විනිශ්චය - X

 

                         
         

                                                  පරිච්ඡේදය - VI

                                                  දෙවැනි කොටස

සිදුවීම් සිදුවන විදිය ගැන ඩියැක් එක්තරා ආකාරයකට තෘප්තියට පත්ව සිටියේය.  අවුරුදු දෙකකට පෙර ෂෙරිෆ්ගේ සහකාර තනතුරට පත්වූ දා සිට ඔහුට ෂෙරීෆ් තනතුරට පත්වීමට අවශ්‍යව තිබිණ. ගවයින් මේච්චල් කරනවාට වඩා ෂෙරීෆ් තනතුරේ රාජකාරි තිරීම බෙහෙවින් පහසු කරුණකි. ඩියැක්ට තවදුරටත් හීලෑ නැති, ප්‍රචණ්ඩ අශ්වයින් පිට යෑම අවශ්‍ය නොවී ය.

විනිශ්චය - IX

 


 මේ දක්වා ....

                                     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට  නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි. මේ අතර කෝපයට පත් අනවසර පදිංචිකරුවෝ ඔහුට පහර දෙති. 




                                                      පරිච්ඡේදය - V

                                                  දෙවැනි කොටස

එලන් ඔහු වෙත ලඟාවී ලේන්සුව ඇය අතට ගෙන මුහුණෙහි වූ ලේ පිසදැමීමේ කාර්යයෙහි යෙදුනාය. "කණගාටුයි. මම හිතනවා...."

"තමුසේ හිතනවා මේ වැඩේ හින්දා මම මැක්ග්‍රාත්ගේ වැඩේ ගැන කිසි වෙනසක් කරන එකක් නෑ කියලා. ඒකනෙ තමුසේ කියන්න හැදුවේ?" තවමත් බක්ගේ කටහඬෙහි තිබුනේ කෝපාවිෂ්ට සරදම් ස්වරූපයකි.

"මම අදහස් කළේ නෑ..." 

විනිශ්චය - VIII

       මේ දක්වා ....

                                     ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයාය. ඔහුට රාජකාරියක් පැවරී ඇත. එය නම් මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීමයි. එහෙත් ඔහු එය ක්‍රියාත්මක වීම වැලැක්වීමට හැකි සෑම උත්සාහයක්ම දරයි. ඒ විනිශ්චයකරුගේ බිරිඳ හා මරණීය දණ්ඩනයට නියම වූ අය අතර වූ අනියම් සබඳතාව නිසා නඩු විභාගයේදී මැක්ග්‍රාත්ට සාධාරණය ඉටු නොවුනේය යන අදහසිනි. එහෙත් පසුව සැක පහලවන්නේ මරණයට පත් පුද්ගලයා අනියම් සබඳතාව ගැන දැනගත් නිසා මැක්ග්‍රාත් සිතාමතාම ඔහු මරාදැමුවේ ද යන්නයි. මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් වුවද නිවැරදි දේ සිදුවිය යුතුය යන අධිෂ්ඨානයේ ඔහු පසුවෙයි. මරණයට පත් පුද්ගලයා ඉඩම් හිමි ගවහිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු වූ අය අනවසර පදිංචිකරුවන් පිරිසකට අයත් වෙයි. ඒ හේතුවෙන් මරණයට පත් පුද්ගලයාගේ හා මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාගේ පාර්ශව අතර සිදුවීමට  නියමිත ගැටුමක් නවත්වා තවත් මරණ සිදුවීමේ අවදානම වළක්වාගැනීමේ අභියෝගයට ද ඔහු මුහුණ දෙයි.