට සරදම් ස්වරූපයකි.

"මම අදහස් කළේ නෑ..." 

විනිශ්චය - VIII

       මේ දක්වා ....

                                     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට  නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි.