Anna Davis විසින් ලියන ලද You shouldn’t have watched the news on TV නම් කෙටිකතාවේ පරිවර්තනයකි, මේ. එය ගින්නෙන් වූ විනාශයක් ගැන වුවද ඉතා පහසුවෙන් ජලයෙන් වූ විනාශයක් ගැන වන්නට ද පුළුවන.
"නිරන්තරයෙන් වැටෙන ජල බිංදුවෙන් ගලෙහි සිදුරක් සැදෙන්නේ බලය නිසා නොව නොනවත්වා පැවතීම නිසාය." - ඕවිඩ්
තුවාලයට ප්‍රතිපෝෂණයක්!
රුෂ්ඩි දුටු රූබිකොන් තරණය
මේ දිනවල සමාජ මාධ්‍යවල ජනප්‍රියම ගංගාව බවට පත්ව තිබෙන්නේ රූබිකොන් ගංගාවයි. සීසර් රූබිකොන් ගංගාව තරණය කිරීම ගැන සල්මන් රුෂ්ඩි තැබූ සටහනක් මා ගෙන ආවේ 2022 මැයි 22 දින තැබූ කතන්දර තුනක් සහ තවත් එකක් නම් ලියැවිල්ලෙනි. එය නැවත මතුකරගැනීම සුදුසු යයි සිතෙන බැවින් යළි මෙසේ පළකරමි.
යුද්ධය නිමාවන තැන
හෝමර්ගේ ඔඩිසි වීර කාව්‍යය සිනමා කෘතියක් ලෙස තිරය මත දිගහැරෙන්නට යනවිට අප බලාපොරොත්තු වන්නේ එකැස් යෝධයින්, ඔළු හයක් ඇති යක්ෂයින් යක්ෂණියන් හා තම අපරිමිත බලයෙන් ස්වභාව ධර්මය මෙන්ම මිනිසුන්ගේ ඉරණම ද පාලනය කරන බලවත් දෙවි දේවතාවන් හා මේ සියළු දේ මැඩගෙන ජයගන්නා වීරවරයින්ගේ වික්‍රමාන්විත ක්‍රියා රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි. මා ද මේ වීර කාව්‍යය තිරය මත මැවූ නවතම චිත්‍රපටය බලන්නට වාඩිවෙන විට බලාපොරොත්තු වූයේ ද එවැනි සිනමා නිර්මාණයකි. එහෙත් Uberto Pasoliniගේ The Return නම් වූ නිර්මාණය මේ සියල්ල බැහැර කරමින් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හා ඒ නිසා ඔවුන් මුහුණ දෙන ප්‍රතිවිපාක තම නිර්මාණයට පාදක කරගනී. එක් වෙබ් අඩවියක් සඳහන් කරන ආකාරයට මෙය මේ වීර කාව්‍යය පදනම් කරගෙන නිපදවුනු තිස්තුන්වන නිර්මාණයයි.
අනාගතයේ සිට ඔවුහු අප දෙස ආපසු බලන විට….. 2
(cartoon movement වෙතින්)
මා සිතන අයුරින් ලේඛකයින්ට ස්වභාවයෙන්ම චිත්තවේගවලින් හා සමාජ නියමවලින් දුරස්ථ වීම වඩාත් පහසුවෙන් කල හැකි ය. නිරන්තරයෙන්ම පරීක්ෂා කිරීමෙහි හා නිරීක්ෂණය කිරීමෙහි යෙදෙන පුද්ගලයින් තමන් පරීක්ෂා කරන දෙයෙහි හා නිරීක්ෂණය කරන දෙයෙහි විවේචකයින් බවට පත් වෙති. ශතවර්ෂ ගණනාවක් පුරා මනෝරාජ්‍ය ගැන ලියැවුන සියල්ල දෙස බලන්න. මෝර්ගේ Utopia, කැම්පනෙල්ලාගේ City of the Sun, මොරිස්ගේ News from Nowhere, බට්ලර්ගේ Erewhon (Nowhere යන වචනය අග සිට මුලට ලිවීමකි.) සියල්ල විද්‍යාව විසින් නිර්මාණය කරන්නා වූ, වියහැකි අනාගතය පිළිබඳව වන විවිධාකාර සැලසුම්වල පිටපත් වන අතර, මා සිතන ආකාරයට අභ්‍යවකාශ කථා රචකයින් ද මෙම සම්ප්‍රදායටම අයත් වේ. නිසැකවම මේ සියල්ල පවත්නා සමාජ කෙරෙහි එල්ලවන විවේචන ය. මක් නිසාද යත්, සාමාන්‍ය පරිසරයෙන් හුදෙකලාව ඔබට මනෝ රාජ්‍යයක් පිළිබඳව ලිවිය නොහැකි බැවිනි.
අනාගතයේ සිට ඔවුහු අප දෙස ආපසු බලන විට….. 1
පහත දැක්වෙන්නේ ඉරානයේ ඉපිද, දකුණු රොඩේෂියාවේ (දැන් සිමිබාබ්වේ) හැදීවැඩී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ලෙස සාහිත්‍යය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ඩෝරිස් ලෙසිං(1919-2013) ලේඛිකාවගේ The Prisons We Choose to Live Inside නම් කෘතියේ පළමු පරිචිඡේදයේ පරිවර්තනයකි. මෙහිදී ඇය අවධානය යොමුකරන්නේ නොදියුණු අතීතයේ සිට වර්තමානයේ දියුණු යැයි සැළකෙන අවධිය දක්වා ආ ගමනේදී මිනිසා තවමත් කොතරම් ම්ලේච්ඡ ගති සිරිත්විරිත් උරුමකරගෙන සිටින්නේද යන වගයි.
අවිද්‍යාවේ විද්‍යාව හා විද්‍යාවේ අවිද්‍යාව
විද්‍යාවේ ඉදිරි ගමනත් සමග බිහි වූ දැනුම හා නව සොයාගැනීම්වලට එරෙහිව සමාජයේ සාම්ප්‍රදායික දැනුම හා විශ්වාස තුළින් මතු වූ ප්‍රතිරෝධය විද්‍යාවේ ආරම්භය තරම්ම පැරණිය. සමහර විට මිනිසා ගින්දර සොයා ගත් යුගය තෙක්ම දිවෙනවා විය හැකිය. ලංකාව මෙන් ආසියානුකරයේ රටවල මෙය ඉස්මතු වූයේ බටහිරින් ලැබුන දෑ අන්ධානුකරණයෙන් අනුගමනය කිරීමක් ලෙසය.
ලෝකය කැරකෙන හැටි!
එක්තරා අවස්ථාවක යම්කිසි මිනිසුන් සංඛ්‍යාවක් අල්පෙනෙත්ති නිපදවීමෙහි නිරත වී සිටිනවා යයි සිතන්න. දවසකට පැය අට බැගින් වැඩ කරන ඔවුහු ලෝකයට අවශ්‍ය සියළුම අල්පෙනෙත්ති නිපදවති. කිසිවකු විසින් එම මිනිසුන් සංඛ්‍යාවම යොදාගෙන අල්පෙනෙත්ති නිෂ්පාදනය දෙගුණ කළ හැකි නව නිපැයුමක් හඳුන්වා දෙනු ලබයි.අල්පෙනෙත්ති මිල කොතරම් අඩු මට්ටමක තිබේද යත් මීට වඩා අඩු මිලකට කිසිවකුත් අල්පෙනෙත්ති මිල දී ගන්නේ නැත. ප්‍රඥාවන්ත ලෝකයක නම් අල්පෙනෙත්ති නිෂ්පාදනයට සම්බන්ධ සියළු දෙනා පෙර වැඩෙහි යෙදුනු පැය අට වෙනුවට පැය හතරක් වැඩ කරනු ඇති අතර සියල්ල පෙර පරිදිම සිදුවනු ඇත. එහෙත් සැබෑ ලෝකයෙහි මෙය අධෛර්යමත් බව ඇති කරන පියවරක් ලෙස සලකනු ලබන අතර මිනිස්සු සුපුරුදු ලෙස පැය අටක් වැඩ කරති. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අල්පෙනෙත්ති නිෂ්පාදනය කෙරෙද්දී සමහර සේවායෝජකයෝ බංකොලොත් වෙති. කලින් අල්පෙනෙත්ති නිෂ්පාදනයෙහි යෙදී සිටි සංඛ්‍යාවෙන් අඩකට තම රැකියා අහිමි වෙයි. අවසානයේදී පෙර සඳහන් කළ සැලැස්මෙහි තිබූ පමණටම විවේකී සමයක් මිනිසුන්ට ලැබේ. එහෙත් ඔවුන්ගෙන් අඩක්ම වැඩ නොමැතිව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව සිටින අතර අනෙක් අඩ අවශ්‍ය පමණටත් වඩා වැඩ කරති. මෙලෙස නොවැලැක්විය හැකි විවේකය සමස්ත සමාජයේ සියළුදෙනාට සතුට ගෙන දෙන දෙයක් වනු වෙනුවට දුක්ඛිත බව පතුරුවන දෙයක් වෙයි. මීටත් වඩා උමතු ක්‍රියාවක් තවත් තිබිය හැකිද?
බර්ට්‍රන්ඩ් රසල්ගේ In Praise of Idleness and Other Essays කෘතියෙන්
ලෝකය කියවමු
යැස්කා මවුන්ක් (Yascha Mounk) ජර්මන් සම්භවයක් ඇති අමෙරිකානු දේශපාලන විද්‍යාඥයෙකි. ඔහු ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සහය මහාචාර්වරයෙකු ලෙස සේවය කරයි. මේ ඔහු විසින් 2018 දී රචිත THE PEOPLE VS. DEMOCRACY කෘතියේ "අයිතිවාසිකම් අහිමි ප්‍රජාතන්ත්‍රවාදය" නම් වූ පළමු පරිච්ඡේදයේ මුල් පිටු කිහිපයෙහි පරිවර්තනයකි.
1989 ග්‍රීෂ්ම සෘතුව අවසානයේ නැගෙනහිර ජර්මනියේ "කම්කරු පාරාදීසයේ" පුරවැසියන් සෑම සඳුදාවකම රාත්‍රියේ ලීප්සිග් හා ඩ්‍රෙස්ඩන් නගරවල වීදිවලට රොක් වූයේ කොමියුනිස්ට් පාලනයට විරෝධය දැක්වීමටයි. ඔවුන් නැගූ ප්‍රධාන සටන් පාඨයෙහි බලාපොරොත්තු සහගත උදාරම් බවක් ගැබ් විය. “Wir sind das Volk,” - "ජනතාව අපියි, රහස් පොලිසිය නොවේ, පක්ෂයේ ලොක්කන් නොවේ." ජනයා හඬ නැගූහ.
පෙන්නන දේ හා පෙනෙන දේ!
වීරයෝ සහ දුෂ්ටයෝ
ස්පාඤ්ඤ ලේඛක EM Arisa විසින් රචිත Good Guys and Bad Guys නම් වූ මෙම ලිපියෙන් වත්මන් සමාජයේ විචාරශීලී බව සැහැල්ලු හා උපහාසාත්මක ස්වරයකින් ප්‍රශ්න කරනු ලබයි. ඉතා සරල කරුණු මත හොඳ නරක නිශ්චය කරන අපගේ නිගමන කොතරම් දුරට නිවැරදි ද යන ප්‍රශ්නය අප සිත් තුළට ඇතුළු කරයි.
ජාතියේ පහන් ටැඹ යට අඳුරු හෙවනැලි
විශ්‍රාම යන සෑම රාජ්‍ය සේවකයෙකුටම මුහුණ දීමට සිදුවන අපූරු අත්දැකීමක් වෙයි. එයට මුලපිරෙන්නේ මෙසේය. විශ්‍රාම ගැනීම සඳහා ලියකියවිලි බාර දුන් පසුව විශ්‍රාමලාභියාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබෙයි. එහිදී සිදුකරනු ලබන්නේ ඉදිරිපත් කරන ලද ලේඛනවල සත්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප අනුමත කිරීමයි. (අදාල කාර්යාල වලින් සියළු ලේඛන තහවුරු කළ පසු මෙවන් සම්මුඛ පරීක්ෂණයක් නැවත අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි දන්නා කෙනෙකුට පැහැදිළි කළ හැකිය.) කෙසේ වුවද එතැන්හිදී විශ්‍රාම වැටුප් ලාභියාට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද ලැබෙයි. එය ද අපූරු හැඳුනුම්පතකි. එහි එක් පසෙක අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, විශ්‍රාම වැටුප් අංකය යනාදී තොරතුරු ඇතුළත් වන අතර අනෙක් පැත්තේ පෞද්ගලික බැංකුවක වීසා කාඩ්පතකි. එය භාවිත කිරීමට එම බැංකුවේ ගිනුමක් ආරම්භ කළ යුතුය.
හෝඩි පොතින් රෙද්ද උස්සා පෙන්නීම
ඒ යහපාලන ආණ්ඩුව රට පාලනය කළ සමයයි. කාටත් මතක ඇති ලෙස සමාජ මාධ්‍ය තුළින් රජය හා එහි තනතුරු දැරූවන් නිර්දය විවේචනයකට ලක් වෙමින් පැවතිණ. මගේ ගෞරවාදරයට ලක් වූ සම්මාන දිනූ ලේඛිකාවක් ද්වේශ සහගත, අසභ්‍ය යයි සම්මත භාෂා විලාසයට බෙහෙවින් ආසන්න වූ වචන භාවිත කරමින් රජය විවේචනය කරන සටහනක් තම ෆේස්බුක් ගිනුම තුළ හුවමාරු කරගෙන තිබිණ. එවන් භාෂා විලාසයකින් හෙබි විවේචනයක් පළකිරීම ඇය වන් අයෙකුට තරම් නොවන බව මා සඳහන් කළවිට ඇය එයට දැක්වූ ප්‍රතිචාරය වූයේ "ඔබ රනිල්ට ද සජිත්ට ද?" යනුවෙන් මගෙන් පෙරලා ප්‍රශ්න කිරීමයි. (ඇය එවකට උග්‍ර රාජපක්ෂවාදිනියක් වූවාය.)
අප ආ මඟ මඟ සලකුණු
රට යහමගට ගැනීම සඳහා අරගලයක් දියත්ව ඇති මේ මොහොතේ වසර 74ක ශාපයක් ගැන ද අනේක වූ ලියවිළි හා සටන් පාඨ දැකගත හැකි ය. එය එසේම දැයි සිතා බැලීමට පහත දැක්වෙන උපුටන උපකාරී වෙතැයි සිතමි.
සෞභාග්‍යයේ දිනපොත
1. අද මල්ලි කතා කළා. අඳේට දීල තියන කුඹුරෙන් මේ සැරේ අපේ කොටස කිලෝ හයසීයලු. අපි පස්දෙනාට බෙදුනම එක්කෙනෙකුට කිලෝ එකසිය විස්සයි. කාපංකො අවුරුද්දක්! වෙනදා කන්න දෙකම වැඩ කලාම පස්දෙනාටම අවුරුද්දම කන්න ඇති. පහුගිය කාලේ එකදිගට ලොක්ඩවුන් කරලා කනබොන දේවලුත් හිඟ උන වෙලාවේ අපි විහිලුවට වගේ කිව්වේ වී තියනවා, පොල්ගස් ටිකක් තියනවා, පොලුයි බතුයි කාලා හරි කාලා ඉන්නවා කියලා. දැං පේන විදියට පොල් විතරක් කාලා ඉන්න වෙයි වගේ. පොඩි කාලේ හොරෙන් පොල් කනකොට අම්මා බනිනවා, පොල් කාලා කිරිපණුගාය හදාගනිං කියලා. ඒ උනාට මේවට වග කියන්න ඕන අයට නං කිරිපණුගායක් තරම්වත් දැනෙන බවක් පේන්නෙ නෑ.
මනෝලෝක රූපවාහිනියෙන් ලෝකය පෙන්නීම
ක්‍රීඩා පිටියක සෙල්ලම් කරන ලමුන් පිරිසක් දෙස බලා සිටින අප්‍රිකානු කොලු ගැටවුන් දෙදෙනෙකි. ඔවුන් පසෙකින් රූපවාහිනියකි. එහි ඇති විශේෂත්වය නම් ඇත්තේ එහි රාමුව පමණක් වීමයි. මදය නැත. එහි කුහරය තුලින් ද ළමුන් සෙල්ලම් කරනු දැකගත හැකිය. ළමයින් අතරින් කිහිපදෙනෙකු තෝරාගන්නා කොලුවන් දෙදෙනා රූපවාහිනී යන්ත්‍රයේ පොත්ත ද කර තබාගෙන් පෙරහැරින් යන්නේ කාට හෝ එය විකුණා ගැනීමටය. රූපවාහිනී රාමුව කරතබාගෙන තැනින් තැනට යන ඔවුන් අවසානයේ නතර වන්නේ හමුදා මුරපොළක ය.
අළුත් සින්ඩියක්!
රට, වහල නැතිවෙනවද? ඇරල නැතිවෙනවද?
වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා කෝවිඩ් ගැන බොහෝ දේ ලියැවී ඇත. විෂය පිළිබඳ විශේෂඥයින් මෙන්ම අප වැනි අවශේෂ ජනයා ද ඊට දායක වී ඇත. පසුගිය දිනවල මාතෘකාව වී තිබුනේ රට වැසිය යුතුද, නැද්ද යන කරුණයි. රජය අකමැත්තෙන් වුවද බර වැඩි පැත්තේ පීඩනයට නතුවී නාමික රට වැසීමකට පියවර ගත්තේය. ඊලඟට මතුවූ ප්‍රශ්නය වූයේ රට වැසීමේ කාලය දික් කරන්නේ ද යන්නය. එය ද වැඩි බර පැත්තට බරවී සතියකින් දිගු වී ඇත. එහෙත් රට වැසීම ඉල්ලා සිටි අයවත් අකමැත්තෙන් හෝ එය දුන් ඇත්තන්වත් ඉන් පලක් වෙතැයි බලාපොරොත්තු නොවීම මෙහි ඇති උත්ප්‍රාසයයි.
සිතන්නා සහ තහවුරුකරන්නා
අමෙරිකාවේ
මනෝ විද්‍යාවේ පියා සේ සැලකෙන විලියම් ජේම්ස් වරක් පැවසුවේ ඔහුට හමුවූ වියපත්
කාන්තාවක් පෘථිවිය රැඳී තිබෙන්නේ වීශාල කැස්බෑවෙකුගේ පිට මත බව සඳහන් කළ බවයි.
“එහෙත්
මහත්මියනි, එම කැස්බෑවා රැඳී සිටින්නේ කුමක් මතද?”
මහාචාර්ය ජේම්ස් හැකිතාක් ආචාරශීලී ලෙස විමසා සිටියේය.
“ආ, ඒක තේරුම්ගන්න ලෙහෙසියි. ඌ සිටගෙන ඉන්නේ තවත් කැස්බෑවෙකුගේ පිට මතයි.”
ගුරුවරයෙක් වූ ගුරුවරයෙකු පිළිබඳ සටහනක්
මීට වසර දෙකකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරයේ කම්පනය තවමත් සමාජය හරහා රාව, ප්‍රතිරාව දෙනු පෙනේ. චෝදනා හා ප්‍රතිචෝදනා ද එලෙසමය. ප්‍රහාරයේ "මහමොලකරු" (නො)සෙවීම මේ චෝදනා හා ප්‍රතිචෝදනා වල ප්‍රධාන මාතෘකාව වී ඇති බවද පැහැදිළිය. මෙම ප්‍රහාරය මෙහෙයවූ මහමොලකරුවෙකු සිටියේ නම් එය හෙලිදරව් කරගැනීම මෙන්ම දඬුවම් පැමිණවීම ද අත්‍යවශ්‍ය බව සැබෑය. එහෙත් එතරම්ම සැබෑවන තවත් කරුණක් තිබේ. එනම් මහමොලකරුවෙකුට ප්‍රහාරය දියත් කිරීම සඳහා අවශ්‍ය ඉස්ලාමීය අන්තවාදී අදහස්වලින් විකෘති වූ මනස් වලින් යුත් සහයකයින් පිරිසක් නිර්මාණය කරගැනීමට හැකිවූ බවය. එසේ නම් සමාජය ඉදිරියේ තවත් වගකීමක් තිබේ.




_EDIT_2.jpg)


_0.jpg)



