වැරදි පැත්තෙ ගාපු බටර්

     මේ Paulo Coelho ගේ  Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් තවත් කතා තුනකි.     

       

1. අපි හැමතිස්සෙම හිතන්න කැමතියි අපි කොයි දේ කළත් වරදිනවා කියලා. අපිට හරියන්න තරම් වාසනාවක් නෑ තියලා තමයි හිතෙන්නේ. මේ ඒ වාගේ සිතුවිල්ලක් ගැන ලියැවුන කතාවක්. 

එක මිනිහෙක් තමන්ගෙ පාඩුවේ සන්සුන්ව උදේ ආහාරය ගනිමින් හිටියා. එක්වරම එයා බටර් ගාමින් හිටපු පාන් පෙත්ත අතින් ලිස්සලා ගිහිල්ලා බිමට වැටුනා. මිනිහා එක්වරම බිම වැටුන පාන් පෙත්ත දිහා බලද්දී එයාට තමන්ගේ දෑස් අදහාගන්න බැරුව ගියා. පාන් කෑල්ල බිම වැටිලා තිබ්බේ බටර් ගාපු පැත්ත උඩට හිටින්න. 

මේ මනුස්සයාට හිතුනේ තමන් මහා ලොකු ආශ්චර්යයක් දැක්කා කියලයි. මේ පුදුමයෙන් කලබලයට පත්උන මිනිසා තමන්ගේ යාළුවන් හොයාගෙන ගිහිල්ලා වෙච්ච සිදුවීම කිව්වා. ඒ හැමෝමත් පුදුමයට පත් උනා. පාන් කෑල්ලක් බිමට වැටෙද්දි බටර් ගාලා තියන පැත්ත තමයි යටට හිටලා හැමතැනම තැවරෙන්නේ. 

"ඔබ ශාන්තුවරයෙක් බවට පත්වෙලා වෙන්නැති. මේක දෙවියන්ගේ සළකුණක් වෙන්න ඕනෑ." එක යාළුවෙක් කිව්වා.  

වැඩි වෙලාවක් යන්න ඉස්සර මුළු ගමම මේ කාරණය දැනගත්තා. හැමෝම සියළුම වැඩ නවත්වලා මේ ගැනම සාකච්ඡා කරන්න පටන්ගත්තා. කොහොමද කවදාවත් වෙන්නෙ නැති විදියට බටර් ගාපු පැත්ත උඩට හිටින්න පාන් පෙත්ත බිම වැටුනෙ? කොච්චර කතාකළත් තාටවත් සෑහීමකට පත්වෙන්න පුළුවන් උත්තරයක් දෙන්න බැරිඋන නිසා ඔවුුන් ගමේ හිටිය ගුරුවරයා හොයාගෙන ගිහිල්ලා සිද්ධිය ගැන කියලා විසඳුමක් ගැන ඇහැව්වා. 

ගුරුවරයා ගම්වැසියන්ට එක රාත්‍රියක් ඉවසලා ඉන්න කියලා කිව්වා ඔහු යාඥා කරලා දේව ආශිර්වාදය ලබාගන්නකල්. පහුවදා හැමෝම ආපසු ආවා ප්‍රශ්නයට විසඳුමක් බලාපොරොත්තුවෙන්. 

"ඇත්තටම ඒක හරිම සරල දෙයක්." ගුරුවරයා කියා සිටියා. "පාන් පෙත්ත වැටෙන්න ඕනැ පැත්තට තමයි වැටිලා තියෙන්නේ. වෙලාතියෙන්නේ බටර් ගාලා තිබිලා තියෙන්නේ වැරදි පැත්තේ." 



2. නැපෝලියන් අධිරාජයාගේ සොල්දාදුවෙක් අපරාධයකට වැරදිකාරයා උනා. ඔහුට මරණීය දණ්ඩනය නියම උනා. ඔහුට වෙඩිතබා මරණයට පත්කරන්න තිබුනු දවසට පෙර දිනයේ සවස සොල්දාදුවාගේ මව අධිරාජයා ඉදිරියට පැමිණ තමාගේ පුත්‍රයාට ජීවිතදානය දෙන ලෙස ආයාචනා කරසිටියා.

"මහත්මිය, ඔබගේ පුතා කරතිබෙන්නේ සමාව දිය හැකි වරදක් නෙමෙයි." නැපෝලියන් කිව්වා. "මම දන්නවා." යුද භටයාගේ මව පිළිතුරු දුන්නා. "සමාව දියහැකි වරදක් උනානම් ඒක සැබෑ සමාව දීමක් වෙන්නෙ නෑ. සමාව දීම කියන්නේ පලිගැනීමටත් සාධාරණත්වයටත් ඔබ්බෙන් තියන දෙයක්." 

මේ වචන අහගෙන හිටපු අධිරාජයා මරණීය දණ්ඩනය දීමේ තීන්දුව වෙනස්කරලා සොල්දාදුවා පිටුවහල් කරන්න නියම කළා. 


3. ඉන්දියාවේ හිටපු රජකෙනෙක් මිනිහෙක් මරණීය දණ්ඩනයට නියම කළා. රජතුමා තීන්දුව ප්‍රකාශයට පත්කළාට පස්සේ වැරදිකාරයා කතාකළා. 

"දේවයන් වහන්ස, ඔබතුමා ඥානවන්න කෙනෙක්. නිතරම තම යටත්වැසියන් කරන හැමදෙයක් ගැනම සොයාබලනවා. ඔබ ගුරුවරුන්ට, මුණිවරයින්ට, අභිගුණ්ඨිකයින්ට වගේම පූජකවරුන්ටත් නිසිපරිදි සැලකීම් දක්වනවා. මම කුඩාකාලේ මගේ සීයා මට සුදු අශ්වයෙක්ට පියාඹන්න උගන්වන්නේ කොහොමද කියලා කියලාදුන්නා. මේ මුලු රාාජධානියේම ඒක කරන්න පුළුවන් වෙනත් කෙනෙක් නැති නිසා ඔබ මගේ ජීවිතය බෙිරිය යුතුයි." 

රජතුමා වහාම සුදු අශ්වයෙක් එතැනට ගේන්න නියම කළා. 

"මට මේ සතා පුරුදුකරන්න අවුරුදු දෙකක් ගතවෙනවා." දඬුවමට නියම වූ මිනිසා කිව්වා. "හරි, නුඹට අවුරුදු දෙකක් ලැබෙනවා." රජතුමා සැකයෙන් උනත් කිව්වා. "හැබැයි, අශ්වයාට පියාඹන්න බැරිඋනොත් නුඹව එල්ලා මරණවා." ඔහු කිව්වා. 

සතුටින් පිනාගිය මිනිසා අශ්වයත් රැගෙන ගෙදර ගියා. ගෙදර යනකොට ඔහුගේ පවුලේ හැමෝම ඇඬූ කඳුළෙන් ඉන්නවා දැක්කා. 

"උඹට පිස්සු හැදිලද? මේ ගෙදර කවුද අශ්වයෙකුට පියාඹන්න උගන්වන්න දැනගෙන හිටියේ?" ඒ හැමදෙනාම කෑගැසුවා. 

"කවුරුවත් කලබල වෙන්න අවශ්‍ය නෑ." ඔහු කියාසිටියා. "පළවෙනිම කාරනේ කවුරුවත් මීට කලින් අශ්වයෙකුට පියාඹන්න උගන්වන්න උත්සාහ කරලා නෑ. උත්සාහ කරපුහාම අශ්වයා ඉගෙනගන්න උනත් ඉඩතියනවා. දෙවෙනි කාරනේ, රජතුමා දැනටමත් හොඳටම වයසයි. ඊලඟ අවුරුදු දෙක ඉවරවෙන්න ඉස්සරලා මැරෙන්නත් ඉඩ තියනවා. තුන්වැනි කාරනේ අශ්වයා මැරෙන්නත් ඉඩතියනවා. එහෙම උනොත් මට අළුත් අශ්වයෙකුත් තවත් අවුරුදු දෙකකුත් ලැබෙනවා අළුත් අශ්වයාට උගන්වන්න. ඒ අතරේ අමතක කරන්න හොඳ නෑ විප්ලව, කුමන්ත්‍රණ වගේම වැරදිකාරයන්ට පොදු සමාව දීම වගේ දේවලුත් වෙන්න පුළුවන් කියලා. ඒ මොකක්වත්ම උනේ නැතත් මට කැමති හැටියට ජීවත්වෙන්න අවුරුදු දෙකක් ලැබිලා තියනවා. ඒක සුළුදෙයක් කියලද ඔහේලා හිතාගෙන ඉන්නේ?" 

9 comments:

  1. බටර් ගාන කථාව ඇහුවම මට ඒ කාලේ අහපු පරණ කථාවක් මතක් උනා. අක්කයි නංගියිය් එකම දවසේ බැදලා එකම හෝටලේ හනිමූන් ගිහිල්ලා.

    දෙන්නා කතාවෙලා හිටපු විදිහට පහුවදා උදේ කෑමට ආවම රාත්‍රියේ වෙච්චි දේ කියන්නේ පාන් පෙත්තක බටර් ගාලා. ආක්කා එක පෙත්තක ගාල ඉවර කරලා තව පෙත්තක් ගැවා. ඊට පස්සෙ තව පෙත්තක බටර් ගෑවා. ඔක්කොම තුන් පාරයි.

    ඊට පස්සෙ නංගිගේ වාරේ. නංගි එක පෙත්තක බටර් ගෑව. ඊට පස්සෙ ඒ පැත්තෙම අනික් පැත්තෙත් ගාන්න ගත්තම අක්කගේ ඇස් උඩ ගියාලු

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්සර හිටපු නංගිලා වෙන්න ඇති. දැන් නංගිලා නං එච්චර මහන්සි වෙන්නෙ නෑ. අමුවෙන්ම කියලා දානවා.

      Delete
    2. පරිවර්තනය කරන්න කම්මැලියි . A Mother had 3 virgin daughters...
      They were all getting married within a short time period. Since Mom was a bit worried about how their sex life would get started, she made them all promise to send a postcard from the honeymoon with a few words on how marital sex felt.

      The first girl sent a card from Hawaii two days after the wedding. The card said nothing but: "Nescafe"!

      Mom was puzzled at first, but then went to her kitchen and got out the Nescafe jar.

      It said: "Good till the last drop".

      Mom blushed, but was pleased for her daughter.

      The second girl sent the card from Vermont a week after the wedding, and the card read: "Rothmans"

      Mom now knew to go straight to her husband's cigarettes, and she read from the pack: "Extra long. King Size"

      She was again slightly embarrassed but still happy for her daughter.

      The third girl left for her honeymoon in Cape Town. Mom waited for a week, nothing. Another week went by and still nothing. Then after a whole month, a card finally arrived.

      Written on it with shaky handwriting were the words "South African Airways"

      Mom took out her latest YOU magazine, flipped through the pages fearing the worst, and finally found the ad for SAA.

      The ad said: "Ten times a day, seven days a week, both ways."

      Mom fainted!!!!

      Delete
  2. අනිත් ඒවාත් හොඳයි, ඒත් මම වැඩිය කැමති පියාඹන අස්පයගෙ කතාවට. 👌😂

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඔයාගේ අර සත පහකට ගනංගන්න එපා කියන තියරි එකටත් ගැලපෙනවා.

      Delete
  3. කතා තුනම හොඳයි . අපේ අන්දරේ සහ රජසිංග රජතුමාගේ වැල ගෙඩිය කතන්දරේ වගේ

    ReplyDelete
  4. මේ වගේ කෙටි කතා මරු!

    ReplyDelete