කන්න ලුණු නැතිව මහා හාහෝවක් පැනනැගී ආණ්ඩුවට නොයෙකුත් අපවාදවලට මුහුණ දෙන්නට සිදුවී වැඩි කලක් නැත. ලුණු හැදුනේ කොහොමද, කවදාද, මුහුද ලුණු රස උනේ කොහොමද යන කුතුහලය අද ඊයේ පැනනැගුනක් නොවේ. මේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු කොතෙක් තිබුනත් ප්‍රවීන චිත්‍ර ශිල්පී හා ළමා කතා රචක ඇස්. ඒ. දිසානායක මහතා ළමාපෙළ වෙනුවෙන් ඊට අපූරු කතාවක් ගෙතුවේ මෙහෙමය. මෙය උපුටාගත්තේ 1964 ඔක්තෝබර් 26 දින නවයුගය සඟරාවෙනි. අපේ පරම්පරාවේ අයට නම් ඔන්න බබෝ, පඬිතුමා,යෝධයා වැනි අපූරු ළමාකතා ඇස්. ඒ. දිසානායක නමත් සමග මතක්වෙනවාට සැක නැත. මේ සඟරාව නිකුත් වූ දින වනවිට ලිට්සීකර් එය කියවාගන්නට තරම් වැඩී නොසිටියත් තාත්තා ඒ සඟරා පරිස්සම් කළ නිසා අදටත් කියවා රසවිඳීමට වාසනාව ලැබී තිබෙන බව ද මෙහි සටහන් කළ යුතුය.
මම අහල තියෙනවා ලුණු ගැන ජනකතාවක්. යක්කු තමයි ලුණු ගැන කියාදීලා තියෙන්නෙ:
ReplyDeleteකිමද යකුනි තොප පිට්ටු නොකන්නේ
ලුණු නැති පිට්ටුව කොහොමද කන්නේ
වගේ තොවිල් කවියක් ගැන.
ඉතුරු ටිකත් හොයාගන්න බැරිද? අහලා නැති කතාවක්.
Deleteපුරාණ කාලය: ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය වසර දහස් ගණනක් පැරණි ය. පුරාණ වංශකථාව වන මහාවංශයේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පණ්ඩුකාභය රජුගේ (ක්‍රි.පූ. 4 වන සියවස) පාලන සමයේදී "උස්සන්ගොඩ" ලෙස හැඳින්වෙන ලුණු ලේවා පැවති බව සඳහන් වේ. පුත්තලම සහ මන්නාරම වැනි අනෙකුත් ප්‍රදේශය සමඟ මෙම ප්‍රදේශය, එහි උණුසුම්, වියළි දේශගුණය සහ වෙරළබඩ කලපු හේතුවෙන් ඓතිහාසිකව ප්‍රධාන ලුණු නිපදවන කලාපයක් වී ඇත.
Deleteසූර්ය වාෂ්පීකරණය: ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනයේ ප්‍රාථමික ක්‍රමය සැමවිටම සූර්ය වාෂ්පීකරණය වී ඇත. මුහුදු ජලය නොගැඹුරු තටාක හෝ "ලුනමා" (ලුණු ලේවා) වෙත යොමු කරනු ලැබේ, එහිදී එය හිරුගේ තාපය සහ පවතින සුළං යටතේ ස්වභාවිකව වාෂ්ප වීමට ඉඩ සලසන අතර, ලුණු ස්ඵටික ඉතිරි වේ. මෙම සාම්ප්‍රදායික, අඩු තාක්ෂණික සහ පරිසර හිතකාමී ක්‍රමය අදටත් බහුලව භාවිතා වේ.
"ලුණු පොල්කට්ට": ශ්‍රී ලංකාවේ අද්විතීය සාම්ප්‍රදායික ලුණු ලේවායක් වන්නේ පොල් කටු වලින් සාදන ලද "ලුණු පොල්කට්ට" ය. මෙම බහාලුම් "ලුණු කරුව" මත තබා ඇති අතර එය බොහෝ විට සාම්ප්‍රදායික උදුන අසල සවි කර ඇති ලී දෙබලකි. පොල් කටුවේ ප්‍රතික්‍රියාශීලී නොවන ස්වභාවය නිසා ලුණු දිගු කාලයක් ගබඩා කිරීමට ඉඩ සැලසෙන අතර, එය අපද්‍රව්‍ය අවශෝෂණය කරන බව පවා විශ්වාස කෙරේ, පිටතින් "ලුණු මාලා" (සුදු සහ කළු පැහැති ලුණු තට්ටුවක්) දිස්වන අතර, එය ගම්වැසියන් තැන්පත් වූ විෂ ද්‍රව්‍ය ලෙස සලකයි.
- ගූගල් AI -
ඒක මරු කතාවක් ....හැක් හැක්..
ReplyDeleteලුණු නේද ? වැඩිය කන්න හොඳත් නැහැ . අඩුවෙන් කන්නත් බැහැ . ඔය කතාව කොයි කාලේද
ReplyDeleteහැඳින්වීමේ තියන විදියට 1964 සඟරාවක තිබුනේ. කතාව අවසානයට කියන විදියට අවුරුදු කෝටිගානකට කලින් වෙලා තියෙන්නේ.
Delete@ ajith - මේ වගේ ගොඩක් පරණ පොත් සගරා දකිනකොට එන නොස්ටැල්ජික් හැගීමට මම මාර ආසයි
Deleteහෙහ් හෙ: ලුණු හොයන යකඩ මිනිහා හොයන්න යන අයටත් අර සබ්මැරීන් එකට වෙච්ච දේ උනොත් ඉවරයි 😅.
ReplyDeleteමිනිස්සු ලුණු කාලා ලෙඩ හදාගන්න හින්දාා ආණ්ඩුවෙන්ම මිනිස්සුන්ගේ යහපත තකාම ලුණු හිඟ කරා වෙන්න බැරිද 😁😁
ReplyDelete