
මොනවා . . . ? ඉර හැරෙන්නත් ළං වෙලා වගෙයි! දන්නෙම නැතිව හෝරා දෙක තුනක් විතර ඇවිත් තියෙනවා. හැබෑටම දැන් නම් බත් බුසලක් කන්න බඩගිනියි. හොඳ හෝටලේකට ගිහින් පානුයි පරිප්පුයි ටිකක් කාලා සප්පායම් වෙන්න ඕන . . .!
ආ! මේ තියෙන්නේ පංකාදු තේ කඩයක්. ඒත් ලිසියගෙ කෝපි කඩේට යටයි මේ මුළු කඩ ඔක්කොම. . .!
"ආ! වාඩි වෙන්න සිය. මොනවද බොන්න ගේන්නෙ ඔරෙන්ජ්, ක්‍රීම් සරුවත් . . . හෝර්ලික්ස් . . .?"
"මට හුඟක් බඩගිනියි පුතා. . . !"
"ආ එහෙනම් බුරියානි, සැම්පොරයිස් කුකුල් මස් එක්ක දුන්තෙල් බත්. . . ? කියන්න සීය, ඉක්මන් කරන්න."
"අප්පා හරියට දාඩිය දානවා නෙවැ, මොකද පුතා මේ හැටි ගිරීස්මෙ?"
"ආ ඉන්න සීය මං පෑන් එක දාන්නම්. . .! හරිනෙ!"
ක්‍රීං ක්‍රීං . . .!
"ෂා! පංකාදු තැන! නිකං හිටියත් බඩගිනි දැනෙන්නෙ නැහැ . . . ෂා මට ගෙනෙං පුතා පරිප්පුයි පානුයි, ! තේ වතුර කෝප්පෙකුයි. . . මේ. . . මේ කහට ටිකක් අඩුවෙන් හොඳ ද?"
"ආ සිංගල් පාන්. . .! ලයිට් ප්ලේන් ටී. . . ! එකයි. . . !"
මේ යෝදයකට පිස්සු ද මංද, සිංගල් පාන් මොකට ද මට? පරළු පාන් තියනව නං ඒකත් එකක්. ලයිට් පෙලෙන් ටී. . . ? ඒ මොනව ද? මං ඉල්ලුවෙ තේ වතුර කෝප්පයක් නොවැ. මේකා හදන්නෙ වෙනිං මොනවා දෝ රට කෑම ජාති මට දීල හුඟක් සල්ලිය බාගය කඩා ගන්නයි! අඩමානයක් නැහැ ඒකම තමයි කොරන්න හදන්නෙ. . . ?
"ඒයි ළමයා. . ., මෙහෙ වරෙං පොඩ්ඩක්?"
"ෂා හරි සීයා, මොනව ද ඇක්ස්රා මුකුත් ගේන්න ද? එග්ස් . . කාරිය?"
"ඇක්ස් රා? . . . ? ඇක්ස් රා නෙවෙයි පොල් රා තියනව නං අපූරුයි මේ වෙලාවට. ඊටත් හොඳයි කිතුල් රා තියෙනව නමි. . . ?"
"නෑ සීයෙ. . ., ඒව නැහෑ ඇස්සරා කියන්නෙ අමතර ගන්න ඒවට. . ."
"අමතරව එයින් ටිකක් ගත්තට වරදක් නැහැ. මං ගමේදි නම් ගහෙන් බාපු හැටියෙ රා තමයි පාවිච්චිය . . .?"
"සීය මේ මොනව ද කියන්නෙ. . . මේ සිංගල් පාන් එකයි ලයිට් ප්ලේන් ටී එකයි ඉක්මන් කරන්න."
"මොන සිංගල් පාං ද බන් මට? මට ඔය තිරිඟු පිටි පාං හොඳයි. ඒව තමයි කවදත් පුරුදු කෑම. ලයිට් ප්ලේන්ටිත් එපා. නිකං කහට අඩුවෙන් තේ වතුර කෝප්පයක් ගෙනාවාම ඇති. . .!"
"අයියෝ හරි හොල්මනක් නොවැ මේ . . . ! ආ ආ කනව පාං පරිප්පු. . . ප්ලේන් ටී. මේත් ඇක්ස් රා!"
"ඔය මොනව ද ඕවට ද ඇක්ස් රා කියන්නෙ. ඕවට අපේ පලාතෙ කියන්නෙ පොකිරිස්සෝ. . . ! අනිච්චේ දුක්ඛේ!" මී මුත්තා
1966 ජූනි 26 දින පළ වූ නවයුගය සඟරාවෙන් උපුටා ගන්නා ලදී.
බුරියානි, සැම්පොරයිස් කුකුල් මස් එක්ක දුන්තෙල් බත්??
ReplyDeleteහෙහ්, හෙහ් නියමයි. තව නැත්ද, මේ වගේ කතා? 1966 අවුරුදු හැටක් පරණ සඟරා.😮
තියනවා. සඟරා තොගය අදින්න ඕනෑ.
Deleteනවයුගයේ හොඳ කතා තිබ්බ හැත්තෑ ගණන් වලත් . පස්සේ ඒ පත්තරේ නැවතුනා නේද ඒ කලේ විකිපෙඩිය එක
ReplyDeleteපසුව ඒක ටැබ්ලොයිඩ් සයිස් පත්තරයක් උනා. පස්සෙ ආයෙ සඟරාවක් වෙලා නැතුව ගියා. මං හිතන්නෙ එඩ්වින් ආරියදාසගෙන් පසු පරම්පරාවට ඒකෙ ආකර්ෂණය රඳවාගන්න බැරි උනා.
Deleteපත්තර. සඟරා ටීවී යුගය නැති වුනේ ඉන්ටර් නෙට් නිසා කියලයි හිතෙන්නෙ.
Delete