මගේ එළදෙන

 


පුරාණයේ ගම්වල ගවයින් ඇතිකිරීම සාමාන්‍ය දෙයක්ව පැවතුණි. ගවයින් ඇතිකිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ කුඹුරු ගොවිතැන සඳහා යොදාගැනීමයි. ඊට අමතරව අද මෙන් ප්‍රවාහනය සඳහා වාහන නොතිබූ ඒ අවධියේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වූයේ ද ගවයාය. හරකුන් ඇතිකිරීම ගැමියාට එතරම් බරක් නොවූයේ සෑම ගමක් ආසන්නයේම කැලෑවක් තිබූ නිසාය. වැඩ නැති කාලයට උදෑසනම කැලයට දක්කන ගවරැල සවස් යාමයේ නැවතත් නිවස කරා දක්කාගෙන ඒම ගැමියාගේ සිරිත විය.  අද මෙන් සොර සතුරන් බහුල නොවූ ඒ යුගයේ හරකෙකු නැති වූයේ කලාතුරකිනි. මේ ඒ කාලයේ සිදුවිනැයි මා අසා තිබූ කතාවකි. 

අන්තිමේදී අපි දරුවන් කෑවෙමු

                         

 කැනේඩියානු ලේඛක යාන් මාර්ටල් ලෝ ප්‍රකට වූ‍යේ ඔහු විසින් රචිත Life of Pi කෘතිය නිසා ය. මේ සඳහා 2002දී ඔහුට බුකර් සම්මානය හිමි වු අතර එය ඇසුරින්  සිනමා නිර්මාණයක් මෙන්ම වේදිකා නිර්මාණයක් ද බිහි විය. (හිරාන් අබේසේකරට හොඳම නළුවා සඳහා වූ ලෝරන්ස් ඔලිවියර් සම්මානය හිමිකර දුන්නේ ද එම වේදිකා නාට්‍යයයි.) We ate the children last නමින් ඔහු ලියූ කෙටිකතාවේ පරිවර්තනයයි මේ. විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපයෙන් ලියවී ඇති මෙය වත්මන් සමාජයේ හැසිරීම හා එය පාලනය කරන බල අධිකාරිය තියුණු විවේචනයකට ලක්කරයි. අප රටේ  මෑත භාගයේ ඇති වූ දේශපාලන චලනය ද මේ උපහාසාත්මක රචනය හරහා තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙහි වරදක් නැතැයි සිතමි.