මගේ එළදෙන

 


පුරාණයේ ගම්වල ගවයින් ඇතිකිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණි. ගවයින් ඇතිකිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ කුඹුරු ගොවිතැන සඳහා යොදාගැනීමයි. ඊට අමතරව අද මෙන් ප්‍රවාහනය සඳහා වාහන නොතිබූ ඒ අවධියේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ ද ගවයාය. හරකුන් ඇතිකිරීම ගැමියාට එතරම් බරක් නොවූයේ සෑම ගමක් ආසන්නයේම කැලෑවක් තිබූ නිසාය. වැඩ නැති කාලයට උදෑසනම කැලයට දක්කන ගවරැල සවස් යාමයේ නැවතත් නිවස කරා දක්කාගෙන ඒම ගැමියාගේ සිරිත විය.  අද මෙන් සොර සතුරන් බහුල නොවූ ඒ යුගයේ හරකෙකු නැති වූයේ කලාතුරකිනි. මේ ඒ කාලයේ සිදුවිනැයි මා අසා තිබූ කතාවකි. 

ගමේ විසූ එක් මිනිසෙක් සුපුරුදු පරිදි සවස් යාමයේ කැලයට ගියේ තම ගවරැල ආපසු දක්කාගෙන ඒමටය. එහෙත් කැළයේදී ඔහුට දක්නට ලැබුනේ කිසිසේත්ම දකින්නට බලාපොරොත්තු නොවූ දර්ශණයකි. එනම් ගමේම තවත් තරුණයෙක් කැළය තුළදී එළදෙනක සමග සංසර්ගයේ යෙදෙන අවස්ථාවකි. පෙර නොදුටූ විරූ මේ දර්ශණයෙන් ඇති වූ කම්පනය පහවූ වහාම මේ මිනිසාගේ සිතට නැගුනේ අපූරු අදහසකි. එනම් අනෙකා යටත් කරගෙන කැමති දෙයක් කරවා ගැනීමට මේ නම් අපූරු අවස්තාවකි. මක් නිසාද යත් සැමට හොරෙන් කරන මේ ලැජ්ජා නැති වැඩේ ගමේ කවුරුවත් දැනගන්නවාට ඔහු කැමති නොවන බව සක්සුදක් සේ පැහැදිළි නිසාය. 

මේ අදහස සිතේ ඇතිව ඔහු අනෙක් තරුණයා ඇමතීය. "ඕයි, මොකද්ද ඔය කරන ලැජ්ජා නැති වැඩේ? මං ගමට ගිහිල්ලා ගමේ ඔක්කොටම කියනවා!" ඔහු බලාපොරොත්තු වූයේ "අනේ, කාටවත් කියන්න නං එපා, මං ඔහේ කියන දෙයක් කරන්නං" යන පිළිතුරයි. එහෙත් ඔහුට ලැබුනේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවූ පිළිතුරකි. 

"ඉතිං මට මොකද? උඹ කියනවනං කියාගනිං. එළදෙන මගෙනෙ!"

එළදෙන ඔහුගේම වූ නිසාත් අද මෙන් සත්ත්ව අවිහිංසා සංවිධාන නොවූ නිසාත් අනෙකා පොලිසියට දක්කන්නට තරම් ඕනෑකමක් හෝ දැනුමක් එය දුටු මිනිසාට නොතිබූ නිසාත් එතනින් එහාට මොනම කලබැගෑනියක්වත් උනේ නැත.    

5 comments:

  1. හෙහ්හෙ.... එළදෙන පව්ව් 😂
    ප්‍රීත්මත් සිරිසුබ නත්තලක් වේවා....!!!

    ReplyDelete
  2. ඔය වගේ කාටුන් එකක් තිබුණා අමිතගෙ, මට මතක හැටියට පරණ රිවිරැස පත්තරේක.

    ඒකෙ කොල්ලෙකුයි කෙල්ලෙකුයි වෙල් එළියක පොඩ්ඩක් කතා කර කර ඉන්නව. කොල්ලා කියනවා,

    "අර බලන්න අර වස්සා, අර එළදෙනට ආදරේ පෙන්නන හැටි. ඌ එළදෙනගෙ මූණ ලෙවකනවා ආදරෙන්..."

    කෙල්ල කියනවා, "ඔව් නේද? ඒ දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නෙ..."

    කොල්ලා කියනවා, "මටත් ආසයි එහෙම කරන්න..."

    කෙල්ල කියනවා,

    "ඉතිං කරන්නකො අනේ...

    එළදෙන ඔයාලගෙනනෙ..."

    ReplyDelete
  3. අයර්ලන්තේ ඔහොම කතාවක් තියනව.බැටළුවෝ එක්ක. අන්තිමට වෙන්නේ බලන්න ආපු එකත් එකතු වෙනව. හැබැයි යුරෝපයේ සුලබ රහසක් තමයි බැටළුවන් බලන කොල්ලන්ගේ ක්‍රියාවන් ගැන. ඒකෙන් ඒක හරි කියන එක අදහස වෙන්නේ නැහැ. සතෙකුට කැමැත්ත දෙන්න බැරි නිසා ඒක බලහත්කාරයක් සහ අවුරුදු 3 දක්වා හිරගෙට යවන වරදක්.

    ReplyDelete