විනිශ්චය xxix

 

                                                   පරිච්ඡේදය 19 

                                                    පළමු කොටස



එකොළහයිි තිහ වන විට බක් නැවතත් සිරමැදිරි වෙත ගියේය. කිසිම වෙනසක් දක්නට නොවීය. ගැටුමක් ඇතිකර ගැනීම නිසා දිවා කාලයේ ඔහු විසින් අත්අඩංගුවට ගැනුනු දෙදෙනාම නින්දට වැටී සිටියහ. විනිශ්චයකාර හන්ටර් තවමත් ඇඳ අද්දර වාඩි වී හිස් බැල්මකින් පොළව දෙස බලාගත්වනම සිටියේය. මැක්ග්‍රාත් සිටියේ පටු ඇඳ මත සිටගෙන ජනේලයෙන් එළිය බැලීමේ උත්සාහයක නිරත වෙමිනි. හිස හරවා බැලුව ද ඔහු කිසිවක් කීවේ නැත. 

විනිශ්චය xxviii

                                               පරිච්ඡේදය 18

                                              දෙවන කොටස 




කින්කේඩ් ගොස් විනාඩි දෙකක්වත් ඉක්මයන්නට පෙර තවත් වරක් දොරට තට්ටු කිරීමකි. මෙවර එය මහ හඬ නැගෙන සේ කෙරුණු තඩිබෑමකි. එයට පිළිතුරු දෙන්නට පෙර තුවක්කුව අතට ගත් බක් එහි අගුල තදකර තුවක්කුව එක් අතක තබාගෙනම දොර ඇරියේය. 

විනිශ්චය - xxvii

 

                                               පරිච්ඡේදය 18

                                              පළමු කොටස 


දොරට තට්ටු කිරීම කොතරම් සෙමින් කළේ ද යත් බක්ට එය ඇසුන නෑසුන ගානය. ඇත්තටම ඔහුට යමක් ඇසුනේද යන්න ගැන ඇති වූ සැකය නිසා ඔහු යන්තමට දොර ඇර එබී බැලීය. එලන් ඩෘෘ දොරකඩ සිටගෙන සිටියාය. වහාම දොර සම්පූර්ණයෙන් විවෘත කළ ඔහු ඇයට ඇතුළුවන්නට ඉඩහැර දොර වසා දැමුවේ සිතට දැනුන සතුට සැඟවිමට කිසිදු වෑයමක් නොගනිමිනි. 

විනිශ්චය xxvi

 සියල්ල ඇරඹුනේ මෙසේය:

ඕවන් බක් අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරීෆ්වරයා ය. මිනීමැරුමකට වරදකරු වූ මැක්ග්‍රාත්ට මරණීය දණ්ඩනය පැමිණවීම ඔහුට පැවරී ඇත. එහෙත් නඩුකාරයාගේ බිරිඳ හා මැක්ග්‍රාත් අතර අනියම් සබඳතාවක් තිබීමත් නඩුකාරයා ඒ ගැන දැන සිටීමත් නිසා මැක්ග්‍රාත්ට සාධාරණ නඩු තීන්දුවක් නොලැබුන බව විශ්වාස කරන ෂෙරිෆ් ඔහුට සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට වෙහෙසෙයි.

විනිශ්චය xxv

 කතාව ඇරඹුන හැටි මෙතැනින් බලන්න. 

                                             පරිච්ඡේදය 17

                                             පළමු කොටස 




හන්ටර් විනිසුරුවරයා සිරගෙදරට ලඟාවන විට ඔහුගේ කෝපය ඉහවහා ගොස් තිබිණ. සුළු මොහොතකට පෙර ඔහුගේ බිරිඳ ඉවත්ව යනු ඔහු දැක ඇති බව සැනෙකින් බක්ට අවබෝධ විය. ඔහුගේ අතෙහි ලිපි කිහිපයක් තිබුනද ඇතිව තිබූ අධික කෝපය නිසාදෝ ආ විගස ඔහු ඒවා බක් අතට බාරදුන්නේ නැත. "හෙනම ගහන්ඩ! මම ඔහේට කිව්වා නේද අර ගෑනිට ඔය බැල්ලිගේ පුතා බලන්න ඉඩදෙන්න එපා කියලා."කෝපය නිසා කැඩෙමින් නැගුන හඬකින් ඔහු ඇසුවේය. 

විනිශ්චය xxiv

                                           පරිච්ඡේදය 16

                                          දෙවැනි කොටස




"ඇයි, මොකටද මේ රෑ බලන්නේ? ඔබට පුළුවන් උදේම බලන්න . . ." ඔහු කතාව නැවතුවේ ඇයගේ මුහුණෙහි පැහැය වෙනස් වී සුදුමැලි පාටට හැරී දෑස භීතියෙන් පිරීගිය බව දුටු නිසා ය. "මම එන්නෑ . . . හෙට. මට එන්න බැරිවෙයි. එච්චර උදේම. මගේ ස්වාමියා . . ."  ඇගේ ඇස් කඳුළින් පිරී අසරණ ලෙස හඬන්නට පටන්ගත්තාය. "මේ අන්තිම වතාව වෙන්න පුළුවන් ෂෙරිෆ් බක්. මට එයා බලන්න ලැබෙන අන්තිම සැරේ . . ." ඇයට තම කතාව අවසන් කිරීමට නොහැකි විය.