ලියා දන්වන වග නම්...

 

(cartoonmovement.com)


මහ පොලව, මහ පොලව,

නුඹ මෙරිගෝ රවුමේ නැගගෙන

විනාශයේ පතුළටම යයි,

මහ මුහුද උකුම උකු හොදි හැලියක් කර

පැසවා සැරව උතුරන ගුහා පිරි.

ඔබ වැසිකිලි වලක් වෙලා.

ඇඹරී විරූපි උන අසුනක් වගෙයි

ඔබේ ගහකොල.

වැලපෙති, හඬති පුෂ්පයෝ

කැඩපත ඉදිරිපිට අයදිමින්

වෙස්මුහුණු පැළඳ නැති දිනිසුරු.

සුදු පැළඳි වලාවෝ තතනති

වන්නට කන්‍යා සොයුරියන්

කියමින් නුවානය  අහසට.

කහ උණෙන් කහ පැහැය ගත් අහසෙහි

නහර පුපුරා උතුරා ගලා යයි,

කෙස් ගුලිත්, එළුවන්ගෙ ඇසුත් ගිලින්නට

දණ බිම ඇණගත් මාළුන් සිටින ගංගාවනට.

බලන බලන හැම පැත්තෙම

හුස්ම හිරවුන ලෝකයක්.

මම සෑම රැයකම ඇඳ මත වැතිරගෙන

සවන් දෙන්නේ මගේ පාවැසුම් විස්ස

සාමීචියේ යෙදෙන හැටි ඒ ගැන.

සඳ, අඳුරු හිස්වැසුම පළඳා

කෑදර රතු මුව විහිදා

අහසින් පැන එයි සැම රැයකම

උරා බොන්නට තුවාල කැලැල් මගේ.

 අමෙරිකානු ලේඛිකා ඈන් සෙක්ස්ටන්ගේ As It Was Written නම් කවියේ අනුවාදයකි.

 

 

No comments:

Post a Comment