දෙවියොත් සාක්කි!

   පහත දැක්වෙන්නේ ඉන්දියානු විද්වතෙකු වූ ඒ.කේ. රාමනුජාන් විසින් රචිත කන්නඩ ජනකතා එකතුවක් වූ The Flowering Tree නම් කෘතියෙන් ගත් ජනකතා දෙකකි. ඔහු මේවා හැඳින්වූයේ කටින් කට පැවත ආ කතා (oral tales) ලෙසය.

සින්ඩරෙල්ලා සොයා!



ගොම්මනේ සිට හිමිදිරිය තෙක්
එක් නගරයක සිට තවත් නගරයකට

හරක් දැක්කීම

මෙවර මා තෝරා ගත්තේ රැල්ෆ් කොම්ප්ටන් නම් ලේඛකයාගේ The Western Trail නම් නවකතාවෙන් තෝරා ගත් කොටස් කිහිපයකි. මෙම නවකතාවට පසුබිම් වන්නේ දහනවවන සියවසේ අග භාගයේ ගව පාලනය තම ජීවිකාව කරගත් ටැක්සාස් ප්‍රාන්ත වැසියන් කණ්ඩායමක ගොපළු  ජීවිතයි. ගොපළු ජීවිත පසුබිම් කරගත් නවකතා බොහොමයක් ගැඹුරින් එම ජීවිත විවරණය කරන ඒවා නොව කව් බෝයිස් ලෙස හැඳින්වූ ගොපළු තරුණයින්ගේ වීර වික්‍රමාන්විත ක්‍රියා පසුබිම් කරගත් කතාන්තරය. එමෙන්ම මේ බොහෝ කතාවල රතු ඉන්දියානු ජාතිකයින් නිරූපනය කරනු ලබන්නේ දරුණු ම්ලේච්ඡයින් ලෙසය.