අයියෝ. . . !
ඇයි රංජනී?
මහත්තයා බල්ලට බත් දීල තියෙන්නේ කෙහෙල් කොලේකනේ.
සත්තුන්ට කෙහෙල් කොලේ කන්ඩ දෙන්ඩ හොඳ නෑ. අපි දෙයියන්ට ආහාර පිළිගන්වන්නෙත් කෙහෙල් කොලේනේ!
ඉතිං රංජනී, ඔය දෙවියෝ සදාකාලිකවම දෙවියො විදියටම ඉන්නවද?
හාමුදුරුවො නම් බණට කියන්නේ පින් පිරිහුනාම දිව්යලෝකෙන් චුත වෙනවා කියලනේ.
චුත වෙලා?
මනුස්ස ලෝකෙට එනවලුනේ.
සත්ව ලෝකෙට යන්න බැරිද?
ඒ කිව්වේ?
ඒ කිව්වේ, මොකක් හරි ඉස්සර කරපු පාපයක් තිබිලා බල්ලෙක් වෙලා උපදින්න බැරිද?
බණේ තියන හැටියට නං බැරිකමක් නෑ නේද?
එතකොට බල්ලෙකුට මොකක් හරි ඉස්සර ආත්මෙක කරපු පිනක් තිබිලා දිව්යලෝකෙ දෙවියෙක් වෙලා උපදින්න බැරිද?
ඔව් ඉතිං අර ගෙම්බෙකුත් මැරිලා ගිහිල්ලා දිව්යලෝකේ ඉපදුනා කියලා බණ කතාවකත් තියෙන්නේ.
ඒක තමයි. එහෙම බලනකොට දෙවියන්ට උනත් බල්ලට උනත් කෙහෙල් කොලේ කන්න දුන්නට කමක් නෑ නේද?
ඈ! ඒ මොකක්ද ඒ කතාව? මහත්තයට නම් හොඳටම පිස්සු. කට හින්දා නිකං පව් පුරවා ගන්නවා.
* * *
හේ හේ කට කට
ReplyDeleteheh
ReplyDeleteහෙහ්, හෙහ් නියමයි.✌️👌🤣
ReplyDeleteඇත්තටම වෙච්ච කතාබහක්. අතිශයෝක්තිය ටිකක් එකතු කළා.
Delete