පියවර

 

   


 නයිජීරියානු ලේඛක Samson O. O. Amali විසින් රචිත Strides නම් කවි පංතියෙහි පරිවර්තනයකි.
                                                         


පියවර

බලන්න අර දරුවා දෙස,

ලඟින්, ලඟින් පා තබමින් මවගෙ පිටුපසින් දිව යන.

තබනව පියවර ඇය  නොදැන ඒ බව

තව තවත් ඈතින්, තව තවත් වේගයෙන්.

ඔහුත් දුවන එක ඉක්මන් කරනව ලංවන්නට ඇය හට.

ඉක්මන් කරන තරමට,

වැඩිවෙනව පරතරය ඇය පිටුපසින් සැදෙන ඔහුත් ඇයත් අතර.

ජීවිතය කියන්නේ ඇයත් ඔහුත් දෙදෙනාමයි.

බෙදා ගනිති ජීවිතය දෙදෙනම, තමන්ට හිමි තරම ජීවිතෙන් අරගෙන,

දෙමින් තමන් සතු දේ යළි ජීවිතය වෙත.

පියනගයි ඇය උදාරම් ලෙස පෙනෙන සේ

 දරුවාටත් ඇයටත්, නොදැනම

ඇගේ දරුවා තවමත් පසුපසින් එන බව.

එක පෙළට නොවැටෙති ඔව්හු කිසිදා

එක පෙළට ආවත් ඔවුන්,

එක වගේ නොවෙති ඔවුහු කිසි කළෙක,

ජීවිතයත් සොබාදමත් ඈත්කර ඇත ඔවුන් සදාකාලිකවම,

එක් අයෙක් තුළ සිටිය හැකි  අනෙකා,

මවක් සහ ඇගේ දරුවා.

Samson O. O. Amali

 

No comments:

Post a Comment