පොත්ගුලේ අසුන් සැම
එකින් එක පිරී යත
ඈත මීදුමින් වැසි
කඳු මුදුන වගෙයි සිත
නෙතට හුරු පිය දසුන
නොදැක ලතවෙන නිබඳ.
නැමීගත් හිස් අතර
ඉඩැ‘ති අසුනක් නැතත්
හිස් බවක් නැගෙයි සිත
පිටු අතර පාව යන.
නිසල කඳු මුදුන් පෙළ
මිහිදුමින් මුදාලන
උදා හිරු කිරණ සේ
සිත මතින් නැගෙන් හෙට.
No comments:
Post a Comment