ඝානා ජාතික කවියෙකු වූ Jawa Apronti විසින් රචිත Question නම් කවියේ පරිවර්තනයකි.
කළු මිනිසාණනි,
යන්නෙ නැද්ද ඔබ හඳට?
කියන්නට එපා මට ඔබේ
ජුජූ තාක්ෂණය
නොසෑහෙතැයි කියා එයට.
වැසි ඇති කළා එය
වැසි නැති සමය තුළ
කතා කළා මළගිය ඇත්තන්ට
නොමළ අයගේ බසින්.
කළු මිනිසාණනි,
යන්නෙ
නැද්ද ඔබ හඳට?
නිසලව බලා සිටියා ඔබ,
අනෙක් අය නැව් තනා
රැගෙන යද්දී ඔබ
දම්වැලින් බැඳුනවුන්ගේ දේශයට.
විශ්මයෙන්
නුඹ බලා සිටියා
බලය එතරම් නැතියවුන්
මවා පෙන්වන විට
යකඩ අශ්වයා,
ලොරි බස්එක,
දිලිසෙන කුරුල්ලා.
නුඹ ඉඳගෙන සිටියා
සුදුමැලි මිනිසුන්
අහසට නැගෙද්දී
දිලිසෙන විමන් වලින්.
කළු මිනිසාණනි,
යන්නෙ නැද්ද ඔබ හඳට?
මේ චන්ද්ර වර්ෂයයි .
දම්වැලින් බැඳුනවුන්මයි
හැදුවෙ අමෙරිකානුන්
මේ අවුරුද්දේ,
ඔවුන් යනවා හඳට.
උගුල්ලන්න ඖෂධ පැළ,
මතුරන්න ඔබේ මන්තර,
නද කරන්න ඔබේ කවඩි,
වයන්න ඔබේ බෙර,
පිඹින්න ඔබේ නලා,
ගන්න පෙරමුණ,
යන්න හඳට.
මට හිතෙනවා පුළුවන් බව
අනේ,
කළු මිනිසාණනි,
යන්න බැරිද ඔබට හඳට?
Jawa
Apronti


ඇත්තට...
ReplyDeleteඒක මට නොපෙනුනු හැටි!
අඩිතාලම දමන්නා
උඩු මහලේ නොවසයි...
දැකිමි ඔබෙ සටහන්
වලස්පතිගේ අඩවියේ
ඉන් සිතාගතිමි
සමානයෙක් හමුවුණු වග
නැවතත් එන්නෙමි
ඔබේ ලියවිලි කියවමි
ස්තූතියි.ඔබේ වචන මා දිරි ගන්වයි.
Delete