එක්තරා අවස්ථාවක යම්කිසි මිනිසුන් සංඛ්‍යාවක් අල්පෙනෙත්ති නිපදවීමෙහි නිරත වී සිටිනවා යයි සිතන්න. දවසකට පැය අට බැගින් වැඩ කරන ඔවුහු ලෝකයට අවශ්‍ය සියළුම අල්පෙනෙත්ති නිපදවති. කිසිවකු විසින් එම මිනිසුන් සංඛ්‍යාවම යොදාගෙන අල්පෙනෙත්ති නිෂ්පාදනය දෙගුණ කළ හැකි නව නිපැයුමක් හඳුන්වා දෙනු ලබයි.අල්පෙනෙත්ති මිල කොතරම් අඩු මට්ටමක තිබේද යත් මීට වඩා අඩු මිලකට කිසිවකුත් අල්පෙනෙත්ති මිල දී ගන්නේ නැත. ප්‍රඥාවන්ත ලෝකයක නම් අල්පෙනෙත්ති නිෂ්පාදනයට සම්බන්ධ සියළු දෙනා පෙර වැඩෙහි යෙදුනු පැය අට වෙනුවට පැය හතරක් වැඩ කරනු ඇති අතර සියල්ල පෙර පරිදිම සිදුවනු ඇත. එහෙත් සැබෑ ලෝකයෙහි මෙය අධෛර්යමත් බව ඇති කරන පියවරක් ලෙස සලකනු ලබන අතර මිනිස්සු සුපුරුදු ලෙස පැය අටක් වැඩ කරති. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අල්පෙනෙත්ති නිෂ්පාදනය කෙරෙද්දී සමහර සේවායෝජකයෝ බංකොලොත් වෙති. කලින් අල්පෙනෙත්ති නිෂ්පාදනයෙහි යෙදී සිටි සංඛ්‍යාවෙන් අඩකට තම රැකියා අහිමි වෙයි. අවසානයේදී පෙර සඳහන් කළ සැලැස්මෙහි තිබූ පමණටම විවේකී සමයක් මිනිසුන්ට ලැබේ. එහෙත් ඔවුන්ගෙන් අඩක්ම වැඩ නොමැතිව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යව සිටින අතර අනෙක් අඩ අවශ්‍ය පමණටත් වඩා වැඩ කරති. මෙලෙස නොවැලැක්විය හැකි විවේකය සමස්ත සමාජයේ සියළුදෙනාට සතුට ගෙන දෙන දෙයක් වනු වෙනුවට දුක්ඛිත බව පතුරුවන දෙයක් වෙයි. මීටත් වඩා උමතු ක්‍රියාවක් තවත් තිබිය හැකිද?
බර්ට්‍රන්ඩ් රසල්ගේ In Praise of Idleness and Other Essays කෘතියෙන්
+++++++++++🙏👌
ReplyDeleteහුම්. බර්ට්‍රන්ඩ් රසල් මං කැමති චින්තකයෙක්.
ReplyDeleteමොනා කරන්නද... හදාගත් ගොනා නහන්න කියලයෑ😂
ඇති ගමනකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියල නෙ කියන්නෙ
අගයි ඒ සටහන.
ReplyDeleteජයවේවා