රතු ඉන්දියානුවාගේ අනාවැකිය

 

 ප්‍රකට අමෙරිකානු ලේඛක Louis L’Amour ගේ “Westward the Tide” නවකතාවෙන් උපුටා ගත් කොටසකි මේ. රතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙකු සුදු මිනිසුන් අමතා කරන කථාවක් ලෙස මෙම කොටස ලියවී තිබේ. එසේ වුවද මෙහි දැක්වෙන කරුණු වර්තමානයේ ඕනෑම රටකට පොදු බව කියවූ පසු තේරුම් යයි. ලේඛකයා පිළිබඳව ද යමක් සටහන් කිරීම අත්‍යවශ්‍යය. Western යනුවෙන් හැඳින්වෙන, උතුරු අමෙරිකාවේ ගව පාලනයෙහි යෙදුන ජන කොටස් (cowboys) පසුබිම් කරගත් කතා විශේෂය කලක් පාඨකයින් අතර බෙහෙවින් ජනප්‍රිය වූ යුගයක් විය. මේවා ඇසුරෙන් නිපැයූ සිනමා නිර්මාණ ද එලෙසම ජනප්‍රිය විය. මේ නිර්මාණ බොහොමයක දැකගත හැකි වූ ලක්ෂණයක් වූයේ රතු ඉන්දියානුවන් ම්ලේච්ඡ, අමානුෂික ජන කොටසක් ලෙස නිරූපනය කිරීමයි. එහෙත් ලුයී ල‘අමෝර් තම නිර්මාණ වලදී ඔවුන් දෙස සානුකම්පිත බැල්මක් හෙලනු නිරීක්ෂණය කළ හැකිය. සඳහන් කළයුතු තවත් විශේෂ කරුණක් නම් ල‘අමෝර් ගේ සීයා මියගියේ රතු ඉන්දියානු ප්‍රහාරයකින් වීමයි. 


                                          (රතු ඉන්දියානු ගෝත්‍රික නායක රෙඩ් ක්ලවුඩ්) 

පියවර

 

   


 නයිජීරියානු ලේඛක Samson O. O. Amali විසින් රචිත Strides නම් කවි පංතියෙහි පරිවර්තනයකි.
                                                         


පියවර

බලන්න අර දරුවා දෙස,

ලඟින්, ලඟින් පා තබමින් මවගෙ පිටුපසින් දිව යන.

කුරුල්ලෙකු ඇල්ලු අන්ධයා

 

අමෙරිකානු ලේඛක Alexander McCall Smith විසින් රචිත A Blind Man Catches a Bird නම් කතාවේ පරිවර්තනයකි.

                                                 කුරුල්ලෙකු ඇල්ලු අන්ධයා

එක තරුණයෙක් විවාහ උනේ අන්ධ සොහොයුරෙකු සිටින තරුණියක සමගයි. මෙම තරුණයාට තම මස්සිනා හොඳින් හඳුනා ගන්නට අවශ්‍ය  උනා. එම නිසා දවසක් ඔහු මස්සිනාට දඩයමේ යන්නට යෝජනා කළා.

මට ඇස් පෙනෙන්නේ නැහැ. ඒත් අපි යමු. ඔබට පුළුවන් මට උදවු කරන්න.අන්ධ මිනිසා කිව්වා.

ලේ සුවඳ

 මේ පුවත්පතක පළවූ මගේ පලමු නිර්මාණයයි. ඒ 1991-04-24 දින තරුණි පුවත්පතේය. අද මෙය නැවත කියවන විට වෙනස් කළයුතු යයි සිතෙන තැන් කොතෙකුත් පෙනුණද එය එසේම මෙහි බහාලන්නට සිත්විය.



බටහිර අහසේ මදක් මුදුණට වන්නට අඩසඳ පායා ඇත. එසේ වුවද ඉන් නික්මෙන්නේ මලානික එළියකි. කටුකැලය පුරා ඝනව වැඩුනු පඳුරු හා අතරින් පතර අහසට නැගුණු රූස්ස ගස් අන්ධකාරයේ නිමග්නව ඇත. සුදුමැලි සඳ එළිය විසින් මද හෝ ඉඩක් ඇති සෑම තැනකම වාගේ ඇඳ ඇති සෙවනැලි නිසා අඳුරු බව වඩාත් දැඩිව දැනේ. මී ගසක ගෙඩි කෑමට රොක්වූ මා වවුලන්ගේ නාදය රාත්‍රියේ නිසල බව බිඳිමින් ඈතට විහිද යයි.

Moon and the Waves

                


                         Moon and the Waves  

 I step out into the garden and let Dew-soaked moon,

Among glittering stars, pour its pale wet light over me,