කෙනෙකුට රස කෙනෙකුට වස!

                           

අමෙරිකානු කවියෙකු වූ ආතර් ගිටර්මන්ගේ What One Approves, Another Scorns හා On the Vanity of Earthly Greatness  කවිවල පරිවර්තන.

කෙනෙකුට රස, කෙනෙකුට වස!

කෙනෙක් කැමති දෙය

අනෙකාට පිළිකුල්.

ඉතින්,

එකිනෙකා හෙලිකරයි තම ගතිසොබා.

ඔබට පෙනෙන කටු ගහණ රෝස පඳුර

මට පෙනෙන්නේ 

රෝස මලින් පිරි

කටු පඳුරක් ලෙසයි.


 උත්කෘෂ්ඨ දිවියක ගර්වය

 මාරාන්තික සටන්වලදී ලෙළදෙවූ

 දැවැන්ත හස්තිරාජයන්ගේ දළ යුගල

බිලියඩ් බෝල වී ඇත.

ෂාලමේන්ගේ තියුණු අසිපත

ෆෙරික් ඔක්සයිඩ් බවට පත් වී

මළ බැඳී ඇත. 

බලසම්පන්න ග්‍රහණයෙන්

සැම බියෙන් මුසපත් කළ

දැවැන්ත වලසා

දැන් බිම ඇතිරූ පලසකි.

ශ්‍රේෂ්ඨ සීසර්ගේ උඩුකය රාක්කයක්

මත බලා හිඳී .

මට දැනෙන්නේ මට ද එතරම් 

හොඳක් නැති බවයි. 





3 comments: