රජවරු අනාගත්ත හැටි!

 

අනාගැනිල්ල රජවරුන්ට අළුත් දෙයක් නෙවෙයි කියලා අපි දන්නවනේ. ඒත් ඒක මේ විදියට සිනාවක් එක්ක ඉදිරිපත් කරන්න පුළුවන් අය හරි අඩුයි. එහෙම නිර්මාණකරුවෙක් තමයි ඇස්. ඒ. දිසානායක. බූ බබා, යෝධයා, පඬිතුමා වගේ කතා කියවන්න වාසනාව තිබුන අයට එස්. ඒ. දිසානායක කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ.  
මීට පෙරත් මේ වගේ එකක් මම දැම්මා. ඒක මෙතැනින් බලන්න පුළුවන්. 






ගත්තේ 1964 ක්වූ නොවැම්බර් 12 වැනි දින නවයුගය සගරාවෙන්

15 comments:

  1. ඔය ප්‍රශ්නෙ කතාව ලන්තෑරුම ක් වෙලා ගම තුම්පනේ වුන කතාව පොඩි කාලේ අහලා තියෙනවා. මොකක් හරි මෝඩ කමක් කරපුවහම උබ තුන්පනේද කියලා අහන්නෙ 😜😜😜

    ඒකට කැකිල්ල ගෑවුන කතාව නං අලුත්.

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ ආභාෂයෙන් වෙන්නැති ලියන්න ඇත්තෙ.

      Delete
  2. අජිත් ධර්ම කුමාර18 February 2026 at 13:53

    අනුර කුමාර මතක් උනා මේක කියෙව්වම.

    ReplyDelete
  3. හෙහ්, හෙහ් මේක නං නියමයි. කොහෙන්ද මේක හොයා ගත්තෙ?👌

    ReplyDelete
    Replies
    1. 'අනිච්චේ දුක්ඛේ' හොයාගත්ත තැනින්ම තමයි!

      Delete
  4. හෙත්, මීට වසර නවයකට ඉහත එනම් 2011 වසරේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පොතුපිටිය නම් ප්‍රදේශයේ සංචාරය කළ මට එහි ගැමියකු වෙතින් විස්මිත තොරතුරක් දැන ගත හැකි විය. එනම් බොහෝ දෙනකු නොදැන සිටිය ද කැකිල්ලේ රජුගේ රාජධානිය ඒ ආශ්‍රිත පොතුපිටිය, කැකිල්ලපිටිය, ගාලේවත්ත නම් ප්‍රදේශ ආශ්‍රිතව තිබූ අතර ඔහුගේ රජමාලිගය ඉලුඹකන්ද නම් වනය තුළ පිහිටා තිබූ බවකි.

    කලවාන, වැද්දාගල, පොතුපිටිය, සූරියකන්ද යන ප්‍රදේශ යා කරමින් සිංහරාජ වනය ආශ්‍රිත ඉලුඹකන්ද වනාන්තරය හරහා මාවතක් තැනීමට යන පුවත මුල් කොට 2011 වසරේ එම ප්‍රදේශයේ සංචාරය කළ මට පොතුපිටියේදී හමු වූ ගැමියකු කී එම ‘කැකිල්ලේ රාජ වෘත්තාන්තය’ හුදෙක් මා වෙත එල්ල කළ සරදමක්, උපහාසයක් හෝ ඇනුම්පදයක් විය හැකි යැයි මට සිතිණ. ඒ එම පාරිසරික පද්ධතිය මැදින් මාර්ගයක් තැනීම කෙරෙහි එවක එම ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු සාමාන්‍ය ජනතාවගෙන් කොටසක් කැමැත්ත පළ කළ බැවිනි.

    ‘කොළඹින් පරිසරේ ගැන කතා කරන්න එන මහත්තුරු නම් මේවට එන්නේ කෑම දිරවන්න; ඒත් අපි එපායැ ලුණු ටිකක්වත් ගන්න පාරක් තොටක් නැතුව මේවයේ දුක් විඳින්න” වයස අවුරුදු හැත්තෑ පහක් පමණ විය හැකි එම ගැමියා කැකිල්ලේ රජුගේ කතාවට කලින් මා හා එසේ ද කීය. නමුදු ඉන්පසුව ඔහු හෙළි කළ එම කැකිල්ලේ රාජ පුරාවෘත්තය “එහෙම් පිටින්ම කුණු ගොඩට දැමිය යුත්තක්” නොවන බව ඔහු එම කතාව මදින් මඳ හෙළිකරන අතරේ මට සිතිණ.

    එම ගැමියා වැඩිදුරටත් මා හා කී අන්දමට කැකිල්ලේ රජතුමා වත්මන් ඉලුඹකන්ද වනය තුළ පිහිටි මාලිගාවක වැඩ වෙසෙමින් රාජ්‍ය විචාළ බවට සාක්ෂි ඕනෑ තරම් ඇතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් නිසි විමසුමක් සිදුකොට නොමැත.

    එමෙන්ම කැකිල්ලේ රජු මුල් කොට ගත් ප්‍රවාද ආදියෙන් ඔහු තම ප්‍රදේශයේ ජීවත් වූ අයකු ලෙස හඳුන්වාදීම අන්‍යයන් වෙතින් තමන් වෙත උපහාසය යොමු කර ගැනීමක් බැවින් ඉලුඹකන්දේ රජ කම් කළ කැකිල්ලේ රජතුමා පිළිබඳ පුරාවෘත්ත පසුකාලීන ජන සමාජය මගින් සිතා මතාම යටපත් කරන්නට ඇති බව ඔහු ගේ විශ්වාසය විය.

    “අනික ඔය රාජධානිය තිබුණු ප්‍රදේශයට ඉස්සර තිබිලා තියෙන්නේ ‘කැකිල්ල’ සම්බන්ධ මොකක් හරි නමක්. ඒත් පහු කාලෙක දී ඔය කඳු ප්‍රදේශය විශාල ගිල්මක් ඒ කියන්නේ නාය යාමක් ඇවිත් පොළවට ගිලා බැහැලා තියනවා. ඊට පස්සේ ඔය ගිල්මකන්ද කියන නම තමයි පහුවෙනකොට ඉලුඹකන්ද වෙලා තියෙන්නේ, අදත් ඔය කන්ද ප්‍රදේශයේ කැකිල්ල කියන ගස් ජාතිය වැහි වැහැලා.” හෙතෙම කීය.

    දියසීරාව සහිත ලොම් පසෙහි බහුල වශයෙන් වැවෙන මීවන කුලයට අයත් කැකිල්ල (gleichenia lineris) ශාඛය සහිත එවන් උස්බිම් නාය යාම්, ගිලා බැසීම් ආදියට නතුවීමේ පහසු හැකියාවක් තිබේ.

    “ඔය කැකිල්ලේ රජ්ජුරුවන්ට ඒ නම පටබැඳිලා තියෙන්නෙත් බොහොම රසවත් සිද්ධියක් මුල්කර ගෙන;” එම ගැමියා වැඩිදුරටත් කීය.

    “ඔන්න ඔය කාලේ ඔය රජ්ජුරුවන් ගේ රාජධානිය බලන්න යාබද රාජ්‍යයක රජ කෙනෙක් ඇවිත් තියනවා. මේ රජ්ජුරුවන් ගේ සංචාරය මුල් කරගෙන තමන් ගේ රාජධානිය බොහොම ලස්සනට, පිළිවෙලකට තියා ගන්න කල්පනා කරපු මේ රජතුමා තමන් ගේ රාජධානියේ තියන වල්පඳුරු, කැකිල්ල ගස් අයින් කරලා පාරවල් බොහොම ලස්සනට කල එළියට තියන්න කියලා රට වැසියන්ට ආඥාවක් පනවලා තියනවා; ඉතින් රට වැසියොත් බොහොම වෙහෙස මහන්සි වෙලා රජ්ජුරුවෝ කියපු හැටියට ම ඒ කැළෑ එළිකිරීම් කළාය කියමුකෝ.

    පස්සේ මේ කටයුත්ත හරියට කෙරිල ද කියලා බලන්න රජතුමා ඒ ප්‍රදේශවල සංචාරය කරන කොට වැටහිලා තියනවා; රටවැසියෝ ඒ කටයුත්ත කරලා තියෙන්නේ ඕනෑවට එපාවට කියලා. ඉතින් ඒක රාජ ආඥාවක් කඩ කිරීමකුත් හින්දා රජතුමා ඒ ප්‍රදේශයේ ඉන්න හැමෝගෙන්ම දඩ මුදල් අය කර ගන්න කියලා රජ්ජුරුවෝ ඒ පැත්ත භාරව හිටපු මුදියන්සේ කෙනෙකුට නියෝග කළාලු. කොහොම හරි ඉතින් ඔය කියන යාබද රාජ්‍යයේ රජතුමන් මේ සංචාරය කළා කියමුකෝ. තමන් ගේ පැමිණීම වෙනුවෙන් ඒ පළාතේ තියන කැකිල්ල ගස් සේරම පිට්ටනියක් වගේ වෙන විදිහට එළිපෙහෙළි කරලා තියනවා දැකපු ඒ රජ්ජුරුවන්ට හරියට සතුටු හිතුණලු.

    එහෙම හිතපු ඒ රජතුමා කැකිල්ලේ රජ්ජුරුවන්ට කිව්වලු මේ කටයුත්ත යස අපූරුවට කරලා තියන නිසා මේ ගමේ මිනිස්සුන්ට මගේ ගාණෙත් මොකක් හරි තෑග්ගක් දෙන්න ඕනේ කියලා; මේක ඇහුවා විතරයි කැකිල්ලේ රජ්ජුරුවන්ට තරු පෙනුණා. මොකද ඒ කැකිල්ල ගස් හරියට සුද්ද නොකරපු හින්දා තමන් දඩ ගැහුවෙත් ඒ ගමේ මිනිස්සුන් ගෙන්ම හින්දා; ඒත්, ඉතින් කොහොමද යාබද රාජධානියේ රජ්ජුරුවන් ගේ ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරන්නේ; කොහොම නමුත් ඒ රජ්ජුරුවන් ගේ ඒ වැඩෙන් ඒ ප්‍රදේශයේ වැසියන් ගේ හිත් තුළ තමන් ගැන ඇතිවෙන අප්‍රසාදයට සමාන්තරව යාබද රාජ්‍යයේ රජතුමා ගැන ප්‍රසාදයක් ඇති වෙන බවත් කැකිල්ලේ රජ්ජුරුවන්ට තේරුණා.

    ඒ අනුව වහාම තමන් ගේ ඇමැති මණ්ඩලේ රැස් කරපු කැකිල්ලේ රජතුමා ඒ ගැන ඇමතිවරුන් ගෙන් උපදෙස් පැතුවා. එතකොට තමයි ඇමතිවරු කිව්වේ “ස්වාමිනී, ඕක සමහර විට යාබද රාජධානියේ රජතුමා මේ රාජධානියත් අත්පත් කර ගන්න අටවපු කුමන්ත්‍රණයක් ද දන්නේ නැහැ.
    https://lankanewspage.com/?p=17679

    ReplyDelete
    Replies
    1. මේ එකතු කිරීමට අජිත් අයියට ස්තූතියි. තිලක් සේනසිංහගේ ලිපිය සම්පූර්ණයෙන් මකියෙව්වා. යම් කිසිවක් සුරංගටත් එකතු කරන්න පුළුවන් ඇති.

      Delete
    2. ජනප්‍රවාදයක් ගොඩනැගෙන්න කුමක් හෝ සිදුවීමක් පාදක වෙනවා වගේ තමයි පේන්නේ. ඒක මතුකරගැනීම තමයි අසීරු.

      Delete
    3. ස්තූතියි. ලින්ක් එක දිගේ ගිහින් ඔක්කොම කියව්වා.🙏👌

      Delete
  5. ට්‍රම්පච්චියි අප්පච්ච්චියි මතක් වුනා

    ReplyDelete
  6. පරණ මිහිර පත්තරේකින් නේද//

    ReplyDelete
    Replies
    1. 1964 නොවැම්බර් 12 නවයුගය සඟරාවෙන්. අන්තිම පේළිය මගහැරිලා වගේ!

      Delete
  7. කතාව නම් මරු. මම මීට කලින් අහලා තිබ්බේ නෑ. බොහොම ස්තුතියි අපිව ආයෙමත් පුංචි කාලෙට අරගෙන ගියාට. මම ආසයි මේ වගේ රස කතා අහන්න කියවන්න.

    ReplyDelete