විනිශ්චය - VII




 
                                                      පරිච්ඡේදය IV

                                                     දෙවෙනි කොටස

අපාචේ ජන්ක්ෂන් නම මේ ප්‍රදේශයට ලැබුනේ අපාචේ හා බ්ලූ යන ගංගා දෙක මුණගැසෙන තැන මෙතැන වීම හේතුවෙනි. මේ ගංගා දෙක එකට එක් වන්නේ දුම්රිය ස්ථානයට මදක් ඔබ්බෙනි. බ්ලූ ගංගාව උතුරු දෙසින් පැමිණ නගරය පසුකොට ගලාබසී. අපාචේ ගංගාව සැතපුම් පණහක් ඔබ්බෙන් පිහිටි රොකී කඳු මුදුන්වලින් පැන නැගී  බටහිරට ගලා යයි. අපාචේ ජන්ක්ෂන් සිට බටහිරට දිවෙන මාර්ගය අපාචේ ගඟ පසු කරන්නේ දුම්රිය පාර ද අසුවන සේ සැදුන පටු පාලමක් ඔස්සේ ය.

විනිශ්චය - VI

 

               

                  

                                                      පරිච්ඡේදය III

                                        දෙවෙනි කොටස

ඉඩලීන් හා මැක්ග්‍රාත් එකට සිටිනු ගැලොවේට අසුවීම නගරයේ තවත් කීදෙනෙක් දැනසිටියේ දැයි බක් කල්පනා කළේය. නිසැකවම සියළුම ගවහිමියන් හා ඔවුන් යටතේ වැඩ කරන බොහෝ  දෙනෙක් දැන සිටින්නට ඇත. ගැලොවේ ඒ ගැන කතාකරන්නට ඇති අතර ඒ අනුව පුවත පැතිර යන්නට ඇත. නගරයේ නගරවැසියන් සමහරක් දැනසිටින්නට ඇති නමුත් බලෙන් පදිංචි වූ අනවසර පදිංචිකරුවන් කිසිවෙකුත් දැන නොසිටින්නට ඇත. 

වෙනසක් කළා!

 


අපාචේ හංදියේ ඕවන් බක්ට මෙන් මට ද උභතෝකෝටියකට මුහුණ දෙන්නට සිදුවිය. මහ දිග කතාව පළකරද්දී ඒ අතර සුපුරුදු සාමාන්‍ය පෝස්ට් දැමීමෙන් කතාවේ කොටස් යට යන අතර ඊට අවධානය ද අඩුවෙයි. ප්‍රතිකර්මය නම් දිග කතාව සඳහාම මා සකසා තිබූ අළුත් බ්ලොග් එකකට එය මාරු කිරීමයි. එහෙත් පසුව මා තීරණය කළේ කතාවට එලෙසම තිබෙන්නට හැර අමතරව පෝස්ට් එකක් දැමීමට අවශ්‍ය නම් ඒ සඳහා අළුතෙන් සැකසූ බ්ලොග් අඩවිය භාවිත කිරීමයි. එය තවමත් සින්ඩිවලට එකතු වී නැති නිසා එයට මෙතැනින් පිවිසිය හැකිය. මෙහි එන සහෘදයින් සියළුම දෙනාට වෘත්තාන්ත නම් වූ මගේ නව බ්ලොග් අඩවියට ද ගොඩවෙන ලෙස කෙරෙන ආරාධනයයි මේ. 

විනිශ්චය - V

                 


                                                

                                               පරිච්ඡේදය III 

                                              පළමුවන කොටස  

වේලාව උදෑසන නමය වනවිට ආර්ච් නෝත්කොට් පැමිණියේය. ෂෙරීෆ්ගේ කාර්යාලයේ දොර විවෘත කරගෙන පැමිණි ඔහු සමග අශ්වයින්ගේ ගන්ධය ද උන්ගේ කුරවලට පෑගී පොඩිඋන සේජ්බ්‍රෂ් කොලවල සුවඳ හා ඔහුගේ කහ පැහැති ශක්තිමත් දත් අතර සිරවුන හවානා සුරුට්ටුවේ සුවඳ ද  ඇතුළු විය. 

විනිශ්චය IV

                   


                      

                          පරිච්ඡේදය II - දෙවෙනි කොටස


"ස්වාමිපුරුෂයා දන්නවද මෙහෙ ආවා කියලා?"

"නෑ."

"දැනගත්තොත් තවත් අමාරුවේ වැටෙයි."

"මම දැං ඇවිල්ලනෙ ඉන්නේ. ඉස්සරහ ඉන්නවා දැක්කනං මම ජොනී බැලුවත් නැතත් වෙනසක් වෙන්න දෙයක් නෑනෙ."

ප්‍රඥාවෙන් අවසන් නොවූ ආනන්දය





පසුගිය සතියේ ප්‍රවීණ සංගීතඥයෙකු හා මධුර ගී තනු නිර්මාපකයෙකු වූ ආනන්ද ගමගේ මහතා අප අතරින් නිහඬවම වෙන්වී ගොස් තිබිණ. ඒ පිළිබඳව කිසිම පුවතක් කිසිම ජනමාධ්‍යයක පළවී තිබෙන බවක් නුදුටිමි. මා ද ඒ පුවත දැකගත්තේ මා මිත්‍ර, ප්‍රවීණ ලේඛක සිඩ්නි මාකස් ඩයස් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනකිනි. ඒ සටහන කිසිදු වෙනසකින් තොරව එලෙසම මෙහි උපුටා දක්වන්නේ එම පුවතින් ඔහුට දැනුන හැඟීම මට ද එලෙසම දැනුන බැවිණි.

විනිශ්චය III

 



                                      පරිච්ඡේදය II - පළමු කොටස

අකමැත්තෙන් මෙන් ආපසු හිරගෙදර වෙත පැමිණි ඕවන් බක් ඊට යාබදව පිහිටි හිස් පිට්ටනියේ මොහොතකට නැවතී ජේසන් හා ජෙස් ග්‍රියර් දෙදෙනා වැඩ කරන අයුරු බලා සිටියේය. මිටි පහර නැගූ හඬ ඔවුන්ගේ වෘත්තීය පරිචය පෙන්වමින් ඒකාකාරී රිද්මයකට නැගී ආවේය. ඔවුහු පෝරකයට නගින පඩිපෙළ නිමවා එයට ඇණ ගසමින් සිටියහ. සිරගෙදරට ආපසු යාමට පසුබටවෙමින් සිටි බක් පෝරකයට අඩි පහලවක් වනතෙක් ලංවීය. "සුබ උදෑසනක්, ෂෙරීෆ්!" ජේසන් ග්‍රියර් පැවසීය.