අද රෑ ඇය කවුරු වෙයි ද?


"අපේ වැඩේ ඉවර උනහම සල්ලි ඩ්‍රෙසිං ටේබල් එක උඩ තියන්න." 

ඇය එසේ කීමෙන් පසුව ඇයට හුස්ම ගැනීමට පවා අපහසු වන තරමට ඔහු ඇගේ සිරුර මතට බර දුන්නේය. ඔහු සිටියේ බීමත්ව ය. එකම ලෙසට ඇරඹී, එකම ලෙසට පැවතී, එකම ලෙසට අවසන් වූ අයුරු බැලීමේදී සෑම රාත්‍රියකම සිටියේ එකම මිනිසා ය. සෑම මිනිසෙකුටම වෙනස් වූ නමක් තිබුන ද බරත් මුදලත් එකම විය. 

ඇය ද සෑම රාත්‍රියකම එකම ගැහැණිය නොවූවාය. පසුගිය රාත්‍රියේ ඒ මිනිසා තම පිළිකුල්සහගත බරින් ඇය තෙරපාගෙන සිටියදී ඇය වේදිකාවක් මත රෝස මල්, ඔල්වරසන් හා සුළඟේ පා කර එවූ හාදු පිළිගනිමින් සිටි ඔපෙරා ගායිකාවක වූවාය. ඊට පෙරදින රාත්‍රියේ ඇය සමරු සටහනක්, ඡායාරූපයක් නැතිනම්  "කොහොමද ඉතින්?" යනුවෙන් සුහද වදනක් ඇයගෙන් ලබාගන්නට නැතිනම් අඩු තරමින් ඇගේ ඇස් බැල්මකට හෝ යොමුවන්නට පොරකන ආදරයෙන් උමතු වූ රසිකයන් පිරිසක් මැද සිටි ආකර්ෂණීය නැගී එන නිළියකි. 

අද රාත්‍රියෙහි ඇය රැජිණකි; ඇයගේ සියළු ආශාවන් ඉටුකරදීමට කැපවූ යටත් වැසියන්, සුදු අශ්වයින් හයදෙනෙකු බැඳ අශ්ව කරත්තයක් හා පාද තැබීමට එලූ රතු පළසක් ඇති, ඇගේ පිළිකුලට ලක්වූ ගැමියන්ගෙන් ලැබුන ආචාර සමාචාර හිමි වූ රැජිණකි. ඇය සිටින්නේ ඔවුන්ගෙන් බොහෝ දුරක ය. ඔවුන්ට කළහැක්කේ ඇය සිටින මාලිගය සිතින් මවාගැනීම පමණකි. ඇයට කළහැක්කේ ඔවුන් පෙනෙන තරම් අපිරිසිදු හා පිළිකුල් සහගත නැතැයි සිතින් මවාගැනීම පමණකි. සුඛ විහරණයෙන් මෘදු වූ ඇගේ දෑත්වලින් ඔවුන් ස්පර්ශ කළේ නැත. ඇය ස්පර්ශ කිරීමට ඔවුන්ට අවසර නොතිබිණ. සුදු පැහැති අත්වැසුම් පැළඳි අත වනමින්, සායම් තැවරූ චිත්‍රයක් මෙන් සිනාවක් මුහුණෙහි රඳවාගනිමින් ඇය ගම් හරහා සංචාරය කළාය. කෙතරම් අසිරිමත් රැජිණක් ද ඇය, දැකබලා ගන්නට තරම් වටින. 

ඇය තෙරපාගෙන සිටි  බර සිරුර ද කාමරය ද අතහැර ඉවතට ගියේය. ඇඳෙන් බිමට රෝල් වූ ඇය මුදල් සඟවා තබා ඊලඟ දිනයේ රාත්‍රිය එනතෙක් බලාසිටියාය. 

 Tammy Ruggles නම් ලේඛිකාවගේ Who Will She Be Tonight? නම් කෙටිකතාවේ පරිවර්තනයකි. 

එතෙර ගතකළ කාලය මෙතෙර හැඩ කළ ලීලය

                  

      ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සේවයෙහි යෙදුන විද්වතුන් ගණනාවකි. මහාචාර්ය ගුණපාල මලලසේකර මහතා ඒ අතරින් ප්‍රමුඛ ය. මේ ඒ මහතා තම විදේශ සේවය අලලා 1966 නොවැම්බර් 26 දින නවයුගය සඟරාවට සැපයූ ලිපියකින් උපුටා ගැනුන කොටස් කිහිපයකි. 

රජවරු අනාගත්ත හැටි!

 

අනාගැනිල්ල රජවරුන්ට අළුත් දෙයක් නෙවෙයි කියලා අපි දන්නවනේ. ඒත් ඒක මේ විදියට සිනාවක් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන් අය හරි අඩුයි. එහෙම නිර්මාණකරුවෙක් තමයි ඇස්. ඒ. දිසානායක. බූ බබා, යෝධයා, පඬිතුමා වගේ කතා කියවන්න වාසනාව තිබුන අයට එස්. ඒ. දිසානායක කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. 

අනිච්චේ දුක්ඛේ!

 

                  

මොනවා . . . ? ඉර හැරෙන්නත් ළං වෙලා වගෙයි! දන්නෙම නැතිව හෝරා දෙක තුනක් විතර ඇවිත් තියෙනවා. හැබෑටම දැන් නම් බත් බුසලක් කන්න බඩගිනියි. හොඳ හෝටලේකට ගිහින් පානුයි පරිප්පුයි ටිකක් කාලා සප්පායම් වෙන්න ඕන . . .!

ලොක්කන්ගේ අධ්‍යාපනය

                       
                                          (cartoon movement වෙතින්)

සාමි මන්ත්‍රී මණ්ඩලය, 1920 ජනවාරි 25වන දින - අධ්‍යාපන පනතෙහි පාසැල්වල ජ්‍යාමිතිය ඉගැන්වීමට අදාළ 52000 වැනි වගන්තිය සලකාබැලීම සඳහා සාමි මන්ත්‍රී මණ්ඩලය අද කාරක සභා අවස්ථාවෙහි රැස්විය.