නැවත වරක් මතක් කරමි


(cartoon movement වෙතින්)


 නොබෙල් සම්මානලාභී ලේඛිකා ඩොරිස් ලෙසිං විසින් රචිත Prisons we choose to live inside නම් කෘතියේ When in future they look back on us නමින් යුත් පළමු පරිච්ඡේදයෙන් උපුටා ගත් ඡේදයකි මේ.

බ්‍රසල්ස්හි දී බ්‍රිතාන්‍ය හා ඉතාලි පාපන්දු ක්‍රීඩාලෝලීන් කලහකාරී ලෙස හැසිරුණු අවස්ථාවේ බලා සිටියවුන් හා විස්තර විචාරකයින් දිගින් දිගටම අවධාරණය කළ පරිදි ඔවුන් ක්‍රියා කළේ සතුන් ලෙස ය. බ්‍රිතාන්‍ය කලහකාරීහු තමන් විසින් මරා දමන ලද මිනිසුන්ගේ මලසිරුරු මතට මූත්‍ර කරනු පෙනිණ. මට සිතෙන ආකාරයට ‘සත්ත්ව’ යන වචනය මෙතැනට ගැළපෙන්නේ නැත. මෙය සත්ත්ව චර්යාවක් දැයි මා හරියටම නොදන්නා නමුදු සැබැවින්ම එය මානව චර්යාවකි. අපගේ ඉතිහාසය කිනම් අවස්ථාවක දී සත්ත්වයින්ගේ ඉතිහාසය ලෙස නොව මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ලෙස ලියැවෙන්නට පටන් ගත්තේද යන්න තීරණය වන දිනය අනුව, සමහරවිට අවුරුදු දහස් ගණනක් නැතිනම් බොහෝවිට වන්නට ඉඩ ඇති පරිදි අවුරුදු දසලක්ෂ ගණනක් පැවතී ඇති ම්ලේච්ඡත්වයට ආපසු ගමන් කළ පසු දක්නට ලැබෙන මානව චර්යාවකි."

1 comment:

  1. හ්ම්.... සමහර මිනිස් ගතිනම් සත්ව ගති වලටත් එහා තාමා

    ReplyDelete