Showing posts with label කහඹිලියා පඳුර. Show all posts
Showing posts with label කහඹිලියා පඳුර. Show all posts

ලොක්කන්ගේ අධ්‍යාපනය

                       
                                          (cartoon movement වෙතින්)

සාමි මන්ත්‍රී මණ්ඩලය, 1920 ජනවාරි 25වන දින - අධ්‍යාපන පනතෙහි පාසැල්වල ජ්‍යාමිතිය ඉගැන්වීමට අදාළ 52000 වැනි වගන්තිය සලකාබැලීම සඳහා සාමි මන්ත්‍රී මණ්ඩලය අද කාරක සභා අවස්ථාවෙහි රැස්විය.

තුවාලය

                           

ආ, රංජනී. මොකද මේ පැත්තෙ?

සුදු මහත්තයලගෙ දිහා වැඩ කරලා එන ගමං මහත්තයා. මේ පැත්තෙන් එන්න හිතුනා. ඒකයැ, මහත්තයා දන්නවද අපේ මනුස්සයගෙ තුවාලෙ හොඳවෙන්නෙ නැත්තෙ කවුද ඒකට විස බැඳලලු!

බල්ලන්ට බත්!

 


අයියෝ. . . ! 

ඇයි රංජනී?

මහත්තයා බල්ලට බත් දීල තියෙන්නේ කෙහෙල් කොලේකනේ. 

ඉතින්? 

වැරදි පැත්තෙ ගාපු බටර්

     මේ Paulo Coelho ගේ  Stories for Parents, Children and Grandchildren කෘතියෙන් උපුටාගත් තවත් කතා තුනකි.     

       

1. අපි හැමතිස්සෙම හිතන්න කැමතියි අපි කොයි දේ කළත් වරදිනවා කියලා. අපිට හරියන්න තරම් වාසනාවක් නෑ තියලා තමයි හිතෙන්නේ. මේ ඒ වාගේ සිතුවිල්ලක් ගැන ලියැවුන කතාවක්. 

කැඩපත ඉදිරිපිට සිට . . .

 

(cartoon movement වෙතින්)

1. දරුවෙකු මැරූ මිනිසා

එක්තරා ඈත පලාතක මෝඩ මනුෂ්‍යෙයක් හිටියා. ඔහුට දරුවන් හත්දෙනෙක් හිටියා. එක දවසක් බලාපොරොත්තු නොවුන ලෙස මේ දරුවන් අතරින් බාල දරුවෙක් මියගියා. දරුවා මියගිය බව දැනගත් පසුව මෝඩයාට අවශ්‍ය උනේ සිරුර වලලන්නේ නැතිව ගෙදර තියාගන්නයි. මෙය දැනගත් ඔහුගේ මිතුරෙක් ඔහුට අවවාද කලා. 

ප්‍රඥාවෙන් අවසන් නොවූ ආනන්දය





පසුගිය සතියේ ප්‍රවීණ සංගීතඥයෙකු හා මධුර ගී තනු නිර්මාපකයෙකු වූ ආනන්ද ගමගේ මහතා අප අතරින් නිහඬවම වෙන්වී ගොස් තිබිණ. ඒ පිළිබඳව කිසිම පුවතක් කිසිම ජනමාධ්‍යයක පළවී තිබෙන බවක් නුදුටිමි. මා ද ඒ පුවත දැකගත්තේ මා මිත්‍ර, ප්‍රවීණ ලේඛක සිඩ්නි මාකස් ඩයස් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකිනි. ඒ සටහන කිසිදු වෙනසකින් තොරව එලෙසම මෙහි උපුටා දක්වන්නේ එම පුවතින් ඔහුට දැනුන හැඟීම මට ද එලෙසම දැනුන බැවිණි.

කැඩපත ඉදිරිපිට





කීර්තිමත් ඉන්දීය ලේඛකයෙකු මෙන්ම පුවත්පත් කලාවේදියෙකු ද වූ කුෂ්වන්ත් සිං ගේ Big Fat Joke Book නම් කෘතියෙන් උපුටාගත් හාස්‍යෝත්පාදක කතා කිහිපයකි මේ. මෙම කතා ඉන්දියාව පසුබිම් කරගෙන රචනා වී තිබුන ද සමහර කතා විවිධ ස්වරූපයෙන් අප අසා ඇති ඒවාය. එසේ වුවද අප රටට පවා ඒවා ගැලපෙන බව නම් නිසැක ය.

කිව් දේ කිරීම

 



1969 සැප්තැම්බර් 26 දින "නවයුගය" සඟරාවට ප්‍රවීණ ලේඛක බෙනඩික්ට් දොඩම්පේගම විසින් ලියන ලද ලිපියකිනි.






රජ තෑග්ග

 


                                                                         (cartoon movement වෙතින්)

සමාජ මාධ්‍ය තුළින් ජනගත වන පුවත් අඩවි හා අනෙකුත් තොරතුරු නියාමනය කිරීම සඳහා පනතක් ගෙන ඒමේ සූදානමක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී ඇති බව පෙනේ. එය සිංගප්පූරුව ආදර්ශයට ගෙන සැකසීමේ සූදානමක් ගැන ද බලධාරීන්ගේ ශ්‍රී මුඛවලින් ප්‍රකාශයට පත්ව ඇත. මේ පුවත දුටු මගේ මතකයට නැගුනේ කළකට පෙර මා හට කියවන්නට ලැබුන අපූරු කතාන්දරයකි. 

මගේ එළදෙන

 


පුරාණයේ ගම්වල ගවයින් ඇතිකිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණි. ගවයින් ඇතිකිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ කුඹුරු ගොවිතැන සඳහා යොදාගැනීමයි. ඊට අමතරව අද මෙන් ප්‍රවාහනය සඳහා වාහන නොතිබූ ඒ අවධියේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ ද ගවයාය. හරකුන් ඇතිකිරීම ගැමියාට එතරම් බරක් නොවූයේ සෑම ගමක් ආසන්නයේම කැලෑවක් තිබූ නිසාය. වැඩ නැති කාලයට උදෑසනම කැලයට දක්කන ගවරැල සවස් යාමයේ නැවතත් නිවස කරා දක්කාගෙන ඒම ගැමියාගේ සිරිත විය.  අද මෙන් සොර සතුරන් බහුල නොවූ ඒ යුගයේ හරකෙකු නැති වූයේ කලාතුරකිනි. මේ ඒ කාලයේ සිදුවිනැයි මා අසා තිබූ කතාවකි. 

අතිගරු (නැති) බෑනා = මාමා වහන්සේ!

 

(cartoon movement වෙතින්)

මාමාත් බෑනාත් අතර බොහෝ වෙනස්කම් තිබෙන බව බහුතරයකගේ මතයයි. බෑනා මෙතෙක් සැලකුනේ උපායශීලිත්වය අතින් මාමාගේ අහලකින්වත් තියන්නට බැරි පරාජිත චරිතයක් ලෙසයි. බෑනා රටේ නායකයා වූ සැටිත් පත්වී ගත් පළමු පියවරත් නිසා දෙදෙනා අතර සිතා සිටි තරම් ලොකු වෙනසක් නැති බවටත් මතයක් දැන් දැන් මතුවීගෙන එන බව පෙනේ. කෙසේ වුවත් මේ මතක් කරන්නට සැරසෙන්නේ බෑනාට එපා වූ දෙයක් මාමාට ඕනෑ වූ සැටිය.

හොයමු, හොයමු ඩොලර් හොයමු!

(cartoon movement වෙතින්)


 මේ දවස්වල  අඳුරේ පහස විඳිමින් නිවෙස්වල ද මහපාරේ පෝලිම්වල ලගිමින් ද අප අහස පොලව ගැට ගහන්නට දඟලන්නේ මේ කොහේවත් නැති රටක තියන ඩොලරයක් අපේ රටට කළ වින්නැහිය ගැන ය. ඒ වගේම ඩොලර් ටිකක් හොයාගත්තොත් ටික දවසකට හරි ගොඩ යන්න පුළුවන් බවත් පේන්න තිබේ.  මෙහෙම කල්පනා කර කර ඉන්න අපට අඳුරු අහසේ දිස්වන රිදී රේඛාවක් මෙන් බලාපොරොත්තුවක් ඇති කරන සැලසුමක් ගැන ජන මාධ්‍ය හරහා දැනගැනීමට ලැබුණි. මේ  සැලසුමේ කොපිරයිට් අයිතිය ඒ සැලැස්ම ඉදිරිපත් කළ අයට හිමි වුවත් අදාළ හිමිකරු මෙම සංකල්පය යතාර්ථයක් බවට පත්කරන්නට එතරම් උනන්දුවක් නොගන්නා බව පෙනෙන හෙයින් එම අදහස පෝෂණය කරන්නට අපට පුළුවන් හැටියට අදහසක් දෙකක් ඉදිරිපත් කිරීමේ වරදක් ඇතැයි නොසිතමි.

ඔන්න ඔහොමයි මැරුවේ!



මේක නම් හරිම අබිරහසක්! ඇත්තටම මිනිහෙක් වෙඩි තියලා මරලා දාලා තියනවා. කරපු මිනිහෙක් ගැන හිතා ගන්නත් බෑ. ඉතින් අර ශ්‍රේෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක රහස් පරීක්ෂක ගෙන්වනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. 

මුට්ටිය දමා ඔලුව බේරාගැනීම

 ඊයේ අපිට පැය 13ක පවර් කට් එකක් තිබුනා. අද කොහොම වෙයිද දන්නෑ. ඊට ඉස්සර මේක දාන්නේ. අතීතයේ අනාගත්ත රජවරු හිටියා වගේම විපක්ෂ නායකයින්ගේ ප්‍රතිචාර අනුව පෙනෙන්නේ අනාගතයේ ද අනාගන්නා රජවරු පහල වීමට නියමිත බවයි. මේ ඒ ගැන පහන් සංවේගය උපදවා ගැනීම පිණිසයි.

අනාගත්ත රජ්ජුරුවන්ගේ විත්ති


මේ හැටේ දශකයේ අග භාගයේ නවයුගය සඟරාවේ පළ වූ ළමා කතාවකි. චිත්‍ර ශිල්පියා ඔන්න බබෝ, යෝධයා පඬිතුමා වැනි එවකට ප්‍රකට චිත්‍රකතා ඇඳි ඇස්. ඒ. දිසානායක සූරීන් ය. "අද අපේ රටට මොකද වෙලා තියෙන්නෙ!" කියලා විස්සෝප වන උදවියට මේ කතාව කියවා වෙලා තියන හරිය තේරුම් ගත හැකිය. එමෙන්ම ඇස්. ඒ. දිසානායක සූරීන් හුදෙක් ළමා කතා නිර්මාණකරුවෙක් පමණක් නොව අනාගතය දැකීමට හැකියාවක් තිබූ බහුශ්‍රැතයෙකු බව ද පෙනේ. මෙය මෙසේ පළකිරීම මගේ සහෘද බ්ලොග් රචකයින් කිහිපදෙනෙකුගේ ඉල්ලීමක් ඉටු කිරීමක් ද වෙයි.  














 

රේස් බුකියට ගිය ෆේස් බුකිය!

 

(cartoon movement වෙතින්)

වාසිතය බ්ලොග් අඩවිය කරන  ඩියොන් මිතිල ප්‍රනාන්දු ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී මයිකල් ඇන්ජලෝ පිළිබඳව අපූරු ලිපියක් තම බ්ලොග් අඩවියේ පළ කර තිබිණ. එම තොරතුරු ගොනුකර ගැනීම පිණිස ඔහු සෑහෙන වෙහෙසක් දරන්නට ඇත.

ප්‍රියන්ත කුමාර, ඉම්රාන් ඛාන් හා vigilante

 

 


 

vigilante යන වචනය මා ඉගෙන ගන්නේ Westerns නමින් හැඳින්වෙන අමෙරිකාවේ ගොපළු වීරයන් ගැන වූ කතා කියවීමට හා චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූ පසුව ය. යම් ප්‍රදේශයක අපරාධ වැඩිවන විට නීතිය බාර නිලධරයා වන ෂෙරීෆ් ඊට නිසි පියවර නොගන්නා විට නීතිය තම අතට ගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන සන්නද්ධ කණ්ඩායම් සඳහා එම වචනය යෙදින. ශබ්ද කෝෂය එම වචනය අර්ථ ගන්වන්නේ මෙසේ ය.
a person who tries in an unofficial way to prevent crime, or to catch and punish someone who has committed a crime, especially because they do not think that official organizations, such as the police, are controlling crime effectively. Vigilantes usually join together to form groups.
මේ වචනය ගැන යළි අවධානය යොමුවන්නේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් එරට දී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වන ශ්‍රී ලාංකිකයා පිළිබඳව නිකුත් කරන ට්විටර් පණිවුඩයේ එම ඝාතනය සිදුකිිරීමට හවුල් වූවන් හැඳින්වීමට එම වචනය භාවිත කිරීම නිසා ය.
අර්ථය එසේනම් ඔහු අදහස් කරන්නේ දඬුවමට භාජනය වූ තැනැත්තා වරදක් කර ඇති මුත් ඔහු දඬුවමට ලක්කල ආකාරය වැරදී කියන පණිවුඩය ද?
ඉස්ලාම් දහමට අපහාස කිරීම පකිස්තාන නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවන් නඩුවක සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු තම ජීවිතය පිළිබඳ ආශාව අත්හැර එසේ කළ යුතු ය.

ගෑස් පිපිරීම් වළක්වා ගන්නා නොවරදින මග - රාජ්‍යයට සේවය පිණිසයි.

 


ලියමින් සිටි බ්ලොග් ලිපිය ද නවතා මෙය ලියන්නට ගත්තේ කාරණයේ බරපතලකම නිසාම ය. ප්‍රමාද කිරීමෙන් නැතිවීමට ඉඩ ඇති එක් ජීවිතයක් හෝ බේරා ගැනීමේ අවස්ථාව ගිලිහී යාමට ඉඩ ඇති ය.

දියවැලක් ඔස්සේ සොයා ගිය හැටි!

             



ප්‍රවීණ පුවත්පත් කලාවේදී හා ලේඛක සිරිලාල් කොඩිකාර මහතා සිය දිවි ගමන නිමා කළ පුවත දින කිහිපයකට පෙර අසන්නට ලැබිණ. ඒ සමගම මගේ මතකයට නැගුනේ එතුමන් ලියූ පොතක් සොයා ගොස් මා මුහුණ දුන් අපූරු අත්දැකීමකට ය.