විනිශ්චය xxxii

   

                                           පරිච්ඡේදය 20 

                                                  දෙවන කොටස



වේගය වැඩිකිරීම සඳහා අශ්වයා පෙළඹවීමට අවශ්‍ය නොවූයේ දැඩි සේ බියට පත්ව සිටි ඌ එකම වේගයකින් පිම්මේ දුවමින් සිටි හෙයිනි. තවත් මංසන්ධියකින් හැරී ඉදිරියට ගිය බක්ට ඔහුට ඉදිරියෙන් පෙනෙන නොපෙනෙන මානයේ ඡායාවක් මෙන් ඇදෙන අශ්ව කරත්තය දිස්විය. අශ්වයාගේ කනට මුව තබා කෑගැසූ බක් අත තිබූ රිවෝල්වරයේ මිටින් උගේ තට්ටමට පහරක් එල්ල කළේය. ටිකෙන් ටික අශ්ව කරත්තයට සමීප වන්නට ඔහුට හැකිවිය. 

විනිශ්චය - xxxi

  පටන්ගත්ත හැටි:

                                අපාචේ ජන්ක්ෂන් ප්‍රදේශයේ ෂෙරිෆ් ඔවන් බක්ට මැක්ග්‍රාත් නම් පුද්ගලයාට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය පැවරී ඇත. මරණයට පත් වූ පුද්ගලයා ගවපට්ටි හිමියන්ගේ පාර්ශවයට අයත් වන අතර වරදකරු අනවසරයෙන් පැමිණ පදිංචි වූ කණ්ඩායමක සාමාජිකයෙකු වෙයි. මේ නිසා මෙය දෙපර්ශවයක් අතර ගැටුමක් බවට පත්වෙයි. බක් තීන්දුව වෙනස් කරගැනීමට වෙහෙසෙන්නේ තීන්දුව දුන් නඩුකාරයාගේ බිරිඳත් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයාත් අතර අනියම් සබඳතාවක් පැවති බවත් තීන්දුව දෙන අවස්ථාවේ නඩුකාරයා ඒ බව දැන සිටි බවත් හෙළි වූ නිසා ය. වෙනත් නඩුකාරයෙකු ඉදිරියේ නඩුව නැවත අසා සාධාරණ බව පෙනෙන නඩු තීන්දුවක් ලබාගැනීම ෂෙරිෆ්ගේ අරමුණයි. එහෙත් එයට විිනිසුරු හන්ටර්ගෙන් හෝ ආණ්ඩුකාරයාගෙන් සහයක් නොලැබෙයි. මේ අතර ගවහිමියෝ  ෂෙරිෆ්ට එරෙහිව එන්නේ ඔහු මැක්ග්‍රාත් නිදහස් කරනු ඇත යන සැකය නිසා ය. අනවසර පදිංචිකරුවෝ ද ෂෙරිෆ් ගවහිමියන්ට පක්ෂපාතීව කටයුතු කරතැයි සිතා ඔහුට පහර දෙති. ගවහිමියන්ට පක්ෂපාතීව කටයුතු කරන තම සහය නිලධාරියා ඉවත් කරන බක් වෙනත් සහයකයින් දෙදෙනෙකු පත්කර ගත්ත ද ගවහිමියන්ගේ තර්ජන මැද ඔවුහු සේවයෙන් ඉවත් වෙති.  මැක්ග්‍රාත්ගේ සිරකුටිය පරීක්ෂා කිරීමට යන ෂෙරිෆ්ට සිරගෙදරින් පළායාමට තැත් දරන මැක්ග්‍රාත්ගේ ප්‍රහාරයකට ලක්වී තුවාල ලබයි. පලාතේ සාමය රැකගැනීමට මැක්ග්‍රාත් වෙනත් සිරගෙයකට මාරුකිරීමට නඩුකාරයා කැමති කරගන්නා අතරතුර මැක්ග්‍රාත් බැලිමට තම බිරිඳ නැවතත් ගිය බව දැනගන්නා විනිසුරුවරයා බිරිඳ වෙඩිතබා ඝාතනය කරයි. ඔහු ද සිරගත කිරීමට ෂෙරිෆ්ට සිදුවෙයි. මැක්ග්‍රාත් ගවහිමියන්ට නොදැනී වෙනත් සිරගෙදරකට මාරු කිරීමට සැලසුම් කරන බක් එයට අනවසර පදිංචිකරුවන්ගේ සහය ලබාගැනීමට වෙහෙසෙයි. 

විනිශ්චය xxx

                                                  පරිච්ඡේදය 19 

                                                    දෙවන කොටස



සිරගෙයට ඇතුලු වූ ඔහු දොර වසා අගුළු දමා කාමරයෙහි තිබූ ජනේලයක් වෙත ගොස් පහතින් පෙනෙන වීදිය දෙස බලා සිටින්නට විය. ජනේලය අවපැහැ ගැන්වී තිබුන ද ඔහුට අවශ්‍යව තිබූ දේ දැකගන්නට එය බාධාවක් නොවීය.