ආ, රංජනී. මොකද මේ පැත්තෙ?
සුදු මහත්තයලගෙ දිහා වැඩ කරලා එන ගමං මහත්තයා. මේ පැත්තෙන් එන්න හිතුනා. ඒකයැ, මහත්තයා දන්නවද අපේ මනුස්සයගෙ තුවාලෙ හොඳවෙන්නෙ නැත්තෙ කවුද ඒකට විස බැඳලලු!
කවුද රංජනී කිව්වෙ?
මහියංගනේ නංගිලගෙ දිහා ගිය වෙලාවෙ නිමිත්තක් බැලුවා. එහෙං තමයි කියවුනේ. මොණරාගල ඉන්නවලු හොඳ ගුරුකම් කරන එක්කෙනෙක්. එහෙ එක්ක යන්න ඉන්නෙ. කාටවත් කියන්න එපා මහත්තයා. අපේ මනුස්සයටවත් කියන්න එපා. යන්න බෑ කියයි. හෙට බෙහෙත් දාන්ඩ යනගමං මෙහෙන් එනවා කිව්වා කීයක් හරි ඉල්ලගෙන යන්න. ත්‍රීවීලර් එකට දෙන්න සල්ලි නෑ කියලා.
හා, එන්න කියන්නකෝ.
* * *
හෙලෝ වීරරත්න
ආ මහත්තයා, මමත් මේ කතාකරන්ඩ කියලා හිටියේ. ෆෝන්එකේ සල්ලි ඉවරඋනා.
හා කමක් නෑ. කවදද දැන් වීරරත්න එන්නේ? තුවාලෙට බේත් දැම්මෙත් නෑ නේද ගියාට පස්සෙම? ඔය කිට්ටුව ඉස්පිරිතාලෙකින්වත් දාගන්න බැරිද ආපහු එනකල්?
දුරයිනෙ මහත්තයා, බුත්තලට යනකල් යන්න එපායැ. ආපහු එන්නවත් අතේ සල්ලි නෑ. පවුලගෙ නංගිට අස්වැසුම හම්බඋනාම ඒ සල්ලිවලින් තමයි එන්න වෙන්නෙ.
එතකොට තුවාලෙ?
ගෙදරදි හෝදලා බෙහෙත් දාගන්නවා මහත්තයා. කොහොමත් ඉස්පිරිතාලෙ ගියත් මම අරන් යන ක්‍රීම් එකයි සේලයින් වතුරයිනෙ දාන්නෙ.
* * *
හෙලෝ වීරරත්න, දැන් ගෙදර ඇවිල්ලද ඉන්නේ?
අනේ නෑ මහත්තයා. තව දවස් කීපයක් යයි එනකොට.
ඇයි, දැන් නංගිට අස්වැසුම හම්බවෙන්න ඇති නේද?
සල්ලි නං හම්බඋනා මහත්තයා. ඒ උනාට අපේ ගෙවල් ලඟ ගෑණුළමයෙක් වැඩිවිය පැමිණිලා. ඒ ළමයා නාවලා ගෙට ගන්නකං එන්න විදියක් නෑ. කිල්ලට අහුවෙන්න පුළුවන් කිව්වා. දවස් ගාණක් යනකල් පරිස්සම් වෙන්න එපායැ.
හා, කමක් නෑ. ඒත් පුළුවන් තරම් ඉක්මනට ඇවිල්ලා ඉස්පිරිතාලෙට ගිහිල්ලා බෙහෙත් දාගන්න.
* * *
තව ලියමු.
ReplyDeleteමට මතක් වුනේ හිඟන්නාගේ තුවාලය. 🤔
ReplyDeleteඇත්තටම උන දෙයක්!
Deleteඅම්මපා!😮
Deleteමෙතන සරලව හිනා වෙනවට වැඩිය දෙයක් තියනවා.🤔 ඔහොම්මම නූනත් , ඔය සිරි ලන්කන් ජානය මගේ ලඟත් තියනවා. දැන් මේ පාස්පෝට් එක ගන්න යන එක කල්දාලා තියෙන්නෙ, තැපැල් ස්ට්‍රයික් නිසා. තව ටික දොහකින් වින්ටරේ කලින් ආවොත් ඉතිං සැප කනේ.😋
බස්nස Canada වලද ඉන්නෙ?
ReplyDeleteකොන්ක්‍රීට්-වනන්තරේ බෙනයක වසනා
Deleteඅල්ලපු රටේ ට්‍රම්පුච්චට මම බැන්නා
ඉන්නෙ කොහෙද ඇහුවම, මට බය හිතුනා
ඔහේ ICE එකෙන් වත්ද, මට හිතුනා
අදයි මේ පැත්තේ ආවේ කාලෙකින්. රසවත් ලියමනක් වගේ. මට මතක් උනෙම හිඟන්නාගේ තුවාලය. ඊක නම් කවදාකවත් ම හොඳ වෙන එකක් නෙමෙයි ඕන්.
ReplyDeleteඅපොයි, වීරරත්නට ලොකු අසාධාරණයක් වෙලා වාගේ. කියන්න හදපු දේ පැහැදිළි කරන්න තව පෝස්ට් එකක් ලියන්න වෙනවා.
Deleteකවුද ඒකට විස බැඳලා , කිල්ලට අහු වෙනවා , මිත්‍යා මත . ඊට පස්ස එඔය තුවලෙන්ම මැරෙන්නත් පුළුවන් . ඇත්ත කතාවක් කියල මමත් විශ්වාස කරනවා . ලංකාවේ කියනේ ව ඇහුවම
ReplyDelete