ගෑස් පිපිරීම් වළක්වා ගන්නා නොවරදින මග - රාජ්‍යයට සේවය පිණිසයි.

 


ලියමින් සිටි බ්ලොග් ලිපිය ද නවතා මෙය ලියන්නට ගත්තේ කාරණයේ බරපතලකම නිසාම ය. ප්‍රමාද කිරීමෙන් නැතිවීමට ඉඩ ඇති එක් ජීවිතයක් හෝ බේරා ගැනීමේ අවස්ථාව ගිලිහී යාමට ඉඩ ඇති ය. ගෑස් පිපිරීම් වළක්වා ගැනීමේ මග ඉතාම සරල හා පහසු ය. අවශ්‍ය වන්නේ පහත සඳහන් පියවර පහ අනුගමනය කිරීම ය. එහි වගකීම පැවරෙන්නේ රජයට බැවින් ගෑස් සංයුතිය හොයන ලෙස රජයට කෙරෙන බලපෑම නවතා පහත සඳහන් පියවර වහාම ක්‍රියාත්මක කරන ලෙස රජයට බල කර යුතු ය.  

1. නිවෙස්වල ඇති සියළුම ගෑස් ලිප් භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ යුතු ය. 

2. ජනතාවට අළුතින්ම ගෑස් ලිප් මිලදී ගැනීමට බල කෙරෙන නීති වහාම ක්‍රියාත්මක වන පරිදි ගැසට් කළ යුතු ය.

3. රටට අවශ්‍ය ගෑස් ලිප් ආනයනය සඳහා රජයට විශ්වාසය තැබිය හැකි එක් සමාගමකට පමණක් අවසර දිය යුතු ය. 

4. සියළුම රටවැසියන් තමන්ට අවශ්‍ය ගෑස් ලිප් එම සමාගමින් පමණක් අළුතින්ම මිලදී ගත යුතු ය.

5. ගෑස් ලිප් ආනයනය දිරි ගැන්වීම සඳහා එම සමාගම 99 අවුරුදු කාලයකට සියළුම බදුවලින් නිදහස් කළ යුතු ය.  

        

2 comments: