හඳ බේරා ගත් වඳුරෝ

 කලකට පස්සේ කාර්ය බහුල උන නිසා ලියන්න බැරි උනත් මුල්ලක තිබිලා අහුල ගත්ත එකක් වත් දාන්න ඕනෑ කියලා හිතුනා. 

(අන්තර්ජාලයෙන්)


එක්තරා පළාතක ගමකට කිට්ටුව තිබුන කැළයක වඳුරො රංචුවක් හිටියා. හොඳට හඳ පායලා තිබුන රාත්රියක මේ වඳුරො රංචුව සෙල්ලම් කරමින් කෙළිදෙලෙන් පසු උනා. ඒ අසලම වතුර පිරුන ළිඳකුත් තිබුනා. එහෙ මෙහෙ දුවන පනින ගමන් එක වඳුරෙක් ළිඳට එබිල බැලුවා. ඌ දැක්කා හඳ ළිඳේ පතුලේ තියනවා.

ඌ උගේ යාළුවන්ට කතා කරල පෙන්නුවා හඳ ළිඳට වැටිල තියනවා. ඔක්කොම එකතු වෙලා ළිඳේ තියන හඳ දිහා බලාගෙන කල්පනා කරා දැන් මොකද කරන්නෙ කියල. ටිකක් වයසින් මෝරපු වඳුරෙක් දුවගෙන ඇවිල්ල ළිඳ දිහා එබිලා බලලා හොඳටම කලබල උනා. “දෙයියනේ හඳ ඇත්තටම ළිඳ ඇතුලෙ නේන්නං, හඳ තියෙන්න ඕන අහසෙ මිසක් ළිඳක් ඇතුලෙ නෙමෙයිනේ.” ඌට හිතුනා. “හඳ කොහොම හරි ළිඳට වැටෙන්න ඇති. අපි හඳ කොහොම හරි ගොඩ ගන්න ඕනෑ.” වඳුරෝ තීරණය කළා. උන් බාල්දියක් හොයාගෙන එක එකාගෙ වලිගෙ අල්ලගෙන දිග දම්වැලක් වාගෙ හැදිලා ළිඳ ඇතුලට බහින්න උත්සාහ කළා.
වයසින් වැඩිම වඳුරා ඔලුව පහලට හිටින්න කකුල්දෙකින් ගහක එල්ලිලා ඊලඟට ඉන්න වඳුරගෙ කකුල්දෙකින් අල්ල ගත්තා. හැමෝම මේ වගේ අල්ලගෙන ළිඳ පතුලෙ තියන හඳට ලංවෙන්න උත්සාහ කළා. අන්තිමට හිටපු වඳුරා බාල්දිය දාලා හඳ බාල්දියට ගන්න හදන කොටම මුලින්ම ගහේ අත්ත අල්ලාගෙන හිටපු වඳුරට බර වැඩිවෙලා අත ලිස්සලා අතෑරුනා. ඔක්කොම වඳුරො ටික ළිඳට වැටුනා. බාල්දියත් අතෑරිලා උඩින් විසිවෙලා ගියා. ළිඳ පතුලෙ ඉඳල උඩ බලපු වඳුරන්ට අහසෙ දිලිසි දිලිසි තියන හඳ පෙනුනා. උන්ට හරි සන්තෝස හිතුනා. “අපි නියමෙට වැඩේ කලා.” කියලා එකිනෙකාගෙ පිටටත් තට්ටු කරගත්තා. එක වඳුරෙක් අනෙක් උන්ගෙ මූණු දිහා බැලුවා. “ඒ උනාට අපි දැන් ගොඩට යන්නෙ කොහොමද?” ඌ ඇහුවා.
උන්ට තේරුනේ නැ ළිඳ පතුලේ පෙනුනේ හඳේ ඡායාව විතරයි කියලා.
තව කාරනයක් මතක් කරන්න ඕනෑ.
මේක මේ ඉන්දියානු ජනකතාවක්. ඒ හින්දා මේ කතාවයි, ලංකාවෙ මිනිස්සුයි, දේශපාලනයයි අතර කිසිම සම්බන්ධයක් එහෙම නෑ, හොඳද?

5 comments:

  1. වඳුරෝ තමයි හොඳටම කරලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. වඳුරෝ තමයි හොඳටම කරලා තියෙන්නෙ...X 2

      Delete
  2. කොහොම හරි ලිදෙන් ගොඩට ආපු වදුරෝ හෙටත් ආපහු ලිදට පනිනවා හද අහසේ රදවන්න.

    ReplyDelete
  3. ලඟින් යන ඉන්දියන් කතාවක් අහල තියෙනව වගේ මතකයි. අදට කියාපු කතාව

    ReplyDelete