සත් සතියෙන් සති හතරක් - කෙටි නාට්‍යය

 ග්‍රීම්ගේ සුරංගනා කතාවක් ඇසුරෙන්  ශ්‍රී ලංකාවේ පසුබිමට ගැලපෙන පරිදි ලියන ලද කෙටි නාට්‍යයකි. 

( සැලකිය යුතුයි: මෙය සුරංගනා කතාවක් බවත් ශ්‍රී ලංකාවේ කොතැනකවත් සිදුවූ සිදුවීමක් නොවන බවත් සහතික කරමි.)



ස්ථානය - කලාප අධ්‍යාපන කාර්යාලය

ගුරුතුමිය:            

මම මේ මාසෙ විශ්‍රාම යනවා, මගේ අවසාන වැටුප පේ ෂීට් එකට දාලා තිබුනෙ නෑ.

ගිනුම් ලිපිකරු:   

අන්තිම මාසෙ වැටුප ගෙවන්නෙ ස්පෙෂල් පේ ෂීට් එකකින්නෙ මිස්. මේක අරන් ගිහින් පුරවල ගෙනත් බාර දෙන්න.

ඊලඟ සතිය

ගුරුතුමිය:          

 මම ස්පෙෂල් පේ ෂීට් එක ගිය සතියේ බාර දුන්නා. චෙක්එක ගන්න පුළුවන්ද බලන්න ආවෙ.

ගිනුම් ලිපිකරු:    

කලාප අධ්‍යක්ෂ තුමා මේ සතියෙ නෑ. පලාත් එකේ වැඩමුළුවකට යනවා. සිකුරදා තමයි එන්නෙ. සඳුදට ගන්න පුළුවන් වෙයි. අත්සන් කරවල තියන්නං මිස්. 

ඊලඟ සතිය

ගුරුතුමිය:       

  මගෙ පේ එකේ චෙක්එක ගන්න පුළුවන් ද බලන්න ආවෙ.

ගිනුම් ලිපිකරු

මිස්ගෙ විශ්‍රාම ගැන්වීමෙ ලිපියෙ පිටපතක් පලාත් කාර්යාලයෙන් එන්න ඕනෑ. ඒක එනකං දෙන්නෙ නෑනෙ.            

ගුරුතුමිය:         

මගේ කොපිය ඉස්කෝලෙට ඇවිල්ල තිබුණා.

ගිනුම් ලිපිකරු

අපිට පලාත් එකෙන් එන්න ඕනනෙ. තාම ආවෙ නෑ. 

දූරකතන සංවාදය

ගුරුතුමිය:          

හෙලෝ මම මේ කතා කරන්නෙ ........... කලාපෙ පාසැලකින්. මම මේ මාසෙ විශ්‍රාම ගත්තා. විශ්‍රාම  ගැන්වීමේ ලිපිය එනකං අන්තිම මාසෙ පේඑක ගෙවන්නෙ නෑ. මගේ කොපිය නං පාසැලට එවල තිබුන. හැබැයි ඒකත් එක්ක තව පිටපත් තුනක් තිබ්බා. ඒවගෙ වෙනත් කෙනෙකුගෙ නම   තියෙන්නෙ, මගේ නෙවෙයි.                         

පලාත් කාර්යාලයේ ලිපිකරු

හෙලෝ මිස්, ඒකෙ තිබුන නම මතකද? මට ඉස්කෝලෙ නම්බර් එක දෙන්න ප්‍රින්සිපල්  ඉන්නවද? මං කතා කරන්නං.

ඊලඟ සතිය (කලාප කාර්යාලය)

ගුරුතුමිය:         

 අර ලියුමෙ පිටපත ආවද? මට චෙක්එක ගන්න පුළුවන්ද? 

ගිනුම් ලිපිකරු:  

තාම ආවෙ නෑනෙ. ආයතන එකට ගිහන් බලන්න ඇවිල්ලද කියල.

ගුරුතුමිය:          

මගෙ පිටපත ඔයාගෙ ෆයිල් එකට දාගෙන ඔය චෙක්එක දෙන්න බැරිද?

ගිනුම් ලිපිකරු

 ඒක ෆයිල් එක හරහනෙ එන්න ඕන මිස්.

ස්ථානය: ආයතන ශාඛාව 

ගුරුතුමිය

මිස්, මගෙ විශ්‍රාම ගැන්වීමේ ලිපිය නැතිව අන්තිම මාසෙ පේ චෙක් එක දෙන්න බෑ කියනවා, මිස්ට ඒකෙ පිටපතක් ඇවිත් තියනවද? 

ලිපිකරු:    

මට ඇවිත් තිබුනෙ එක පිටපතයි. මං ඒක ෆයිල් එකට දැම්මා. 

ගුරුතුමිය

ඕකෙ කොපියක් ගිනුම් එකට යවන්න බැරිද මට පේ එක ගන්න?

ලිපිකරු

හරි මිස්, මං යවන්නං. 

ගිනුම් ශාඛාව

ලිපිකරු:

 දැං හරි මිස්, මං චෙක් එක අත්සනට දාන්නං.  හැබැයි ලබන සතියෙ තමයි ගන්න වෙන්නෙ, එකවුන්ටන්ට්  

 මේ සතියෙ නෑ, නිවාඩු. 

ඊලඟ සතිය තවම එළඹුනේ නැත. ඊලඟ කොටස සඳහා එතෙක් ඉවසීමෙන් සිටින්න. 

 


No comments:

Post a Comment