ආදරණීය බලුපැටියා වෙතටයි!

 ගෙදර හැදෙන සුරතල් සතෙකුගේ වියෝව කෙතරම් දැයි දැනෙන්නේ සතුන් කෙරෙහි දයාව හා අනුකම්පාව සිත්හී පහල වන කෙනෙකුට පමණි. සිත්පිත් නොමැති (නො)මිනිසෙකු විසින් අතුරුදන් කරන ලද අපගේ සුරතල් සුනඛයා පිළිබඳ මතකයෙන් ගොඩ එනු නොහැකි වූ හෙයින් යමක් ලිවීමට සිත එකඟ කරගත නොහැකි විය. (ඒ විස්තරය මෙතැනින්) එනිසා කලකට පෙර පරිවර්තනය කරන ලද කතාවක් මෙහි බහාලමි. එයද සුරතල් බල්ලෙකු ගැනය. උපුටා ගත්තේ Reader's Digest වෙබ් අඩවියෙනි. 





ඒ 80 දශකයේ මැද භාගයයි. අවුරුදු 6ක් හා 2ක් වූ මගේ දරු දෙදෙනා කණගාටුවෙන් සිටියේ චෙන්නායි හි අප නිවසේ බලු පැටියෙකු තබාගැනීමට ඉඩක් නැතිවීම ගැනයි. එනිසාම කල්කටාවල එයාලගෙ නැන්දගෙ ගෙදර යන්න ආසාවෙන් හිටියෙ එහෙ ආදරේ හිතෙන අපූරු සුරතලෙක් හිටිය නිසයි. මගේ ලේලියගේ පොමනේරියන් බලුපැටියට තිබුනේ අපූරු නමක්, “ලත්තු සිං ටැක්සිවාලා. පොලිෂ් කරපු බිම බඹරයක් වගේ ඌ කැරකෙන හැටි දැක්කම හිනා යනවා. ඒ නිසා තමයි ලත්තු කියල දැම්මෙ. ඉතිරි කෑල්ල ගත්තෙ ඒ කාලෙ ලමයි ආශාවෙන් බලපු දූර්දර්ශන් මාලා නාටකයක් උන ලඩූ සිං ටැක්සිවාලා කියන කතාවෙන්.

ලත්තු සිං එක්ක සෙල්ලං කරන්න ලැබුන නිසා සංතෝෂයෙන් පිරුන නිවාඩුවක් කල්කටාවේ ගතකරපු දරුවෝ ආපසු මැඩ්‍රාස්වලට ආවත් ඔවුන්ට සුරතල් බලුපැටියා නැති අඩුව දැනුනා. එක දවසක් හැන්දෑවක මං දැක්කා මගේ දුව කාදම්බරී හොරෙන්ම ලත්තු සිංට ලියුමක් ලියනවා. මොනවද ලියන්නෙ කියල දැනගන්න තිබුන ආසාවෙන් මං උරහිසට උඩින් එබිල බලන ගමන් ඇහැව්වා ලියුම තැපැල් කරන්නද කියල. එයා ඒක ප්‍රතික්ෂේප කළේ අනුන්ගේ ලියුම් බලන එක නරක පුරුද්දක් කියල මට මතක් කරන ගමන්! දුවම ලියුම අලවලා පාරෙන් එහා පැත්තෙ ලියුම් පෙට්ටියට දාල එනවා මං බලා හිටියෙ බලාපොරොත්තු කඩඋන විදියට.  ඇඩ්‍රස්එක කොහොමද ලිව්වෙ? මං ඇහුවෙ කණගාටුවෙන්. ආ ඒක මං ලත්තු ඉන්න දිහා කියල ලිව්වා කියන ගමන් මගෑරලා ගියා.

පස්සෙ වෙලාවක කල්කටාවල ඉන්න මගේ නෑනා, මීරා එක්ක දූරකතනයෙන් කතා කරන ගමන් මේ සිද්ධිය මතක් කරල හිනා උනා මුද්දරයක්වත් ලිපිනයක්වත් නැති ලව් ලෙටර් එකේ මොනව තියෙන්න ඇද්ද කියල.

මාස දෙකකට විතර පස්සෙ මීරා තකහනියේ කතාකරල කියනවා එයාලගෙ බල්ලට ඇත්තටම කහපාට ලියුම් කවරයක දාපු ලියුමක් ඇවිල්ල කියල! එයා ඒක කියවන්නයි යන්නෙ! විශ්වාස කරන්නත් බැරි තරම්. ආදරණීය ලත්තු සිං වෙතටයි කියල පටන් අරගෙන ලියල තිබුන ලියුම හිනා වෙවී කියවන ගමන් ලිපිනයත් කියෙව්වා. ලත්තු සිං ටැක්සිවාලා වෙත, ලොකු දාකූර්යා පාලම ලඟ, කල්කටා!

ඉතිං, ලියුම ගිහිල්ලා!

වෙලා තියන දේ මං අහගෙන හිටියෙ විශ්වාස කරන්න බැරිතරම් පුදුමයෙන්. ලියුම්කාරයා බෙල්එක ගහල ලියුම දීල තියෙන්නෙ ටිකක් තරහින් වගේ. මුද්දරයක් ගහල තිබුනෙත් නැති හින්දා ගාස්තුව වගේ දහගුණයක දඩයකුත් ගෙවලයි අරං තියෙන්නෙ. මීරට තේරිලා තියනවා මේ මං කියපු ලියුම තමයි කියල. ඒත් දෙයියනේ කොහොමද ලියුම්කාරයා තැන හරියට හොයාගෙන තියෙන්නෙ?  

 සති ගණනක් තිස්සෙ කල්කටා තැපැල් කාර්යාලයේ තිබිල අහම්බෙන් වගේ මේ අමුතු ඇඩ්‍රස් එකක් තියෙන ලියුම උනන්දුවෙන් වැඩ කරන සේවකයෙකුගේ ඇහැට ලක්වෙලා. ඔහුට තේරුනා වෙලා තියන දේ. ඔහුට මතක තිබුනා දකුණු කල්කටාවේ දාකූර්යා පාලම ලඟ ටැක්සි සේවයක් තිබුන බව. , ලොකු දාකූර්යා පාලම ලඟ ලත්තු සිං කියන්නේ ඒකෙ ඩ්‍රයිවර්ලගෙ ලොක්කෙක් වෙන්න ඕනැ. ඉතිං මේ හොඳ ලියුම්කාරයා ටැක්සි නැවතුම්පලට බයිසිකලේ පැදගෙන ගිහිල්ලා කිව්වා, ලත්තු සිං ටැක්සිවාලාට ලියුමක්! දඩයක් ගෙවන්නත් තියනවා! කියල.

ටැක්සි සේවයේ ලොක්කා තේරුම්ගන්න බැරුව වගේ බලන් ඉඳල, ලත්තු සිං! ඒ බල්ලෙක්නෙ! කියල ලඟ තිබුන ගොඩනැගිල්ලකට අත දික්කරා.  කොහොමද ලත්තු සිංගෙ ජනප්‍රියත්වය!

ඉතිං ලියුම්කාරයත් හරි ගෙදර හොයාගෙන හොයාගෙන  ඇවිල්ල බෙල්එක ගැහුවා. ඔන්න ඔහොමයි ලත්තු සිං ටැක්සිවාලාට එයාගෙ ලියුම ලැබුනෙ! අවුරුදු හයක දරුවෙක්ගෙන් ආදරය පිරුනු ලියුමක්, මැඩ්රාස්වලට එක්ක එන්න ප්ලෑන් එකකුත් එක්කම!  පුදුමයට පත්වූ මගේ නෑනා මට ඇහෙන්න ඒක කියවන්න ඉස්සරල ලත්තුට ඇහෙන්නත් ලියුම කියවල තිබුනා.

අවුරුදු ගණනක් මේ කතාව අරුම පුදුම සිදුවීමක් විදියට අපේ කතාබහට ලක් උනත් හිනායන දේ තමයි දුව ඒක බාරගත්තෙ ඉතාම සාමාන්‍ය දෙයක් විදිහට. ඇය පාසැලේ ඉඳල ආගමන් හුස්ම ගන්නවත් නවත්වන්නෙ නැතිව මං කිව්වා, ඔයාගෙ ලියුම කල්කටාවට ගිහිල්ලා ලත්තු සිංට ලැබිලා! මීරා ආන්ටි ඒක එයාට කියවලා. එයා ඒක ඉතාම සාමාන්‍ය සිදුවීමක් බාරගන්න විදිහට ඔලුව හෙල්ලුවේ හරියට තැපැල් සේවය හරියට වැඩේ කරල කියන්නා වාගෙ. හැබැයි එයාට එක ප්‍රශ්නයක් තිබුනා,  “මම ලියපු දේවල් මීරා ආන්ටි  ඔයාට කියපුඑක වැරදී, ඒක රහපක්!

Reader’s Digest වෙබ් අඩවියේ පළවූ ලිපියකි ඇසුරෙනි.


2 comments:

  1. අනේ මරුනේ!!!! මටත් එහෙම ලියන්න තියෙනවා ලියුම් දෙක තුනක්ම.. ඔක්කොම කියෙව්වේ හිනාවෙමින්

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත සිදුවීමක් වෙබ් සයිටි එකට ගියාම බලන්න පුළුවන් මේ අයගේ ඡායාරූපයක් ස්තූතියි ඇවිත් ගියාට.
      https://www.readersdigest.in/features/story-a-6-year-olds-letter-to-her-favourite-pet

      Delete