රජතුමා ඉදිරියට යන්නට අවස්ථාවක් හිමිකරගත් වැඩකාර දේශප්‍රේමියෙක් සාක්කුවෙන් කොලයක් එලියට ඇදලා පෙන්නමින් මෙහෙම කිව්වා.
"ඔබවහන්සේ සතුටු වෙයි දැනගන්නට මා ළඟ සූත්‍රයක් තියනවා ලෝකයේ කිසිම තුවක්කුවකට සිදුරු කළ නොහැකි ආරක්ෂක තහඩුවක් නිමවීම සඳහා. රාජකීය නාවුක හමුදාවේ නැව් සඳහා මේවා යොදාගත්තොත් එම නැව්වලට කිසිම හානියක් කරන්නට බැරි නිසා අපරාජිතව සිටින්නට පුළුවන්. මේ තියෙන්නේ මෙම නිර්මාණයේ වටිනාකම සහතික කරලා ඔබවහන්සේගේ ඇමතිවරුන් විසින් සකස්කළ වාර්තා. මේකේ අයිතිය පවරාදෙන්නට කැමතියි මට ටුම්ටුම් මිලියන එකක මුදලක් ලැබෙනවනම්."
ලිපිලේඛන පරීක්ෂා කළ රජතුමා ඒවා පසෙක තබා ඔහුට පොරොන්දු උනා ටුම්ටුම් මිලියනයක් ගෙවීම සඳහා කප්පම් දෙපාර්තමේන්තුවේ මහ භාණ්ඩාගාරික ආදිපාදවරයාට නියෝග කරන බවට.
වැඩකාර දේශප්‍රේමියා තවත් සාක්කුවකින් තවත් කොලයක් ඇදල ගත්තා. "මේ තියෙන්නේ මම නිර්මාණය කළ තුවක්කුවක සැලසුම් සටහන්. ඒකෙන් පුළුවන් අර ආරක්ෂක තහඩුව සිදුරු කරන්න. ඔබගේ රාජකීය සහෝදරයා, බැන්ග් රාජ්‍යයේ අධිරාජයා ලොකු උනන්දුවක් පෙන්නුවා ඒක මිලදී ගන්න. ඒත් ඔබවහන්සේගේ සිංහාසනයටත් ඔබවහන්සේටත් මගේ තිබෙන පක්ෂපාතිත්වය මට බලකරනවා ඒක මුලින්ම ඔබතුමාට ගන්න අවස්ථාව දෙන්න කියලා. මිල ටුම්ටුම් මිලියන එකයි."
තවත් චෙක්පතක් ලැබෙන බවට ලද සහතිකයෙන් පසු ඔහු තවත් සාක්කුවකට අත දැම්මා. "මේ අතිශය ආකර්ෂණීය අවියේ මිල මීටත් වැඩිවෙන්න තිබුනා රජතුමනි, ඒත් මා සතුව ඇති විශේෂ තාක්ෂණයකින් එයින් නිකුත්වන මිසයිලවල මාර්ගය වෙනස්කරන්න පුළුවන් මේ තහඩුවල ආලේප කිරී. . . "
රජතුමා ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ළඟට කැඳෙව්වා.
"මේ මිනිහා පරීක්ෂා කර බලන්න. ඔහු කිව්වා. සාක්කු කීයක් තියනවද කියලා වාර්තා කරන්න."
"හතලිස් තුනයි රජතුමනි," පරීක්ෂාව සම්පූර්ණ කරලා ප්‍රධාන ආරක්ෂක නිලධාරියා කිව්වා.
භීතියට පත්වුන වැඩකාර දේශප්‍රේමියා, "ඔබවහන්සේගෙන් සමාව ලැබෙන්න ඕනෑ, එයින් එකක තියෙන්නේ දුම්කොළ." කියලා කෑගැසුවා.
"ඔය මිනිසාගේ වලලුකරවලින් අල්ලා අනිත්පැත්ත හරවා සොලවනු. ඉන්පසු ඔහුට ටුම්ටුම් මිලියන හතලිස් දෙකකට චෙක්පතක් නිකුත්කර ඔහු මරණීය දණ්ඩනයට ලක්කරනු. නිර්මාණ කෞෂල්‍යය මරණීය දණ්ඩනයෙන් වන්දි ගෙවියහැකි වරදක් බවට නියෝගයක් පනවනු." රජතුමා නියෝගයක් නිකුත් කළා.
Ambrose Bierce ගේ Ingenious Patriot කතාවේ පරිවර්තනයකි.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ්‍ය කාලෙත්, "වියත් මඟ" කියලා ඔහොම "වැඩකාර දේශප්‍රේමි" සැට් එකක්ම හිටියා. එයාල කරපු එකම දේ "කමිටු" විකුණලා මඩිය තර කරගත්ත එක විතරයි. රට බංකොලොත් වෙලා රජාට උන් හිටිතැන් නැති හරවලා, වැඩකාරයො සැට් එකම වාෂ්ප වුනා. දැන් ඔය ඉන්නෙ කසාය බීපු ගොලුවො වගේ.
ReplyDelete