රොස් වෙලා ඔවුන්ගේ හොද්ද ;
හොඳ හොදි ඉල්ලා මොර දෙනවා ඔවුන්
ගැහැනියකට රුස්සන්නෙ නෑ ඇගේ අඟුටුමිටි සැමියා ;
ඈ සොයනවා නවරියන් සැමියකු
මිනිසෙකුට අප්පිරියයි සිය කැහැටු බිරිඳ ;
ඔහු පතනවා පුෂ්ටිමත් බිරියක්
මිනිසකුගේ සපත්තුව හිරයි - ඒත්
අසල්වැසියාගේ සපත්තුව හිර නෑ
කවියකුගේ කවිකම හිඳිලා ;
නව සංකල්පනා සොයමින්
දනිපනි ගානවා ඔහු
මාලු බාන්නා හෝරා ගානක්
පිත්ත ලාගෙන සිටී.
ඒත් මාලුවෝ
ගිලින්නේ නෑ ඇම.
ඉතින්
හැම දෙනෙක්ම එකතු වෙනවා විප්ලවයට
සපයාවි යයි සිතාගෙන විප්ලවය
සියල්ලක් ම
මාලුවෙක්
කවියක්
අලුත් සපත්තු කුට්ටමක්
අලුත් බිරිඳක්
අලුත් සැමියෙක්
ලෝකයේ හොඳම හොද්ද.
ඉතින් පහර දෙනවා සෑම බලකොටුවකට ම
ඒත් අර සන්තෑසියමයි
ඇම කන මාලු නෑ
නොරිදෙන සපත්තුවක් නෑ
වැහැරුනු ගඳ ගහන ගැහැනියක් නැත්නම් මිනිහෙක්
ඇඳේ.
හොද්ද රොස් වෙලා
අර වීරත්වය
කැලි කසළ කානු කරා
අප යොමු කළ අර වීරත්වය
ඔව් ඉතින් අපට පුළුවන්
අපේ මුනුපුරන්ට
මිනිපිරියන්ට
ඒ ගැන කියන්න
අපට හිටියොත් මුනුමිනිපිරියන්
(සුගතපාල ද සිල්වා ගේ මරාසාද් වේදිකා නාට්‍යයෙන්)
🙏🌹👍👍...
ReplyDelete