පොල් පරාලය තිබෙන්නේ කාගේ ඇසේ ද?

             

රටේ නොයෙකුත් අභාග්‍යසම්පන්න ඛේදවාචක වෙන්නේ පාලකයින්ගේ අමනුස්ස පාලනය නිසා කියලා කතාවක් දන්න කාලෙ ඉඳලම අහලා තියනවනෙ. ඒ නිසාම වෙන්නැති "රාජා භවතු ධම්මිකෝ" කියලා උදේ හවස සජ්ජායනා කරන්නේ. මේ විශ්වාසෙන් වැඩිපුර ප්‍රයෝජන ගන්නේ දේශපාලනය කරන උදවිය තමයි. හැබැයි ජනතාවට ඉදිරියෙන් ඉඳලා මග පෙන්වන්න ඉන්න මාධ්‍යකාර ඇත්තොත් ඒ මිථ්‍යා අන්ධකාරෙ ගිලිලා ඉඳගෙන  කියවන අයත් ඒ මඩගොහොරටම ඇදලා ගන්න හදන කොට නම් මේ දවස්වල පත්තර එකින් එක වැහීගෙන යන එක පුදුමෙකුත් නෙමෙයි.

වෙන්නත් ඕනැ එහෙමම තමයි කියලත් හිතෙනවා. මේ පූර්විකාව ලියන්න හිතුනේ පසුගිය දා ඉරිදා පත්තර පිටුවක තිබුන ලිපියක් දැකලා. පුවත්පත රතු ඉර ය. දිනය සැප්තැම්බර් 06 වන ඉරිදා ය.

පිටුවක් පුරා මේක ලියන්නේ පසුගිය දවසක අභිරහස් ලෙස හදිසියේ මරණයට පත්ව තිබූ ප්‍රකට නිරූපිකාවකගේ අභාග්‍යසම්පන්න මරණය ගැනයි. එය සිදුව තිබූ ආකාරය නිසාම ඒ ගැන ලොකු අවධානයක් යොමු උනා.  ඒ සිදුවීම ගැන මාධ්‍යවල ප්‍රචාරය වූ ආකාරයට මරණය සිදුව ඇති ආකාරය ගැන නිශ්චිත හේතුවක් දැනගැනීමට නොහැකි වූ නිසා ඒ සම්බන්ධ තීරණයක් ලබාදීම රස පරීක්ෂක වෙත යොමුකර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. එහෙත් එම වාර්තාව එන්නට පෙරම මෙම ලිපිය ලියන ලේඛිකාවට ඊට හේතුව දැනගන්නට ලැබී තිබේ. ඒ මෙසේ ය. 


මේ කියන "දිට්ධ ධම්ම වේදනීය කර්මය" ලේඛිකාව අනුමත කරන්නේ මෙසේ ය. 


ලේඛිකාවට අනුව පියෙකු නැති දරුවෙකු සිටීම නිසා ඇයට ලැබිය යුතුව තිබූ අපහාස ලැබී නැත. එහෙමත් තිබෙද්දී අනුන්ගේ අඩුපාඩු හෙවීමේ විපාකය ඇයට ලැබී තිබේ. අනෙක් අය ද එය ආදර්ශයට ගත යුතු ය. මේ ලිපිය පළ වූ පසුව අදාල නඩුවෙන් ඇය නිදහස් වී තිබූ බව ද මෙහි සටහන් කර තැබීම වටියි. 

No comments:

Post a Comment