රටේ නොයෙකුත් අභාග්‍යසම්පන්න ඛේදවාචක වෙන්නේ පාලකයින්ගේ අමනුස්ස පාලනය නිසා කියලා කතාවක් දන්න කාලෙ ඉඳලම අහලා තියනවනෙ. ඒ නිසාම වෙන්නැති "රාජා භවතු ධම්මිකෝ" කියලා උදේ හවස සජ්ජායනා කරන්නේ. මේ විශ්වාසෙන් වැඩිපුර ප්‍රයෝජන ගන්නේ දේශපාලනය කරන උදවිය තමයි. හැබැයි ජනතාවට ඉදිරියෙන් ඉඳලා මග පෙන්වන්න ඉන්න මාධ්‍යකාර ඇත්තොත් ඒ මිථ්‍යා අන්ධකාරෙ ගිලිලා ඉඳගෙන කියවන අයත් ඒ මඩගොහොරටම ඇදලා ගන්න හදන කොට නම් මේ දවස්වල පත්තර එකින් එක වැහීගෙන යන එක පුදුමෙකුත් නෙමෙයි.
"නිරන්තරයෙන් වැටෙන ජල බිංදුවෙන් ගලෙහි සිදුරක් සැදෙන්නේ බලය නිසා නොව නොනවත්වා පැවතීම නිසාය." - ඕවිඩ්
මා බාල කාලේ!
පෝස්ට් එකක් දැම්මේ දෙමසකට පසුව ය. ලියන්නට බැරි උන හේතුව ද හොඳ ලියවිල්ලක් විය හැකි යයි සිතා ලියන්නට ගත්තද ලියන්නට අවධානය යොමුකරගන්නට බැරි විය. එනිසා දැනට මේක. නොලියා සිටීමේ වරදකාරී හැඟීම ද මෙයින් දුරු වෙතැයි සිතමි. මේක ගත්තේ 1962 මාර්තු 12 දින නවයුගය සඟරාවෙනි. ලියා ඇන්දේ කවදත් අප කුඩා අවදිය කතා රසයෙන් අමන්දානන්දයට පත්කළ ඇස්. ඒ. දිසානායක ශූරීන් ය.
Subscribe to:
Posts (Atom)




