ඝානා ජාතික කවියෙකු වූ Jawa Apronti විසින් රචිත Question නම් කවියේ පරිවර්තනයකි.

                                                                    ප්‍රශ්නාර්ථය



  කළු මිනිසාණනි,

යන්නෙ නැද්ද ඔබ හඳට?

කියන්නට එපා මට ඔබේ

ජුජූ තාක්ෂණය

නොසෑහෙතැයි කියා එයට.

 

                            වෙදකම, හෙදකම හා අපේකම




1992 හෝ 93 වසරය. මා රෝහල්ගතව සිටියේ fistula නමින් හඳුන්වන රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහාය. මගේ වම්පස ඇඳේ සිටියේ කකුලක තුවාලයක් තිබූ රෝගියෙකි. ඔහුගේ ගැටළුව වූයේ එය නිට්ටාවට සුව නොවීමයි. ඔහු මෙම රෝහල වෙත එවා තිබුනේ මේ අවට ප්‍රාදේශීය රෝහලකිනි. වාට්ටුවේ ගතකළ දින කිහිපය තුළ මා දුටුවේ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙකු සිටින බවයි. මේ දෙදෙනම වරින් වර රෝගීන් පරීක්ෂා කිරීමට පැමිණියහ. ඉන් එක් වෛද්‍යවරයෙක් ප්‍රතිකාර කිරීම සඳහා මා මෙම වාට්ටුවට යොමුකළ වෛද්‍යවරයාය. දිනක් අනෙක් ශල්‍ය වෛද්‍යවරයා රෝගීන් පරීක්ෂා කිරීමට වෛද්‍ය ශිෂ්‍යයින් කණ්ඩායමක් ද සමග පැමිණි අතර මගේ අසල්වැසි රෝගියා අසල නතර විය. වෛද්‍ය වාර්තා පෙන්වමින් ඉංග්‍රීසි බසින් තම සිසුන් ඇමතූ ඔහු රෝගියාගේ කකුල කැපීමට සිදුවන බව පැහැදිළි කළේය. ඉන්පසු රෝගියා දෙසට හැරුන ඔහු, “මේ කකුල කපමු, බොරු කකුලක් දාගත්තම ඔය ඉන්නවා වගේම ඇවිදින්න පුළුවන්, බය වෙන්න දෙයක් නෑ.” යයි පවසා මගේ ඇඳ දෙසට හැරුනේය. අන්දුන් කුන්දුන් වූ

                                                     

                                  වේවැල් කෝටු, නාරං, සියඹලා අතූ.......



මේ බොහෝ ඈත අතීතයට අයත් කතාවකි. ඒ 1986 වසරයි. ගුරු පුහුණුව නිමකළ අපගේ අවසන් විභාග ප්‍රතිඵල නිකුත් වී තිබිණ. දැන් කළයුත්තේ ගුරු පුහුණු වැටුප සකස් කරගැනීමයි. එවකට නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පාසැලක සේවය කළ මා නිකවැරටිය කලාප අධ්‍යාපන  කාර්යාලයට ගියේ ඒ සඳහාය.

 

  කිරි කළ, බෝධි පූජා හා රෝග සුවකරන ෆේස්බුක් ආශිර්වාද පූජා




මන්ට හෝ පවුලේ කෙනෙකුට රෝගයක් වැළඳුන විට හෝ අද්භූත බලවේගයකින් අපල උපද්‍රව සිදුවන බව විශ්වාස කළවිට හෝ බෞද්ධ සංස්කෘතියට අනුව හැඩගැසුන අපගේ ගැමියා පන්සලට ගොස් බෝධි පූජාවක් පවත්වා, කිරි කලයකින් බෝධිය නාවා, හාමුදුරුවන්ගෙන් පිරිතක්, බණක් අසා සිත පහදවාගෙන යහපතක් බලාපොරොත්තු වූහ.

 

                                   

                                              ( 2020-11-22 'රාවය' පුවත්පතේ පළවිය.)

                                                          සිංගප්පූරුව වගේ වෙමුද?

මනුෂ්‍ය ස්වභාවය දහයෙන් නවයක්ම හුරු කිරීම මත ද දහයෙන් එකක් පමණක් ජාන මත ද රඳා පවතී. හුරු කිරීම මත රඳා පවතින කොටස අධ්‍යාපනයෙන් හැඩගැසිය හැකි අතර ජානමය කොටස ද කාලයගේ ඇවෑමෙන් විද්‍යාවට අනුගත වීමට ඇති ඉඩකඩ බොහෝය.බර්ට්‍රන්ඩ් රසල් (Has Man a Future?) 


    

රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්කරගත් විට ඊට හේතුසාධක වූ කරුණු සොයාබැලීමත් එම රට විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති අනුකරණය කිරීමට යොමුවීමත් මෑත යුගයේ ලොව පුරා දක්නට ලැබුන ප්‍රවනතාවකි. එසේ ලොව පුරා අවධානයට ලක්වූ, විශේෂයෙන් ආසියානු කලාපයේ අවධානයට ලක්වූ රටකි, සිංගප්පූරුව.

ගැලවීම

 මේ, "The Big Sea" නමින් ලියැවුන ලැංග්ස්ටන් හියුස්ගේ ස්වයං- ලිඛිත චරිතාපදානයේ "Salvation" නම් වන තුන්වන පරිච්ඡෙදයේ පරිවර්තනයකි. මෙහි විශේෂත්වය නම් එය කෙටිකතාවක් සේ ගෙන රසවිඳිය හැකි පූර්ණ නිර්මාණයක් වීමයි. බොහෝදෙන මෙය ආගම හා ඇදහිලි ගැන කෙරෙන විවේචනාත්මක බැල්මක් ලෙස දකින්නට කැමති වුවද මගේ කියවීම ඊට මදක් වෙනස් වෙයි. මා සිතන්නේ සංකේතාත්මකව ගතයුතු ආගමික සංකල්ප ආශ්චර්යාත්මක සිදුවීම් ලෙස ගෙන අන්ධ භක්තියෙන් ඇදහීම ආගමට මෙන්ම මිනිස් චර්යාවනට ද ඇති කරන බලපෑම මින් ඉස්මතු කෙරෙන බවයි. රීඩ් නැන්දා විසින් ලැංග්ස්ටන් ගේ ලමා සිතට ඇතුළු කරන ජේසුතුමන් පැමිණීම, බැටළු පැටවුන් ගලවා ගැනීම, ආලෝකයක් දැකීම හා ආත්මයේ ඇතිවන වෙනස උදාහරණ වෙයි. කුඩා ලැංග්ස්ටන්ගේ සිතෙහි ඇතිවන ප්‍රතිචාරය කතාවේ අවසන් වැකියෙන් සනිටුහන් වෙයි. සිනමාකරුවකු සමීප රූප, මධ්‍යම රූප හා දුර රූප සම්මිශ්‍රණයෙන් අර්ථ ගොඩනගන්නාක් මෙන් පූජකවරයා, රීඩ් නැන්දා, බැතිමතුන් සමූහය වරින්වර ඉදිරියෙහි හා පසුබිමෙහි තබමින් කතුවරයා අරුත් දනවන ආකාරය අපූරුය. (ඡායාරූපය centerforfiction.org වෙබ් අඩවියෙනි)


ගැලවීම

මා පාපයෙන් ගලවා ගනු ලැබූයේ මට වයස දහතුනක් වෙද්දි. ඇත්තටම ඒක ගලවා ගැනීමක්ම නෙමෙයි. ඒක උනේ මෙහෙමයි.

 මෙය කීර්තිමත් ඊශ්රායල් ජාතික කවියෙකු වන Yehuda Amichai විසින් රචිත Diameter of a Bomb නම් කවියේ පරිවර්තනයකි.


                   බෝම්බයේ විෂ්කම්භය

                 



තිහයි සෙන්ටිමීටර බෝම්බයේ විෂ්කම්හය
මීටර හතක් විතරයි බලපාන වපසරිය

 

                       


                             බය හා කෝපය තුළ සැඟවගත් කොරෝනා 

                                භීෂණයෙන් මිදෙන මග

මුලින් කොරෝනා වී පසුව කොවිඩ් 19 වු වෛරසය සමස්ත ලෝකයට මෙන්ම ශ්‍රී ලංකාවට ද විසඳා ගැනීමට ප්‍රශ්න ගණනාවක් ඉතිරි කරමින් තවමත් ලෝකය පුරා පැතිරයමින් පවතී.  කොවිඩ් 19 වෛරසය විසින් වෛද්‍ය විද්‍යාවට එල්ල කරන ලද අභියෝග යම් දිනෙක මිනිසා විසින් ජයගනු ඇත. එහෙත් මිනිසාගේ චර්යා රටාවට  කොවිඩ් 19 විසින් කරන ලද අභියෝග ජය ගැනීමට මිනිසාට හැකිවේද? 

 

මේ අප පාසල් යන අවධියේ කියවූ සිංහල පොතක තිබූ පාඩමකි. එදාටත් වඩා අදට එය කොතරම් ගැලපෙන්නේ දැයි සිතුන බැවින් ඉදිරිපත් කරමි. එදා පෙළපොත් රචකයින් භුක්ති විඳි නිදහස පිළිබඳ අවබෝධයක් ද මෙයින් ලැබේ. මෙම කතාවම අද සිංහල පොතකට ඇතුල් කලහොත් කුමන ප්‍රතිචාරයක් ලැබේද යන්න සිතාබැලීම ද වටී. (මෙහි ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය හා පද බෙදීම එහි තිබූ ආකාරයටම තබා ඇති බව සලකන්න.)

                                

                                             කට්ටයයි වෙට්ටපිත්තලයයි



අපි මොන මගඩියකින් හරි සල්ලි ටිකක් හොයමු යි දිනක් කට්ටයා සිය මිතුරු වෙට්ටපිත්තලයාට යෝජනා කෙළේ ය. එක්තරා ගමකට ගිය ඔහු ගොන් බානක් හොරා ගෙන කැලෑවෙක සඟවා තුබූ හ. නැති වූ ගොන් බාන සොයා ගම පුරා ඇවිදින අයිති කරු මුණ ගැසුණු කට්ටයා

 

 බෙනඩික්ට් දොඩම්පෙගම විසින් කලකට පෙර ‘නවයුගය සඟරාවට ලියන ලද ලිපියකින් උපුටාගත් කතාවකි, මේ. මෙම ලේඛකයා පිළිබඳව ද යමක් පැවසීම අත්‍යවශ්‍යය. ප්‍රවීණ ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ ඔහු අප මතකයේ රැඳෙන්නේ ඔහු විසින් සිංහල සිනමාවට කරන ලද සේවය නිසාය. විශේෂයෙන් රසිකයන්ගේ රසවින්දනය ඉහල නැංවීම සඳහා සිනමා සාහිත්‍යය වෙනුවෙන් කරන ලද සේවය නිසාය. 

                                                   බොරු කාරයා සොයා ගත් හැටි


හොඳ උගතෙක් එක් ගමකට පැමිණියේ ය. ගමේ මිනිසුන්ගේ අදහස් උදහස්, ස්වභාවය, ඉගෙනීමට ඔහුට උවමනා විය.