ප්‍රියන්ත කුමාර, ඉම්රාන් ඛාන් හා vigilante

 

 


 

vigilante යන වචනය මා ඉගෙන ගන්නේ Westerns නමින් හැඳින්වෙන අමෙරිකාවේ ගොපළු වීරයන් ගැන වූ කතා කියවීමට හා චිත්‍රපට බැලීමට ඇබ්බැහි වූ පසුව ය. යම් ප්‍රදේශයක අපරාධ වැඩිවන විට නීතිය බාර නිලධරයා වන ෂෙරීෆ් ඊට නිසි පියවර නොගන්නා විට නීතිය තම අතට ගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන සන්නද්ධ කණ්ඩායම් සඳහා එම වචනය යෙදින. ශබ්ද කෝෂය එම වචනය අර්ථ ගන්වන්නේ මෙසේ ය.
a person who tries in an unofficial way to prevent crime, or to catch and punish someone who has committed a crime, especially because they do not think that official organizations, such as the police, are controlling crime effectively. Vigilantes usually join together to form groups.
මේ වචනය ගැන යළි අවධානය යොමුවන්නේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් එරට දී අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වන ශ්‍රී ලාංකිකයා පිළිබඳව නිකුත් කරන ට්විටර් පණිවුඩයේ එම ඝාතනය සිදුකිිරීමට හවුල් වූවන් හැඳින්වීමට එම වචනය භාවිත කිරීම නිසා ය.
අර්ථය එසේනම් ඔහු අදහස් කරන්නේ දඬුවමට භාජනය වූ තැනැත්තා වරදක් කර ඇති මුත් ඔහු දඬුවමට ලක්කල ආකාරය වැරදී කියන පණිවුඩය ද?
ඉස්ලාම් දහමට අපහාස කිරීම පකිස්තාන නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවන් නඩුවක සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු තම ජීවිතය පිළිබඳ ආශාව අත්හැර එසේ කළ යුතු ය.

5 comments:

  1. මාගේ පෞද්ගලික අදහස මම මෙතන ලියන්නම්!
    මේවා ලියා ඇත්තේ මගේ දැනීමේ හැටියට නිසා මේ කාරණා ඕනෑම අනුපිළිවෙලකට ගොනු කර ගැනීමට ඕනෑම කෙනෙකුට පූර්ණ අයිතියක් ඇති බවද පවසමි!
    1.අපි මොන තරම් ජාති, ආගම් ගෝත්‍ර වාදීත්වය පිටු දකින්නට උත්සාහ කලත් ඒවා තුල ජීවත් වෙන්නවුන් වෙනස් වී නොමැත! වෙනස් වන්නේද නැත!
    2. මුසල්මානුවන් අතුරින් බොහොමයක් අන්තගාමී ලෙස තම ආගම පිළිබඳව කෙරෙණ ගනුදෙනුවලදී හැසිරෙති!
    3. සමාජයක වෙසෙන බොහෝ මිනිසුන් තුල සිටින ජාගර සත්වයා මෙවන් අවස්ථාවලදී එළියට පැමිණෙන අතර එය පරචන්ඩත්වයට සහයෝගය දැක්වීම, ප්‍රචන්ඩත්වයට එරෙහි නොවීම, ප්‍රචන්ඩත්වය රසවිඳීම ය්ටන කුමණ හෝ කාරණාවක් කරණ කොට ගෙන නිහඬවීම දක්නට ලැබෙනු ඇත! (පල්ලියක් තුල සිදුවන විවාහ මංගලෝත්සව බැලීමට පිටස්තරයින් නැතිවාට මිනියක් මරලානම් බලන්නට එන අය එකසිය ගානටය!)
    4. අපේ ශ්‍රී ලංකිකයා කර ඇත්තේ නොම්මර එකේම ඉල්ලං කෑමකි! මොන මනුස්සයාද ඔවැනි වැඩක් කරණ්නට යන්නේ මුස්ලිම් රටක!
    5. මෙම අන්ධ ඉස්ලාම් දහම පිළිබඳව; ඇස් ඇරුණු මුස්ලිමුන්ද දෑස් පියාගෙන සිටිනු බව පෙනේ!

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන තුති. ඔබගේ කරුණු දැක්වීම ගැන එකඟ විය හැකියි. 5වන කරුණ ගැන කියනවා නම් එය බුද්ධාගමට ද එසේම බව සමහර භික්ෂූන්ගේ වෛරී ක්‍රියා හා ප්‍රකාශන කෙරෙහි බෞද්ධ සමාජය දක්වන නිහඬ අනුකූලතාවෙන් පෙනේ.

      Delete
    2. අනිවා ජාති වාදී කෝලහල වලදී මොනවද නොකෙරුණේ මේ ලංකාවේත්!?

      Delete
  2. තට්ටමාමත් එක්ක එකඟයි. හැම මනුස්සයෙක් ඇතුලෙම ඔය කියන අපරාධ කාරයා ඉන්නවා. ඒක පාලනය කරගන්න දන්නෙ නැති උනාම නෙහ් අවුල. අනේ මන්දා ඉතින්

    ReplyDelete
  3. අපගේ සින්ඩියේ ඔබට ඉඩක් වී ඇත! ගොඩවී බලන්න - කැටපත් පවුරේ!

    මේ දැනට ක්‍රියාත්මක වැඩිම වපසරියක් තුල පැතිරුණු සින්ඩියයි. බ්ලොග් 1150 ක්!

    අළුතින් බ්ලොග් ලියන්නන් සඳහා වෙන්වුනු "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමට ගොඩවී දුහුනන්ගේ මැවුම් සඳහා දිරි දෙන්න අමතක කරණ්න එපා!

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දීමට කාරුණික වන්න!

    ReplyDelete