අනාගතයේ සිට ඔවුහු අප දෙස ආපසු බලන විට….. 2

                          

                                    (cartoon movement වෙතින්)


මා සිතන අයුරින් ලේඛකයින්ට ස්වභාවයෙන්ම චිත්තවේගවලින් හා සමාජ නියමවලින් දුරස්ථ වීම වඩාත් පහසුවෙන් කල හැකි ය. නිරන්තරයෙන්ම පරීක්ෂා කිරීමෙහි හා නිරීක්ෂණය කිරීමෙහි යෙදෙන පුද්ගලයින් තමන් පරීක්ෂා කරන දෙයෙහි හා නිරීක්ෂණය කරන දෙයෙහි විවේචකයින් බවට පත් වෙති. ශතවර්ෂ ගණනාවක් පුරා මනෝරාජ්‍ය ගැන ලියැවුන සියල්ල දෙස බලන්න. මෝර්ගේ Utopia, කැම්පනෙල්ලාගේ City of the Sun, මොරිස්ගේ News from Nowhere, බට්ලර්ගේ Erewhon (Nowhere යන වචනය අග සිට මුලට ලිවීමකි.)  සියල්ල විද්‍යාව විසින් නිර්මාණය කරන්නා වූවියහැකි අනාගතය පිළිබඳව වන විවිධාකාර සැලසුම්වල  පිටපත් වන අතරමා සිතන ආකාරයට අභ්‍යවකාශ කථා රචකයින් ද මෙම සම්ප්‍රදායටම අයත් වේ. නිසැකවම මේ සියල්ල පවත්නා සමාජ කෙරෙහි එල්ලවන විවේචන ය. මක් නිසාද යත්සාමාන්‍ය පරිසරයෙන් හුදෙකලාව ඔබට මනෝ රාජ්‍යයක් පිළිබඳව ලිවිය නොහැකි බැවිනි.

 නවකතා රචකයින් තම සහෝදර පුරවැසියන් වෙනුවෙන් ප්‍රයෝජනවත් කාර්ය ගණනාවක්ම ඉටුකළදවඩාත් වටිනාම දෙය වන්නේ අනෙකාට අප පෙනෙන විදියට අපට අප දෙස බැලීමට සැලැස්වීමයි.

සත්‍ය වශයෙන්මඒකාධිපති සමාජ වලදී ලේඛකයින් අවිශ්වාසයට භාජනය වීමට නිශ්චිත හේතුව මෙයයි. සෑම කොමියුනිස්ට් රටකම මෙම ක්‍රියාවටඑනම් විවේචනයට ඉඩක් නොලැබේ.

අහම්බෙන් වුවත්මට පෙනෙන්නේ පොදුවේ සෑම රටකම පාහේ සිටින ලේඛකයන් එකමුතුව සිටින ඒකකයක් ලෙසයි. හරියටමතමාවම පරීක්ෂා කරගැනීමේ අරමුණින් සමාජය විසින්ම බිහිකරන ලද ජීවී විශේෂයක් මෙනි. මේ ජීවියා” විවිධ යුගවල දී විවිධාකාර ස්වරූපවලින් දක්නට ලැබුන අතර නිරන්තරවම වෙනස්වීම්වලට භාජනය වෙමින් සිටී. ඉතාම මෑතක දී දක්නට ලැබුනු වර්ධනය නම් අභ්‍යවකාශ හා විද්‍යා ප්‍රබන්ධ දෙසට ඇතිවූ නැඹුරුවයි. බොහෝවිට මීට හේතු වන්නට ඇත්තේ මානව වර්ගයා අභ්‍යවකාශය අධ්‍යයනයට පෙළඹීම හා විද්‍යාව කුශලතාවක් ලෙස වර්ධනය වූයේ ඉතාම මෑතකදී (ඓතිහාසිකව සැලකීමේදී) වීමත් ය. සමාජය  මෙන්ම ජීවියා ද වෙනස් වීමටවර්ධනය වීමට භාජනය විම බලාපොරොත්තු වියයුතු දෙයකි. ජීවියාට තමන් ජීවියෙකු බව නැත්නම් පරිපූර්ණ සමස්තයක් යන්න පිළිබඳව හැඟීමක් නැත. එහෙත් මා සිතන්නේ ඉක්මනින්ම එම හැඟීම ඇතිවිය හැකි බවයි. මුළු ලෝකයම එකක් බවට පත්වෙමින් පවතින අතර මේ තත්ත්වය ලෝකයේ පවත්නා විවිධකාර වූ සමාජ  සමස්තයක අංග ලෙස දකින්නට අපට සැමට ඉඩ සලසන අතර එම සමාජවල කොටස් සියළුදෙනා වෙතම බෙදී යයි. එලෙසම ලේඛකයින්දවිවිධාකාර ලෙස වෙනස් වූඑහෙත්  එකට එකතු වූ විට එකම ඒකකයක් ලෙස හැදෙන එක් ස්ථරයක්තීරයක්රැහැනක පොටක් ලෙස සෑම රටකදීම ඔබට  දකින්නට හැකිනම් ත්‍යාග හා ඒ සමාන දේ වලින්  පෝෂණය කරනු ලබන උමතු තරගකාරිත්වය පිටුදැකීමට හැකිවනු ඇත. මා සිතන්නේසෑම තැනකමලේඛකයින් එකිනෙකාගේ අංග බවයිසමාජය විසින් ගොඩනංවන ලද කෘත්‍යයක අංග බවයි.

ලේඛකයින්පොත් හා නවකතා මේ අර්ථයෙන් භාවිත වන නමුදු තවමත් ලේඛකයින් හා සාහිත්‍යය කෙරෙහි වන ආකල්ප එම අරුත නිරූපනය කරතැයි මම නොසිතමි.

මානව විද්‍යාඥයෙකු ද වන මගේ මිතුරකු පවසන්නේ නවකතාව ද මානව විද්‍යාව හා සමානව සැලකුම් ලැබිය යුතු බවයි. ලේඛකයෝ මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව අර්ථකතන ඉදිරිපත් කරති. ඒ ගැන නිරතුරුව කතා කරති. මේ අපගේ විෂය පථයයි. සාහිත්‍යය යනු දුරින් සිට අප දෙසම බලාගැනීමට හැකි අනෙක් ඇස” අවදි කරගැනීම සඳහා වඩාත්ම ප්‍රයෝජනවත් වන විධික්‍රමවලින් එකකි. අනෙක නම් ඉතිහාසයයි. එහෙත් අද වැඩිපුරම ඇත්තේ  ජීවිතයට නැතිවම බැරි අංගයක්  ලෙස සාහිත්‍යය හා ඉතිහාසය නොසලකන තරුණ පරපුරකි. එහෙත් මේ පිළිබඳව පසුව අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි. 

නැවත ගොවිපල හිමිකරුවා සහ ගවයා දෙසට හැරෙමු.  ආදිකල්පික ප්‍රාථමික තත්ත්වය දක්වා වූ  ඔහුගේ ක්ෂණික පිරිහීමඔහු සහ ඔහුගේ පවුල හැරෙන්නට වෙනත් කිසිවකුට බල නොපානමානව ක්‍රියාකාරකම් නම් වූ වේදිකාව මත සිදුවූ ඉතාමත් කුඩා සිදුවීමක් යයි කෙනෙකුට තර්ක කළහැකි වුවද මිනිසුන් සිය ගණනකට නැතිනම් දසලක්ෂ ගණනකට  බලපාන මහා සිදුවීම්වල දී පවා දැකගත හැකිවන්නේ ඒ ආකාරයේම හැසිරීම් රටාවකි. උදාහරණයක් ලෙසබ්‍රසල්ස්හි දී බ්‍රිතාන්‍ය හා ඉතාලි පාපන්දු ක්‍රීඩාලෝලීන් කලහකාරී ලෙස හැසිරුනු අවස්ථාවේ බලා සිටියවුන් හා විස්තර විචාරකයින් දිගින් දිගටම අවධාරණය කළ පරිදි ඔවුන් ක්‍රියාකලේ සතුන් ලෙස ය. බ්‍රිතාන්‍ය කලහකාරීහු තමන් විසින් මරා දමන ලද මිනිසුන්ගේ මලසිරුරු මතට මූත්‍ර කරනු පෙණින. මට සිතෙන ආකාරයට සත්ත්ව” යන වචනය මෙතැනට ගැලපෙන්නේ නැත. මෙය සත්ත්ව චර්යාවක් දැයි මා හරියටම නොදන්නා නමුදු සැබැවින්ම එය මානව චර්යාවකි: අපගේ ඉතිහාසය කිනම් අවස්ථාවක දී සත්ත්වයින්ගේ ඉතිහාසය ලෙස නොව මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ලෙස ලියවෙන්නට පටන් ගත්තේද යන්න තීරණය වන දිනය අනුවසමහරවිට අවුරුදු දහස් ගණනක් නැතිනම් බොහෝ විට  වන්නට ඉඩ ඇති පරිදි අවුරුදු දසලක්ෂ ගණනක් පැවතී ඇති ම්ලේච්ඡත්වයට ආපසු ගමන්කල පසු දක්නට ලැබෙන මානව චර්යාවකි.

 යුද්ධයක් පවතින කාලයක දී අප අතින් සිදුවිය හැකි භීෂණ ක්‍රියා සඟවා ගැනීම සඳහා යොදාගන්නා භාවාතීශය කතන්දර නොව යුද පරිසරයක  ජීවත්වීමේ අත්දැකීම ඇති සෑම අයෙක් මෙන්ම ඇත්තම පැවසිය යුතුයයි සිතෙන මානසික මට්ටමකට පත්ව සිටින හමුදා භටයෙකු හා කතා කරන්නට අවස්ථාව ලද අය ද දන්නා පරිදි යුද්ධ සමයක දී අපසත්ත්ව කොට්ඨාශයක් ලෙසආපස්සට ගමන් කරන අතර එනිසාම සාහසික හා කුරිරු බවට පත්වීමට ඉඩ සලසා ගනී.

 සැබැවින්ම තවත් කරුණු තිබුන ද බොහෝ මිනිසුන් යුද්ධයෙන් වින්දනයක් ලබන්නේ මෙම කරුණ නිසාම ය. එහෙත් යුද්ධය පිළිබඳව නිතර සාකච්ඡාවට බඳුන් නොවන කරුණු අතරින් මෙය ද එකකි.

මට පෙනෙන ආකාරයට මිනිසුන් අතරින් බොහෝදෙනෙකු තුළ යුද්ධය නමැති සංකල්පය පමණක් නොව සටන් පැවතීම ද සතුට ජනනය කරන්නේය යන කරුණ පිළිනොගෙන යුද්ධය හෝ සාමය යන මාතෘකාව ගැන කතාකිරීම බොළඳ ක්‍රියාවකි. මාගේ ජීවිත කාලය තුළ දී ගණනින් කිව නොහැකි තරම් පැය ගණනක් යුද්ධය ගැනයුද්ධය වැලැක්වීම ගැනයුද්ධයේ කුරිරු බව ගැන කතා කරන මිනිසුන්ට ඇහුම්කන් දී ඇත්තෙමි. එහෙත් ඒ කිසිම තැනක මිනිසුන් බොහෝ සංඛ්‍යාවකට යුද්ධය පිළිබඳ අදහස උද්‍යෝගයෙන් පිරුන එකක් බවත් යුද්ධයක් අවසන් වූ පසු එය ඔවුන්ගේ ජීවිතයේ හොඳම කාලය යයි කීමට ඉඩඇති බවත් සඳහන් නොවී ය. යුද්ධයෙන් කුරිරු අත්දැකීම් ලබා එයින්ම ජීවිතය විනාශට ලක් වූ අය ගැන වුව ද මෙය සත්‍ය වියහැකිය. යුද්ධයක් පැවතුන කාලයක දී ජීවත් වී ඇති පුද්ගලයින් දන්නා පරිදි යුද්ධයක ආරම්භය පෙනෙන විට පළමුව රහසින් මෙන් නොදැනීම ප්‍රීතිජනක හැඟීමක් ඉස්මතු වේ. හරියටම ශබ්දය නෑසෙන තරම් හඬින් බෙරයක් වැයෙන්නාක් මෙනි. භයානකතහනම් හා දරුණු ප්‍රමෝදයක් පවතින්නාක් මෙනි. ඊලඟය මේ ප්‍රීතිජනක හැඟීම අමතක කිරීමට හෝ නොසලකා හැරීමට හෝ නොහැකි තරම් ශක්තිමත් වී සෑමදෙනාම ඉන් ආවේශ වේ.

පලමු ලෝක යුද්ධයට පෙර යුරෝපය පුරාම හා අමෙරිකාවේ සමාජවාදී ව්‍යාපාර එක්වධනවාදය යුද්ධය අවුලුවන බවටත්සියළුම රටවල වැඩකරන පංතියේ ජනයා ඊට කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවියයුතු බවටත් එකඟතාවකට එළඹියහ. එහෙත් යුද්ධය ඇරඹි මොහොතේම යුද්ධයෙන් ඉවත්ව සිටීම පිළිබඳව වූ ශීලාචාර වූ දතර්කානුකූල වූ දගෞවරනීය වූ ද  සියළුම ගිවිසගැනිම් අමතකවචිත්තාකර්ශණීය වූ විසකුරු ප්‍රමෝදය ඉස්මතු විය. මෙය තේරුම්ගත නොහැකි දෙයක් බවට තරුණ ජනයා අතර පැනනැගුන සාකච්ඡා මම අසා ඇත්තෙමි. ඒ එවැනි දෙයක් සිදුවිය හැක්කේ කෙසේ දැයි ඔවුන්ට තේරුම්ගත නොහැකි බැවිනි. ඔවුහු  එවැනි දෙයක් අත්විඳ නැතුවාක් මෙන්ම බියකරු වූ ද අතිශය ශක්තිමත් වූ ද  මහජන උද්දාමය පිළිබඳ ද අසා දැනගෙන නැත. එය එතරම් ශක්තිමත් වන්නේ යුද්ධය හෙලා දකිමින් යෝජනා සම්මත කරන මිනිස් මොලයේ ශීලාචාරමානුෂිකතර්කානුකූල අංශයට වඩා බෙහෙවින් ඈත අතීතයට හා අත්දැකීම් වලට අයත් වන අංශයකින්  එය මතුවන නිසා ය. එහෙත් සමාජවාදීන්ගේ සම්මේලනයට සහභාගි වූ නියෝජිතයින්ට මේ දැනුම තිබුනේ යයි උපකල්පනය කළහොත්හරියටම කියන්නේ නම් එය ඔවුන්ටම සිදුවුන දෙයක් ලෙස සලකා සාකචිඡාවට එළඹෙන්නට ඔවුන් සූදානම්ව සිටියේ නම්! මක් නිසාද යත් අනෙක් අයට ම්ලේච්ඡ යයි කියන්නට පහසු වුවත් තමන් ද එසේම වන්නට පිළිවන් යයි පිළිගැනීම අසීරු දෙයක් බැවිනි.  සත්තකින්ම ඔවුන් වඩාත් ක්‍රියාශීලී ලෙස ක්‍රියාකරඔවුන්ගේ  නිෂ්ඵල වූ බලාපොරොත්තුව, එනම් යුරෝපයේ වැඩ කරන ජනයා මරණය කරා  දක්කාගෙන යන බැටළුවන් මෙන් යාම ප්‍රතික්ෂේප කිරීමේ බලාපොරොත්තුව ඉටුකර ගන්නට ඉඩ තිබිණ. .

අප දැන සිටියාට වඩා බෙහෙවින් අශෝභන වූ දම්ලේච්ඡ වූ ද යුද්ධය අවසානයේ නිදහස ලැබී වසර දෙකකට පසුව 1982 දී මා සිම්බාබ්වේ වලට ගිය පසු කලු සහ සුදු දෙපාර්ශවයේම සොල්දාදුවන් මුණගැසීමට අවස්ථාව ලැබිණ.  ඔවුන්ට නොදැනෙන්නට ඉඩ ඇති වුවත් ආගන්තුකයෙකුට පැහැදිලිව පෙනුන පලමු කරුණ නම් ඔවුන් කම්පනයට පත්වූ ස්වභාවයකින් සිටි බවයි. සත් අවුරුද්දක් පුරා පැවති යුද්ධය ඔවුන් නිෂ්ක්‍රියහිස් මිනිසුන් බවට පත්කර තිබිණ. මට සිතෙන ලෙස මීට හේතුවන්නේ අප අතින් සිදුවිය හැකි දේවල් මොනවා දැයි සැබෑ අත්දැකීම් තුළින්ම මිනිසුන්ට පිළි ගැනීමට බලකෙරෙන විට එය අප කොතරම් කම්පනයකට පත්කරන්නේ ද යත් එය  දරාගැනීමට ලෙහෙසි නැති තරම් ය; නැතිනම් කොහෙත්ම දරාගත නොහැකි නිසා අපට අවශ්‍ය වන්නේ එය අමතක කරන්නට ය. එසේ වුවත් මේ සාකච්ඡාවේ අරමුණු සඳහා වඩාත් වැදගත් වන තවත් කරුණක් තිබේ. කලු සහ සුදු දෙපසේම සටන්කරුවන්ට යුද්ධය ආශ්වාදජනක දෙයක් වූ බව පැහැදිලිව දැකගත හැකි වීමය. දීර්ඝ සාමකාමී යුගයක නම් කිසිවිටකත් පෙන්නුම් කිරීමට ඉඩක් නොලැබෙන, ගරිල්ලා භටයෙකු සතුවන  දක්ෂතා වන විශිෂ්ට වූ හැකියාවපුද්ගල නිර්භීතභාවයපෙරමුණ ගැනීමේ හැකියාවවිචක්ෂණශීලීබවයන ගුණාංග අත්‍යවශ්‍ය වූ යුද්ධයකි,මෙය. එහෙත් මිනිසුන් තමන්ට එම හැකියාව ඇතැයි විශ්වාස කරනවා මෙන්ම එය ප්‍රදර්ශනය කිරීමට රහසින් හෝ කැමැත්තක් දක්වති. මා විශ්වාස කරන ලෙසට යුද්ධයක් ඇතිවීමට හේතුවන කරුණු අතරින් අඩුම වැදගත්කමක් ඇති කරුණ මෙය නොවේ.

 කලු ජාතික සුදු ජාතික දෙපසටම අයත් ස්ත්‍රී පුරුෂ සියලුම දෙනා පීඩනයේත් අන්තරායේත් අන්තයටම ගොස් පරිස්සමින් ජීවත්වීම සඳහා තම උපරිම හැකියාව යොදවන තත්ත්වයට පත්ව සිටියහ. ඔවුන් ලැබූ මෙම අත්දැකීමට සමාන කළහැකි වෙනත් කිසිවක් නොමැති බව මිනිසුන් පවසනු මා අසා තිබේ. යුද්ධයේ බිහිසුණුබවට ඇති සමීපතාව නිසාම ඒ අපගේ ජීවිතයේ හොඳම කාලය යයි කියන්නට පසුබට වුව ද ඔවුන් එලෙස සිතන්නට බෙහෙවින් ආසන්නව සිටි බව නම් මට විශ්වාස ය. සැබැවින්ම මා මෙහි දී කතාකරන්නේ යුද්ධයෙහි නිරතවූ භටයින් පිළිබඳව මිස රජයේ සුදු හමුදාවේ හා කලු ගරිල්ලා භටයින්ගේ උවමනා එපාකම්වලට මැදිව අන්ත අසරණවඔවුන්ගේ තිරශ්චින සැලකුම්වලට බඳුන් වූ සාමාන්‍ය වැසියන් ගැන නොවේ.

දැන් අතීතයට එකතු වී ඇති යුද්ධය වචන සමූහ තුළ හා වීරත්වයේ චිත්තරූප තුළ ආකෘතිගත වී ඇත. සොල්දාදුවන්ව සිටි අය දෙමව්පියන් වී ඒ ගැන කතාකරන විට ඔවුන්ගේ තරුණ දරුවන්ගේ සිත් තුළ සුලු වශයෙන් හෝ යුද්ධය ගැන අචේතනික ආශාවක් ඇතිවන්නට ඉඩ ඇත. යුද්ධයේ අත්දැකීම් විඳ ඇති සිවිල් පුරවැසියන් ඒ පිළිබඳව එතරම් කතා නොකරන්නේ එහි ඇති බියකරු බව පැහැදිළි කළ නොහැකි බව පසක් කොටගෙන ඇති නිසා ය. එහෙත් ළමාවියෙන් මිදුනු වහාම මෙන් යුද කරන්නට ඉගෙනගත් බොහෝ කලු යුදභටයන් මෙන්ම සුදු යුදභටයන් ද කතාකරන්නේ කාන්සා සහගත සිතිනි. ශ්‍රේෂ්ඨ විමුක්ති සටනඋත්කෘෂ්ට වූ යුද්ධය රටට හා එහි මිනිසුන්ට කෙතරම් අධ්‍යාත්මික හානියක් කළේ ද යත් යුද්ධයකට පසුව ආපසු හැරී බැලීමටවත් අපට සිත හදාගත නොහැකිය. බොහෝවිට අපට නැවත එදෙස බැලිය නොහැකි වන්නේ ද සිදුව ඇති එම හානිය නිසාම ය. වඩා වැදගත් දෙය නම් මේ වික්‍රමාන්විත උත්කෘෂ්ට යුද්ධය සැබැවින්ම අනවශ්‍ය දෙයක් මෙන්ම සුදු මිනිසුන් යන්තමින් හෝ තැනට සුදුසු වූ නුවණ පාවිච්චි කළේ නම් ඉතා පහසුවෙන් වලක්වාගත හැකිව තිබූ දෙයක් ද වූ බවයි. එසේවුවද ඔවුහු සෑම ආකාරයකින්ම ආදිකල්පික වූ හැඟීම් වලින් වෙලී සිටියහ. මම රයිෆලය අතට අරගෙන මගේ අන්තිම ලේ බිංදුව දක්වා සටන් කරනවා.” මා උපුටා දැක්වූ එම වැකියේ මුල් අර්ධයද උපුටා දක්වන්නේ නම් එය මෙසේ ය. ඔබ සිතනවා නම් නුඹලා වගේ රත්තොයි බ්‍රිතාන්‍ය ආණ්ඩුවයි අපේ රට කලු මිනිසුන්ට දෙන්න යනවා කියලා මම රයිෆලය අතට අරගෙන මගේ අන්තිම ලේ බිංදුව දක්වා සටන් කරනවා.” ඔහු කළේ ද ඒ දෙයම ය.

මෙම මනෝභාවය මෑතකදී මට සුදු ජාතික දකුණු අප්‍රිකානුවෙක්ගෙන් ද අසන්නට ලැබිණ.

ඇත්තෙන්ම මෙවැනි ප්‍රාථමික භාවාතීශය හැඟීම් මධ්‍යයේ තර්කානුකූලබවේ දුබල හඬට සාර්ථක වන්නට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය. දකුණු අප්‍රිකාව දෙස බැලුවහොත් එය කෙන්යාවේ හා සුදු රොඩේෂියාවේ අත්දැකීම් වලින් කිසිවක් ඉගෙනගෙන නැත. එහෙත් සමහරවිටඅප බලාපොරොත්තු තබාගතයුතු පරිදිඅන්තවාදී අදහස් දරන්නන් අතර කෙන්යාව හා රොඩේෂියාව දෙස සංයමයෙන් බලා අවබෝධයක් ඇතිකරගත් යුක්තිගරුක මිනිසුන් සහ ගැහැණුන් සිටින්නට පුළුවන. දැනට නම් ඒ බවක් පෙනෙන්නට නැත.

පාලකයින් රුධිරය’ යන වචනය භාවිත කරන්නේ අපගේ ලේ කෝප කිරීම සඳහා ය.

නිදහසේ වෘක්ෂය කලින් කලට දේශප්‍රේමීන්ගේ හා දුෂ්ට පාලකයින්ගේ රුධිරයෙන් ප්‍රාණවත් කළ යුතු ය. එය එහි ස්වභාවික පොහොරයි.” එසේ කිව්වේ තෝමස් ජෙෆර්සන් ය.

අපගේ හමුදා භටයින් වගුරන ලද රුධිරය සාමය පවත්නා කාලයේ දී අප දිරිගන්වයි.

අපට යළි ඉපදිය හැක්කේ රුධිරය තුළින් පමණි.

ඉසුරුමත් අනාගතයකට මග වැටී ඇත්තේ රුධිරය මතිනි.

අප දිරිගන්වනු ලබන්නේ අප වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළවුන්ගේ රුධිරයයි. අප වෙනුවෙන් වගුරන ලද රුධිරය අප කිසි දිනෙක අමතක කරන්නේ නැත.

රුධිරය යන වචනයේ ශබ්දය ඇසෙනවා යනු යුක්තිසහගත බව අතුරුදන්වීමට ආසන්න වීමේ සංඥාවක් යයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.

ලේ පිළිබඳ මෙම අවධාරණය වසර දහස් ගණනක් පුරා යම් කුරිරු දෙවියෙකු සතුටු කිරීමේ   අරමුණින්  පූජකයන් විසින් පළමුව මිනිසුන්ගේ ද පසුව සතුන්ගේ ද ගෙල සිඳ ලේ වැගිරීමෙන් බිලි පූජා පැවැත්වීමේ අතීතය දක්වා දිව යයි. ලෙයින් පවත්වන පුද පූජාබිල්ලට කැපවන්නා හා අන්‍යයන් වෙනුවෙන් බිලිවන්නා ලෙස මේ සියල්ල අපගේ විඥානයෙහි තැන්පත්ව ඇත. යම් නායකයෙකු අපගේ සහය ඔහුට හා ඔහුගේ අරමුණ වෙත ලබාගැනීමේ අදහසින් රුධිරයෙහි පිහිට යදින්නේ නම් අපගේ ආරක්ෂාව ගැන සිතන්නට මෙන්ම ලෙයින් හා බිලිදීම් මගින් අපගේ මුතුන්මිත්තන් ජීවිත ආරක්ෂාව සෙවූ ශතවර්ෂාධික කාලය පිළිබඳව මෙනෙහි කිරීමට ද  කාලය එළඹ ඇති බව අවබෝධ කරගත යුතු ය. එහෙත් අපගේ ජීවිතවලට ලේ අවශ්‍ය නැත. ලේ අවශ්‍ය වන තැනට අප ආපසු යන්නේ ඒ සඳහා අපට බලකරනු ලැබූ විට ය. සෑමවිටම පාහේ රුධිරයෙහි පිහිට පැතීමට පෙරට එන්නේ දියුණුවේ හා ප්‍රගතිශීලීබවේ පෙරමුණෙහි පසුවන්නේ යයි කියාගනු ලබන නායකයින් බව මෙනෙහි කිරීම උත්ප්‍රාසාත්මක සතුටක් දනවයි.  මානවයින්ගේ කතාව මෙනෙහිකර බලන විට සැනසීමකට ඇත්තේ උත්ප්‍රාසය විසින් ජනිත කරන සතුට පමණකැයි අයෙකුට සිතෙන්නට පුළුවන....

අපි සතුරා ඔහුගේම රුධිර සාගරයෙහි ගිල්වමු.

ඔව්සතුරා තමයි....

මෑත කාලයේදී අමෙරිකාවේ එක්තරා විශ්වවිද්‍යාලයක අපූරු පර්යේෂණයක් කරන ලදී. මෙය කුඩා නගරයක් අසල පිහිටි කුඩා විශ්වවිද්‍යාලයක් වූ අතර නගරය හා විශ්වවිද්‍යාලය අතර සමීප සබඳතාවක් පැවතිණ.

එක් දිනක් මනෝ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ නගරවැසියනට විශ්වවිද්‍යාලයට පැමිණ පර්යේෂණයකට සහභාගි වන ලෙස ආරාධනා කළහ. විශ්වවිද්‍යාල ප්‍රජාව සහ නගරවැසියන් එකිනෙකාට උපකාර කරගැනීමට පුරුදුව සිටි අතර එක් කදිම දිනයක දර්ශනීය පරිසරයක පිහිටා තිබූ විශ්වවිද්‍යාලය වෙත සිය ගණනක් නගරවැසියෝ නියමිත වෙලාවට පැමිණියහ. එහෙත් කිසිවක්ම සිදු නොවී ය. මනෝ විද්‍යාඥයින් පෙනෙන්නට සිටියේ නැත. කිසිදු පැහැදිළි කිරීමක් හෝ නිවේදනයක් ද ඉදිරිපත් නොවීය. අමුත්තෝ තැන තැන සිටගෙන බලා සිටියහ. ඉන්පසු ඔවුහු තමන් දැනහඳුනන අය සමීපයට ගොස් සතුටු සාමීචියෙහි යෙදුනහ. ඒ වනවිටත් කිසිවක් සිදුවන බවක් පෙනෙන්නට තිබුනේ නැත. ඒ ගැන සාකච්ඡා කරමින් සියළුම දෙනා ආරාධනයට අනුව මෙතැනට පැමිණියත් ඔවුන් නොසලකා හැරීම පීළිබඳව වාද කරන්නට ද වූහ. වැඩි වේලාවක් යන්නට පෙර ප්‍රතිවිරුද්ධ මත දරණ කණ්ඩායම් දෙකක් ඔවුන් අතර බිහිවිය. මීලඟට ජන සමූහය දෙකට බෙදුන අතර කණ්ඩායම් වෙනුවෙන් ප්‍රකාශකයින් ද බිහි විය. විවාද ඇතිවි ගැටුම් ඇතිවීම දක්වා වර්ධනය විය. තමන්ගේ විශ්වවිද්‍යාලයට (නගරවැසියන් විශ්වවිද්‍යාලය සැලකූයේ ඔවුන්ගේ එකක් ලෙස ය.) ආරාධනා කරනු ලැබ නොසලකා හැරීමට ලක්වීමේ ප්‍රශ්නයට වඩා වෙනස් දේවල් පිළිබඳ සාකච්ඡා ඉස්මතු විය. සෑම ආකාරයකම ප්‍රශ්න මතුවී ප්‍රතිවිරුද්ධ මත පැනනැගිණ.

අතීතයේ යටපත්ව පැවති ගැටළුකාරී තත්ත්ව නව පණක් ලැබ මතුව ආවේ ය.  මෙහිදී කියැවුන අදහස වූයේ සිදුවූයේ හොඳ දෙයක් බවයි. මක්නිසාද යත්,  එක් කාන්තාවකගේ මුවින් පිටවූ ආකාරයට සියල්ල එළියට දාලා ඉවරයක් කරන්න හොඳ අවස්ථාවක් එළඹුන නිසා ය. දෙපාර්ශවය දරුණු ලෙස කෝලාහාල කරගන්නට පටන්ගත්හ. තරුණයින් අතරින් ඇරඹි කුඩා පරිමානයේ අතපය විසිකර ගැනීම් අනෙක් අය අතරට පැතිරෙන ලකුණු ද පෙනෙන්නට විය. මේ මොහොතේ දී කළහකාරී හැසිරීම් වඩාත් බරපතල තත්ත්වයකට පත්වන බව පෙනෙන්නට තිබියදී ඉදිරියට පැමිණි මනෝ විද්‍යාඥයෝ ආරම්භයේ සිටම ඔවුන් පැහැදිලි කර තිබූ පරිදි මෙය සමාජයීය පර්යේෂණයක් බව කියා සිටියහ. එකක් හෝ අනෙකකලු හෝ සුදුමම හෝ ඔබඅපි හෝ ඔබහොඳ හෝ නරකයහපත් වූ බලවේග හෝ නපුරෙහි බලවේග ආදී  වශයෙන් දේවල් යුගල ලෙස දකින්නට මිනිසාගේ මනසෙහි ඇති නැමියාව පිළිබඳ පර්යේෂණ කෙරෙමින් පැවතිණ.

පර්යේෂකයින් එඩිතරව කියා සිටියේ ජන සමූහයක් වූ ඔබ මෙහි රැඳී සිටියේ පැය දෙකක පමණ කාලයක් වුවත් දැනටමත් ඔබ පාර්ශව දෙකකට බෙදී නායකයින් ද තෝරාගෙන තමාගේ පැත්ත හොඳ දෙයෙහි එකතුවක් ලෙසත් විරුද්ධ පාර්ශවය මුරණ්ඩු ලෙස වැරදි දෙය ඔලුවට ගත් අය ලෙසත් දකින්නට පටන් ගත්තා. කිසිසේත්ම නොපැවතුණ මතභේද ගැන සටන් කිරීමට ආසන්නව සිටියා.” යනුවෙනි.

මෙහි සඳහන් කළ සුවිශේෂ වූ සැඳෑව කෙසේ අවසන් වීදැයි අප නොදන්නා නමුත් මා සිතන්නේ කෘතිමව අවුලුවන ලද ආවේග සමගිය හා හොඳ හිත තුළින් නිවා දමන්නට හැකි ආකාරයේ සැණකෙළියකින් එය නිමවන්නට ඇති බවයි.            

 අපි ගන්න පැත්ත හරිඅනිත් පැත්ත වැරදි; අපේ අභිප්‍රාය හරිඔවුන්ගේ එක වැරදිඅපගේ අදහස් හරි; ඔවුන්ගේ අදහස් සපුරා දුෂ්ට නැතත් විකාර යනාදී වශයෙන් සිතන්නට පුරුදු වී ඇති ස්වභාවයක් අප තුළ ඇතත් සන්සුන්වඅපක්ෂපාතීවමිනිසත් බවින් යුතුව සිතාබලා තර්කානුකූල අදහස් වලින් සිත පිරෙන්නට ඉඩහරින විට මම නිවැරදියිඔබ වැරදියි තර්කය විකාරයක් බවට සැකසංකා අප සිත් තුළම මතුවන්නට පටන්ගනී. සමස්ත ඉතිහාසය හා විකාශනය අන්තර් ක්‍රියාකාරකම් හා අන්‍යේන්‍ය බලපෑම් මත පැවතුනා මෙන්ම හිංසාකාරී බවේ අන්තයටම ගිය අදහස් හා චර්යා පවා මනුෂ්‍ය ජීවිතයේ සාමාන්‍ය රටාව හා බැඳෙන්නේ එම වියමනෙහිම එක් වෙළුමක් ලෙසිනි. මෙම ක්‍රියාදාමය ඉතිහාසය පුරාම නැවත නැවතත් සිදුවනු දැකගත හැකිය. සත්‍ය ලෙසම බැලුවහොත් මානව විකාශනයේ සැබෑ ස්වරූපය නැතිනම් සමාජ පරිණාමයේ ප්‍රධාන ධාරාව අන්තවාදී මතවාද ඉවසීමට කැමැත්තක් නොදක්වන නිසාම අන්තවාදී මතවාද හා අන්තවාදීන් නෙරපා හැරීමට හෝ සාමාන්‍ය ධාරාවට එකතුකර ගැනීමෙන් දියකර හැරීමට පියවර ගෙන ඇතිවාක් මෙනි.

පැරණි ග්‍රීක දාර්ශණික හෙරක්ලීටස් පවසා ඇති පරිදි සෑම දෙයක්ම වෙනස් වෙවී ගලා යමින් පවතී.

මා නිවැරදියි, මා ගන්නා පැත්ත නිවැරදියි යනුවෙන් දෙයක් නැත. මක් නිසාද යත්, පරම්පරාවක් හෝ දෙකක් ගියතැන මා දැනට සිතන ආකාරය යන්තමින් හෝ හාස්‍යජනක දෙයක් වී තිබෙන්නට නැතිනම් මතුවන නව තත්ත්ව යටතේ යල්පැන ගොස් තිබෙන්නට එසේත් නැතිනම් අවම වශයෙන් දැවැන්ත වූ ක්‍රියාවලියක හෝ විකාශනයක ශක්තිය වියැකී ගිය ඉතා කුඩා කොටසක් බවට වෙනස් වී තිබෙන්නට හැකියාවක් පවතින නිසා ය. 

4 comments:

  1. හොඳ ලිපියක් . මගේ බ්ලොග් ලිවිම තුලින් මා පවා ක‍රන්නේ මගේම මුල් අදහස් විමර්ශනයට භාජනය කිරීමයි .

    ReplyDelete
    Replies
    1. තමන් දිහාම විවේචනාත්මකව ආපසු බැලීම පහසු දෙයක්මත් නෙවෙයි.

      Delete
  2. ලංකාවේ පැවති දීර්ඝ කාලීන සිවිල් යුද්ධයේ දීත් ඕක ඔහොමම වුනා . තමන්ගේ පැත්ත හැම විටම නිවැරදි යයි සිතීම සහ ඒ සඳහා ක්‍රියා කිරීම .

    ReplyDelete