කරවල කන්දොස්කිරියාව

   
         

 "ආ ජුවන් අයියෙ බොහොම කාලෙකට පස්සෙ දැක්ක." 

"ඔව්, රාළහාමි, මම මේ වැස්සවත් නොබලා එළිබැස්සෙ බේතක් හොයාගන්න ඕනැ වෙලයි. කොල්ල දැන් තුන් වෙලකින් බත් ඇටයක් කටේ තිබ්බෙ නැහැ." 

"එහෙනම් කොල්ලට පණුගාය වෙන්ඩ ඇති. මොනවද බේත දැක්ක දුටු තැනක ඇත්නම් මටත් පුළුවන්නෙ හොයාගන්ඩ ඔත්තුවක් දෙන්න?"

රිංගන්නට කන දුන් හැටි!

                 
                                (කාටූනය cartoon movement වෙතිනි.)

නිලධාරීන් කොයි තරම් සූක්ෂම අන්දමින් අපරාධ මැඩලීමට උපක්‍රම යෙදුවත් ගණදෙවියන්ටත් වඩා හොරුන්ට නුවණ තිබෙන බැවින් අපරාධකරුවෝ මොහොතකින් පහළ වෙන කපටිකම් හේතු කොට එයින් බේරී ජය ලබන්නෝය. සමහර අවස්ථාවල කපටින්ගේ කපටිකම්වලට මුළාදෑනිහු මුළා වී පරාජය ලබති. එහෙත් ජය පරාජය ලෝක ස්වභාවයක් නිසා එය ලැජ්ජාවීමට කරුණක් නොවීය.