කන්න ලුණු නැතිව මහා හාහෝවක් පැනනැගී ආණ්ඩුවට නොයෙකුත් අපවාදවලට මුහුණ දෙන්නට සිදුවී වැඩි කලක් නැත. ලුණු හැදුනේ කොහොමද, කවදාද, මුහුද ලුණු රස උනේ කොහොමද යන කුතුහලය අද ඊයේ පැනනැගුනක් නොවේ. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කොතෙක් තිබුනත් ප්‍රවීන චිත්‍ර ශිල්පී හා ළමා කතා රචක ඇස්. ඒ. දිසානායක මහතා ළමාපෙළ වෙනුවෙන් ඊට අපූරු කතාවක් ගෙතුවේ මෙහෙමය. මෙය උපුටාගත්තේ 1964 ඔක්තෝබර් 26 දින නවයුගය සඟරාවෙනි. අපේ පරම්පරාවේ අයට නම් ඔන්න බබෝ, පඬිතුමා,යෝධයා වැනි අපූරු ළමාකතා ඇස්. ඒ. දිසානායක නමත් සමග මතක්වෙනවාට සැක නැත. මේ සඟරාව නිකුත් වූ දින වනවිට ලිට්සීකර් එය කියවාගන්නට තරම් වැඩී නොසිටියත් තාත්තා ඒ සඟරා පරිස්සම් කළ නිසා අදටත් කියවා රසවිඳීමට වාසනාව ලැබී තිබෙන බව ද මෙහි සටහන් කළ යුතුය.