මේ මං අහලා තිබුන නස්රුද්දීන්ගේ කතාවක්. අහම්බෙන් මතක් උන නිසා ලියලා දාන්න ඕනැ කියලා හිතුවා.
එක දවසක් නස්රුද්දීන් තම අහල පහල හිතමිත්‍රයන්ට, නෑදෑයන්ට සංග්‍රයක් කරන්න ඕනැ කියලා හිතලා ඒ ගොල්ලන්ට කෑමකට ආරාධනා කළා. බිරිඳ කෑම සූදානම් කරන කල් ඔහු ගෙදරට ආපු නෑදෑ හිතමිත්‍රයන් එක්ක සතුටු සාමීචියේ යෙදිලා හිටියා. එතැනට ආපු නස්රුද්දින්ගේ බිරිඳ නස්රුද්දීන්ට කිව්වා "කෑම උයන්න තෙල් මදි කඩේට ගිහිල්ලා තෙල් ටිකක් ගෙනල්ලා දෙන්න." කියලා.
නස්රුද්දීන් තමන්ගේ පුත්‍රයාට කතාකරලා අතට භාජනයකුත් දීලා කිව්වා "ලඟම තියන කඩේට ගිහිල්ලා තෙල් ටිකක් ගේන්න කියලා." එහෙම කියලා පුතා අතට භාජනය දීලා "පරිස්සමින් ගේන්න ඕනෑ. මගදි තෙල් හලාගන්නෙ එහෙම නෑ" කියලා අවවාදෙකුත් දීලා පුතාට හයියෙන් පාරක් ගැහැව්වා.
ගෙදරට ඇවිල්ලා හිටිය අමුත්තෝ පුදුම උනා. ඔවුන් නස්රුද්දීන්ගෙන් ඇහැව්වා "ඇයි පුතාට ගැහැව්වේ? එයා වැරැද්දක් කරේ නෑනෙ." කියලා. එතකොට නස්රුද්දීන් කිව්වා, "තෙල්ටික හලාගත්තට පස්සෙ දඬුවම් කරාට වැඩක් නෑනෙ, ඒ හින්දයි වැරැද්ද කරන්න කලින්ම දඬුවම දුන්නෙ." කියලා.
අන්න හරි . හැබැයි මෙතැන් තෙල් හලා ගත්තේ කවුඩ් කියන ප්‍රශ්නෙත් තියනවා , ආණ්ඩුවට ලෙහෙසි නැහැ
ReplyDeleteනස්රුදින් ඉරානයේදී "මුල්ලා නස් රුදීන්" කියලා හැඳින් වෙනවලු. නස්රුදින්ව ආගමීකරණය කරන්න එහෙම කිව්වට, ඒ කතාවල ආගමක් තියනව කියල හිතෙන්නෙ නෑ. අනික සමහර කතාවල මූලාශ්‍රය හොයන්නත් අමාරුයි, මොකද ආසියාවෙ අනිත් රටවලත් ඔයිට සමාන කතා තියන නිසා.
ReplyDelete