ඔන්න ඔහොමයි මැරුවේ!



මේක නම් හරිම අබිරහසක්! ඇත්තටම මිනිහෙක් වෙඩි තියලා මරලා දාලා තියනවා. කරපු මිනිහෙක් ගැන හිතා ගන්නත් බෑ. ඉතින් අර ශ්‍රේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක රහස් පරීක්ෂක ගෙන්වනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. 

අප ආ මඟ මඟ සලකුණු

 

(cartoon movement වෙතින්)


රට යහමගට ගැනීම සඳහා අරගලයක් දියත්ව ඇති මේ මොහොතේ වසර 74ක ශාපයක් ගැන ද අනේක වූ ලියවිළි හා සටන් පාඨ දැකගත හැකි ය. එය එසේම දැයි සිතා බැලීමට පහත දැක්වෙන උපුටන උපකාරී වෙතැයි සිතමි.

සෞභාග්‍යයේ දිනපොත

(cartoon movement වෙතින්)


 1. අද මල්ලි කතා කළා. අඳේට දීල තියන කුඹුරෙන් මේ සැරේ අපේ කොටස කිලෝ හයසීයලු. අපි පස්දෙනාට බෙදුනම එක්කෙනෙකුට කිලෝ එකසිය විස්සයි. කාපංකො අවුරුද්දක්! වෙනදා කන්න දෙකම වැඩ කලාම පස්දෙනාටම අවුරුද්දම කන්න ඇති. පහුගිය කාලේ එකදිගට ලොක්ඩවුන් කරලා කනබොන දේවලුත් හිඟ උන වෙලාවේ අපි විහිලුවට වගේ කිව්වේ වී තියනවා, පොල්ගස් ටිකක් තියනවා, පොලුයි බතුයි කාලා හරි කාලා ඉන්නවා කියලා. දැං පේන විදියට පොල් විතරක් කාලා ඉන්න වෙයි වගේ. පොඩි කාලේ හොරෙන් පොල් කනකොට අම්මා බනිනවා, පොල් කාලා කිරිපණුගාය හදාගනිං කියලා. ඒ උනාට මේවට වග කියන්න ඕන අයට නං කිරිපණුගායක් තරම්වත් දැනෙන බවක් පේන්නෙ නෑ.