"නිරන්තරයෙන් වැටෙන ජල බිංදුවෙන් ගලෙහි සිදුරක් සැදෙන්නේ බලය නිසා නොව නොනවත්වා පැවතීම නිසාය." - ඕවිඩ්
විනිශ්චය - VII
විනිශ්චය - VI
පරිච්ඡේදය III
දෙවෙනි කොටස
ඉඩලීන් හා මැක්ග්‍රාත් එකට සිටිනු ගැලොවේට අසුවීම නගරයේ තවත් කීදෙනෙක් දැනසිටියේ දැයි බක් කල්පනා කළේය. නිසැකවම සියළුම ගවහිමියන් හා ඔවුන් යටතේ වැඩ කරන බොහෝ දෙනෙක් දැන සිටින්නට ඇත. ගැලොවේ ඒ ගැන කතාකරන්නට ඇති අතර ඒ අනුව පුවත පැතිර යන්නට ඇත. නගරයේ නගරවැසියන් සමහරක් දැනසිටින්නට ඇති නමුත් බලෙන් පදිංචි වූ අනවසර පදිංචිකරුවන් කිසිවෙකුත් දැන නොසිටින්නට ඇත.
වෙනසක් කළා!
අපාචේ හංදියේ ඕවන් බක්ට මෙන් මට ද උභතෝකෝටියකට මුහුණ දෙන්නට සිදුවිය. මහ දිග කතාව පළකරද්දී ඒ අතර සුපුරුදු සාමාන්‍ය පෝස්ට් දැමීමෙන් කතාවේ කොටස් යට යන අතර ඊට අවධානය ද අඩුවෙයි. ප්‍රතිකර්මය නම් දිග කතාව සඳහාම මා සකසා තිබූ අළුත් බ්ලොග් එකකට එය මාරු කිරීමයි. එහෙත් පසුව මා තීරණය කළේ කතාවට එලෙසම තිබෙන්නට හැර අමතරව පෝස්ට් එකක් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා අළුතෙන් සැකසූ බ්ලොග් අඩවිය භාවිත කිරීමයි. එය තවමත් සින්ඩිවලට එකතු වී නැති නිසා එයට මෙතැනින් පිවිසිය හැකිය. මෙහි එන සහෘදයින් සියළුම දෙනාට වෘත්තාන්ත නම් වූ මගේ නව බ්ලොග් අඩවියට ද ගොඩවෙන ලෙස කෙරෙන ආරාධනයයි මේ.
විනිශ්චය - V
පරිච්ඡේදය III
පළමුවන කොටස
වේලාව උදෑසන නමය වනවිට ආර්ච් නෝත්කොට් පැමිණියේය. ෂෙරීෆ්ගේ කාර්යාලයේ දොර විවෘත කරගෙන පැමිණි ඔහු සමග අශ්වයින්ගේ ගන්ධය ද උන්ගේ කුරවලට පෑගී පොඩිඋන සේජ්බ්‍රෂ් කොලවල සුවඳ හා ඔහුගේ කහ පැහැති ශක්තිමත් දත් අතර සිරවුන හවානා සුරුට්ටුවේ සුවඳ ද ඇතුළු විය.
විනිශ්චය IV
පරිච්ඡේදය II - දෙවෙනි කොටස
"ස්වාමිපුරුෂයා දන්නවද මෙහෙ ආවා කියලා?"
"නෑ."
"දැනගත්තොත් තවත් අමාරුවේ වැටෙයි."
"මම දැං ඇවිල්ලනෙ ඉන්නේ. ඉස්සරහ ඉන්නවා දැක්කනං මම ජොනී බැලුවත් නැතත් වෙනසක් වෙන්න දෙයක් නෑනෙ."
ප්‍රඥාවෙන් අවසන් නොවූ ආනන්දය
විනිශ්චය III
පරිච්ඡේදය II - පළමු කොටස
අකමැත්තෙන් මෙන් ආපසු හිරගෙදර වෙත පැමිණි ඕවන් බක් ඊට යාබදව පිහිටි හිස් පිට්ටනියේ මොහොතකට නැවතී ජේසන් හා ජෙස් ග්‍රියර් දෙදෙනා වැඩ කරන අයුරු බලා සිටියේය. මිටි පහර නැගූ හඬ ඔවුන්ගේ වෘත්තීය පරිචය පෙන්වමින් ඒකාකාරී රිද්මයකට නැගී ආවේය. ඔවුහු පෝරකයට නගින පඩිපෙළ නිමවා එයට ඇණ ගසමින් සිටියහ. සිරගෙදරට ආපසු යාමට පසුබටවෙමින් සිටි බක් පෝරකයට අඩි පහලවක් වනතෙක් ලංවීය. "සුබ උදෑසනක්, ෂෙරීෆ්!" ජේසන් ග්‍රියර් පැවසීය.
විනිශ්චය - II
මේ පසුගිය සතියේ ඉදිරිපත් කළ The Trial at Apache Junction නවකතාවේ පළමු පරිච්ඡේදයේ දෙවන හා අවසාන කොටසයි. පසුගිය කොටසට සාධනීය ප්‍රතිචාර කිහිපයක් ලැබී තිබුණ මුත් මේ ලියන මොහොත වන විට එය කියවා ඇත්තේ 31ක් තරම් සුලු ප්‍රමාණයකි. Litseeker ලියන දේවල් කියවන්නට මහා ලොකු පිරිසක් එන්නේ නැති වුවද එය මාගේ බ්ලොග් සටහනක් කියවා ඇති අවම සංඛ්‍යාවලින් එකක් වෙයි. කෙසේ වුවද පළමු පරිච්ඡේදය මෙතෙකින් නිම වෙයි. දෙවන පරිච්ඡේදයටත් යනවා ද යන්න පසුව තීරණය කරමු.
විනිශ්චය - I
දිගු කතාවක් කොටස් වශයෙන් බ්ලොග් අඩවිය තුළින් ඉදිරිපත් කිරීමට කලක සිට අදහසක් තිබුනත් මේ බ්ලොග් අඩවිය ඇරඹූ අරමුණ හා එය ගැලපේ ද යන්න ගැන සිතේ තිබුණේ සැකයකි. එනිසාම දිගු කතාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙනම බ්ලොගයක් ඇරඹීමට ද මුල පිරුවෙමි. එසේ වුවද ඉදිරිපත් කරන්නට යන මෙම නවකතාව කියවූ විට එය මේ බ්ලොගය සඳහා වඩාත් උචිත වෙතැයි හැඟී ගිය බැවින් ඒ සඳහා මෙසේ මුල පුරමි. අවසානය දක්වාම කතාව ඉදිරිපත් කරන්නේද යන්න පාඨක අවධානය මත තීරණය වේ යයි සිතමි. දැන් කතාව දෙසට හැරෙමු.
අවිද්‍යාවේ විද්‍යාව හා විද්‍යාවේ අවිද්‍යාව
විද්‍යාවේ ඉදිරි ගමනත් සමග බිහි වූ දැනුම හා නව සොයාගැනීම්වලට එරෙහිව සමාජයේ සාම්ප්‍රදායික දැනුම හා විශ්වාස තුළින් මතු වූ ප්‍රතිරෝධය විද්‍යාවේ ආරම්භය තරම්ම පැරණිය. සමහර විට මිනිසා ගින්දර සොයා ගත් යුගය තෙක්ම දිවෙනවා විය හැකිය. ලංකාව මෙන් ආසියානුකරයේ රටවල මෙය ඉස්මතු වූයේ බටහිරින් ලැබුන දෑ අන්ධානුකරණයෙන් අනුගමනය කිරීමක් ලෙසය.
දෙවියොත් සාක්කි!
හරක් දැක්කීම
ලෝකය කැරකෙන හැටි!
එක්තරා අවස්ථාවක යම්කිසි මිනිසුන් සංඛ්‍යාවක් අල්පෙනෙත්ති නිපදවීමෙහි නිරත වී සිටිනවා යයි සිතන්න. දවසකට පැය අට බැගින් වැඩ කරන ඔවුහු ලෝකයට අවශ්‍ය සියළුම අල්පෙනෙත්ති නිපදවති. කිසිවකු විසින් එම මිනිසුන් සංඛ්‍යාවම යොදාගෙන අල්පෙනෙත්ති නිෂ්පාදනය දෙගුණ කළ හැකි නව නිපැයුමක් හඳුන්වා දෙනු ලබයි.අල්පෙනෙත්ති මිල කොතරම් අඩු මට්ටමක තිබේද යත් මීට වඩා අඩු මිලකට කිසිවකුත් අල්පෙනෙත්ති මිල දී ගන්නේ නැත. ප්‍රඥාවන්ත ලෝකයක නම් අල්පෙනෙත්ති නිෂ්පාදනයට සම්බන්ධ සියළු දෙනා පෙර වැඩෙහි යෙදුනු පැය අට වෙනුවට පැය හතරක් වැඩ කරනු ඇති අතර සියල්ල පෙර පරිදිම සිදුවනු ඇත. එහෙත් සැබෑ ලෝකයෙහි මෙය අධෛර්යමත් බව ඇති කරන පියවරක් ලෙස සලකනු ලබන අතර මිනිස්සු සුපුරුදු ලෙස පැය අටක් වැඩ කරති. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අල්පෙනෙත්ති නිෂ්පාදනය කෙරෙද්දී සමහර සේවායෝජකයෝ බංකොලොත් වෙති. කලින් අල්පෙනෙත්ති නිෂ්පාදනයෙහි යෙදී සිටි සංඛ්‍යාවෙන් අඩකට තම රැකියා අහිමි වෙයි. අවසානයේදී පෙර සඳහන් කළ සැලැස්මෙහි තිබූ පමණටම විවේකී සමයක් මිනිසුන්ට ලැබේ. එහෙත් ඔවුන්ගෙන් අඩක්ම වැඩ නොමැතිව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව සිටින අතර අනෙක් අඩ අවශ්‍ය පමණටත් වඩා වැඩ කරති. මෙලෙස නොවැලැක්විය හැකි විවේකය සමස්ත සමාජයේ සියළුදෙනාට සතුට ගෙන දෙන දෙයක් වනු වෙනුවට දුක්ඛිත බව පතුරුවන දෙයක් වෙයි. මීටත් වඩා උමතු ක්‍රියාවක් තවත් තිබිය හැකිද?
බර්ට්‍රන්ඩ් රසල්ගේ In Praise of Idleness and Other Essays කෘතියෙන්
ලෝකය කියවමු
යැස්කා මවුන්ක් (Yascha Mounk) ජර්මන් සම්භවයක් ඇති අමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකි. ඔහු ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සහය මහාචාර්වරයෙකු ලෙස සේවය කරයි. මේ ඔහු විසින් 2018 දී රචිත THE PEOPLE VS. DEMOCRACY කෘතියේ "අයිතිවාසිකම් අහිමි ප්‍රජාතන්ත්‍රවාදය" නම් වූ පළමු පරිච්ඡේදයේ මුල් පිටු කිහිපයෙහි පරිවර්තනයකි.
1989 ග්‍රීෂ්ම සෘතුව අවසානයේ නැගෙනහිර ජර්මනියේ "කම්කරු පාරාදීසයේ" පුරවැසියන් සෑම සඳුදාවකම රාත්‍රියේ ලීප්සිග් හා ඩ්‍රෙස්ඩන් නගරවල වීදිවලට රොක් වූයේ කොමියුනිස්ට් පාලනයට විරෝධය දැක්වීමටයි. ඔවුන් නැගූ ප්‍රධාන සටන් පාඨයෙහි බලාපොරොත්තු සහගත උදාරම් බවක් ගැබ් විය. “Wir sind das Volk,” - "ජනතාව අපියි, රහස් පොලිසිය නොවේ, පක්ෂයේ ලොක්කන් නොවේ." ජනයා හඬ නැගූහ.
අංශක එකසිය අසූව
Federico Moramarco කවියාගේ One Hundred and Eighty Degrees නම් කවියේ පරිවර්තනයකි.
වැරදි බව පෙනෙන්නට ඇති හැකියාව ගැන,
ටිකක් හෙම නෙවෙයි, සපුරාම වරදින්නට,
කිසිවක් ඒ පෙනෙන විදියටම නොතිබෙන්නට?
කැඩපත ඉදිරිපිට
කීර්තිමත් ඉන්දීය ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ කුෂ්වන්ත් සිං ගේ Big Fat Joke Book නම් කෘතියෙන් උපුටාගත් හාස්‍යෝත්පාදක කතා කිහිපයකි මේ. මෙම කතා ඉන්දියාව පසුබිම් කරගෙන රචනා වී තිබුන ද සමහර කතා විවිධ ස්වරූපයෙන් අප අසා ඇති ඒවාය. එසේ වුවද අප රටට පවා ඒවා ගැලපෙන බව නම් නිසැක ය.
කෙනෙකුට රස කෙනෙකුට වස!
අමෙරිකානු කවියෙකු වූ ආතර් ගිටර්මන්ගේ What One Approves, Another Scorns හා On the Vanity of Earthly Greatness කවිවල පරිවර්තන.
රජ තෑග්ග
(cartoon movement වෙතින්)
සමාජ මාධ්‍ය තුළින් ජනගත වන පුවත් අඩවි හා අනෙකුත් තොරතුරු නියාමනය කිරීම සඳහා පනතක් ගෙන ඒමේ සූදානමක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී ඇති බව පෙනේ. එය සිංගප්පූරුව ආදර්ශයට ගෙන සැකසීමේ සූදානමක් ගැන ද බලධාරීන්ගේ ශ්‍රී මුඛවලින් ප්‍රකාශයට පත්ව ඇත. මේ පුවත දුටු මගේ මතකයට නැගුනේ කළකට පෙර මා හට කියවන්නට ලැබුන අපූරු කතාන්දරයකි.
දවසින් වරුවක්
නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අරාබි ලේඛකයා වන ඊජිප්තු ලේඛක Naguib Mahfouz ගේ Half a Day කතාවේ පරිවර්තනයකි.
(cartoon movement වෙතින්) |
තාත්තාගේ අතේ එල්ලීගෙන ඔහු තබන දිගු පියවර හා පෑහෙන්නට දුවමින් තාත්තාත් සමග ඉදිරියට ගමන් කළෙමි. කලු සපත්තු, කොළ පැහැති පාසැල් නිල ඇඳුම හා රතුපාට කුර්දි තොප්පිය ආදී මාගේ සියළුම ඇඳුම් අළුත්ම ඒවා විය. කෙසේ වුවද අළුත් ඇඳුම් පිළිබඳ දැනුන සතුට සපුරා විඳගන්නට නොහැකි වු කරුණ වූයේ එය උත්සව දිනයක් නොවී මා පළමුවෙන්ම පාසැල් යන දිනය වීම ය.