අද රෑ ඇය කවුරු වෙයි ද?


"අපේ වැඩේ ඉවර උනහම සල්ලි ඩ්‍රෙසිං ටේබල් එක උඩ තියන්න." 

ඇය එසේ කීමෙන් පසුව ඇයට හුස්ම ගැනීමට පවා අපහසු වන තරමට ඔහු ඇගේ සිරුර මතට බර දුන්නේය. ඔහු සිටියේ බීමත්ව ය. එකම ලෙසට ඇරඹී, එකම ලෙසට පැවතී, එකම ලෙසට අවසන් වූ අයුරු බැලීමේදී සෑම රාත්‍රියකම සිටියේ එකම මිනිසා ය. සෑම මිනිසෙකුටම වෙනස් වූ නමක් තිබුන ද බරත් මුදලත් එකම විය. 

ඇය ද සෑම රාත්‍රියකම එකම ගැහැණිය නොවූවාය. පසුගිය රාත්‍රියේ ඒ මිනිසා තම පිළිකුල්සහගත බරින් ඇය තෙරපාගෙන සිටියදී ඇය වේදිකාවක් මත රෝස මල්, ඔල්වරසන් හා සුළඟේ පා කර එවූ හාදු පිළිගනිමින් සිටි ඔපෙරා ගායිකාවක වූවාය. ඊට පෙරදින රාත්‍රියේ ඇය සමරු සටහනක්, ඡායාරූපයක් නැතිනම්  "කොහොමද ඉතින්?" යනුවෙන් සුහද වදනක් ඇයගෙන් ලබාගන්නට නැතිනම් අඩු තරමින් ඇගේ ඇස් බැල්මකට හෝ යොමුවන්නට පොරකන ආදරයෙන් උමතු වූ රසිකයන් පිරිසක් මැද සිටි ආකර්ෂණීය නැගී එන නිළියකි. 

අද රාත්‍රියෙහි ඇය රැජිණකි; ඇයගේ සියළු ආශාවන් ඉටුකරදීමට කැපවූ යටත් වැසියන්, සුදු අශ්වයින් හයදෙනෙකු බැඳ අශ්ව කරත්තයක් හා පාද තැබීමට එලූ රතු පළසක් ඇති, ඇගේ පිළිකුලට ලක්වූ ගැමියන්ගෙන් ලැබුන ආචාර සමාචාර හිමි වූ රැජිණකි. ඇය සිටින්නේ ඔවුන්ගෙන් බොහෝ දුරක ය. ඔවුන්ට කළහැක්කේ ඇය සිටින මාලිගය සිතින් මවාගැනීම පමණකි. ඇයට කළහැක්කේ ඔවුන් පෙනෙන තරම් අපිරිසිදු හා පිළිකුල් සහගත නැතැයි සිතින් මවාගැනීම පමණකි. සුඛ විහරණයෙන් මෘදු වූ ඇගේ දෑත්වලින් ඔවුන් ස්පර්ශ කළේ නැත. ඇය ස්පර්ශ කිරීමට ඔවුන්ට අවසර නොතිබිණ. සුදු පැහැති අත්වැසුම් පැළඳි අත වනමින්, සායම් තැවරූ චිත්‍රයක් මෙන් සිනාවක් මුහුණෙහි රඳවාගනිමින් ඇය ගම් හරහා සංචාරය කළාය. කෙතරම් අසිරිමත් රැජිණක් ද ඇය, දැකබලා ගන්නට තරම් වටින. 

ඇය තෙරපාගෙන සිටි  බර සිරුර ද කාමරය ද අතහැර ඉවතට ගියේය. ඇඳෙන් බිමට රෝල් වූ ඇය මුදල් සඟවා තබා ඊලඟ දිනයේ රාත්‍රිය එනතෙක් බලාසිටියාය. 

 Tammy Ruggles නම් ලේඛිකාවගේ Who Will She Be Tonight? නම් කෙටිකතාවේ පරිවර්තනයකි. 

11 comments:

  1. +++++++++++++👌
    ආයෙ එන්නම් කමෙන්ට් වැටුනම

    ReplyDelete
  2. කෙටිම කෙටි කතාවක් ද ? ඔන්ලි ෆෑන්ස් මොඩෙල් කෙනෙක් වගේ

    ReplyDelete
    Replies
    1. සීමිත වචන සංඛ්‍යාවකින් හුඟක් දේවල් කියනවා. අකමැත්ත, අප්‍රසන්න බව සිහින ලෝකයට යෑමෙන් පෙන්වනවා. මුදල් ගන්න රෝල්වෙනවා කීමෙන් වෙහෙස හා තෙහෙට්ටුව පෙන්වනවා. අවසාන වාක්‍යෙයන් වෙනසක් නැති එකාකාරී ජීවිතය ගැන අඟවනවා.

      Delete
    2. හ්ම්.....මොනවා කියන්නද මන්දා? 😕😞
      ආගම සහ සදාචාරය

      Delete
    3. හරි මට විචාරයක් ලියන්න පුළුවන් පිටු තුනක විතර . මෙන්න මේ ටිකට > // එකම ලෙසට ඇරඹී, එකම ලෙසට පැවතී, එකම ලෙසට අවසන් වූ අයුරු බැලීමේදී සෑම රාත්‍රියකම සිටියේ එකම මිනිසා ය. සෑම මිනිසෙකුටම වෙනස් වූ නමක් තිබුන ද බරත් මුදලත් එකම විය.

      Delete
  3. Thattayage Kolama29 May 2026 at 06:37

    සුන්දර ගැඹුරු වචන!

    ReplyDelete
  4. ඒක නම් නෙක්ස්ට් ලෙවල් කතාවක්, මේකට සම්මානත් ලැබිල තියෙනවා ද

    ReplyDelete
    Replies
    1. කෙටිකතාවලට වෙන්වුන පිටුවකින් තමයි ගත්තේ. මේ ලේඛිකාව ගැන නම් ඒතරම් තොරතුරක් හොයාගන්න නෑ.

      Delete
  5. කෙටි ඒත් අපූරු , එක හුස්මට කියවන්න පුළුවන් එකක්.

    ReplyDelete
  6. ජීවිත ... පුදුම ජීවිත. චරිතේ විවිධ උනත් රඟපෑම නම් එකම විදිහයි වගේ නේද?

    ReplyDelete
    Replies
    1. කොයි විදිහට වෙනස් ස්වරූපවලින් ආවත් කරන පීඩාව එකම වගේ කියන එක නේද වැටහෙන්නේ?

      Delete