අවජාතක

    කලු අමෙරිකානු කවියෙකු වූ ලැංග්ස්ටන් හියුස් ගේ Cross නම් වූ කවියේ පරිවර්තනයකි. මීට පෙර ද මා ලැංග්ස්ටන් හියුස්ගේ කෙටි කතාවක් ගැලවීම නමින් පරිවර්තනය කළෙමි.  කලු අමෙරිකානු කවියෙකු ලෙස ඔහු වර්ණභේදවාදී සමාජයක කලු ජාතිකයන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම් සිය නිර්මාණ වලට පාදක කරගත්තේය.
එමෙන්ම මෙම කවියට ඔහු යොදාගන්නා Cross නම් වූ මාතෘකාව පිළිබඳව ද යමක් කිවයුතු වෙයි. cross නම් වූ ඉංග්‍රීසි වදන අරුත් ගණනාවක් මතු කරයි. ඉන් දෙමුහුන් නැත්නම් කළවම් වීම, කෝපය හා කුරුසිය යන ඇඟවීම් මෙම කවියට අදාළ කරගත හැකි වේ යයි සිතමි. ජේසුතුමන් කර තබාගෙන ගිය එමෙන්ම ඇණගැසුම් කෑ කුරුසිය සිහිපත් තරගත් විට පාපය, අන් අයගේ පාප ක්‍රියා වෙනුවෙන් දුක් ඉසිලීම හා පරිත්‍යාගය යන අරුත් මතුකර ගතහැකිය. මා මෙහි මාතෘකාව ලෙස යොදාගත් "අවජාතක" නම් වදනෙහි මේ අරුත් සියල්ල ගැබ් නොවන බව පැහැදිළි වුවත් ඒ අරුත් සියල්ල ගැබ්වන සිංහල වදනක් සිතාගත නොහැකි විය.
                                        
                                         

 තාත්තා මගෙ නාකි සුද්දෙක්

 මගේ වයසක අම්මා කලු ගෑණියෙක්.

 ශාප කරානං කවදහරි මං මගේ නාකි සුදු තාත්තට

 අස් කරගන්නවා ශාප කිරීම් මගේ.

 

 ශාප කරානං කවදහරි මං මගේ කලු වයසක අම්මට

 හිතුවනං ඈ නරකාදියට ගියානං හොඳයි කියලා

 සමාවෙන්න මට ඒ නපුරු පැතුමට.

 දැං මං හිතන්නේ ඇයට හොඳක්ම වෙන්න කියලයි.

 

  මගේ මහලු තාත්තා මැරුණෙ මහ ලොකු මැදුරක.

 මුඩුක්කුවකයි මැරුණෙ මගේ අම්මා.

හිතන්න බෑ මං කොහෙ මැරෙයිද කියලා 

කලුත් නැති සුදුත් නැති නිසා මං.

ලැංග්ස්ටන් හියුස්

2 comments:

  1. පසුතැවිලි වන කෙනෙක්ගෙ සටහනක් වගේ...

    ReplyDelete
  2. එයා මධ්‍යම පන්තියෙ කෙනෙක් විදියට මැරෙන්න ඇති නේද😁

    ReplyDelete