සින්ඩරෙල්ලා සොයා!



ගොම්මනේ සිට හිමිදිරිය තෙක්
එක් නගරයක සිට තවත් නගරයකට
එකම හෝඩුවාවක්වත් නොදැන
මා සොයනවා මටසිලිටි, සිහින් පාදය
මේ පළිඟු සපත්තුවට හරියන.
ගොම්මනේ සිට හිමිදිරිය තෙක්
මා පළඳවල බලනවා එය
හැම යුවතියකටම මට හමුවන.
තවමත් මා ආදරෙයි ඇයට එතරම්, ඒත්, අනේ,
පාද නම් මට පිළිකුල් වේගනයි එන්නේ.

අමෙරිකානු කවියෙකු වන ෂෙල් සිල්වර්ස්ටයින් ගේ In Search of Cinderella නම් කවියේ පරිවර්තනයකි. 

 



1 comment:

  1. බොහෝම අලංකාර පරිවර්තනයක්, ජය!

    ReplyDelete