විනිශ්චය xiv

                                                        පරිච්ඡේදය 9 

(රූපය Copilot AI වෙතින්)

    සිරගෙදරට ආ බක් කළ පළමු කාර්යය වූයේ සිරකරුවන් රඳවන කුටි වෙතට නොන්ඩි ගසමින් ගොස් රිවෝල්වරය හා පිහිය අහුලා ගැනීමයි. ඔහුගේ කකුලත් අතත් දෙකම වේදනා ගෙනදුන් අතර ඔහු සිටියේ කෝපසහගත සිතකිනි. "ජේසු තුමන්ගේ නාමෙට මගේ අතට මොකද වෙන්නේ? මොකක්වත් ප්‍රතිකාරයක් කරන්නැද්ද?" යනුවෙන් මැක්ග්‍රාත් කෙඳිරිලි හඬින් පවසද්දී කෝපය පිටවන දෙනෙතින් ඔහු දෙස ඔරවා බැලූ බක්ගේ පිළිතුර එළියට පැන්නේ ගෙරවිලි හඬකිනි. "මට ඕනැ විදියට කරන්න දෙනවනං උඹව එල්ලන්නෙ ඔය ඉන්න විදියටමයි. මගේ කකුල? මගේ අත? ඒවට කොහොමද දැනෙන්නෙ කියලා තමුසෙට හිතෙන්නෙ නැද්ද?"

විනිශ්චය - XIII

        මේ දක්වා:

     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි. ඒ නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා ය. ඒ අතර මැක්ග්‍රාත්ට පක්ෂ හා විපක්ෂ දෙපසින්ම එන තර්ජනවලට මුහුණ දෙන්නට ද ඔහුට සිදුවෙයි. මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වීමට සිදුවෙයි.