මේ දක්වා ....
ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි. මේ අතර කෝපයට පත් අනවසර පදිංචිකරුවෝ ඔහුට පහර දෙති. මැක්ග්‍රාත් හා සබඳකම් පැවැත්වූ කාන්තාවන්ට ද ඔහු බැලීමට අවශ්‍ය වෙයි.
පරිච්ඡේදය 7 - පළමු කොටස
ඩියැක් ෆොස්ටර් පිටව ගොස් විනාඩි දහයක් යන්නටත් පෙර ඉදිරිපස දොර සෙමින් විවෘත කළ ජෙනී කාල්සන් බියපත් ලෙස පෙනී සිටියාය. තම මේසය අසල කෝපයෙන් එල්ලාගත් මුහුණින් සිටි බක් හිස ඔසවා බැලීය. ඔහුගේ මුහුණෙහි වූ කෝපාවිෂ්ට පෙනුමින් බියට පත් ඇය ඇතුලට නොපැමිණ දොරකඩම නතර වූවාය.